Category: සමාජ දේශපාලන


ඊයේ රාති‍්‍රයේ  12 ට පමණ මා නිදන්නට යනවිට හදිසියේම මට මගේ පැරණි මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහු සෑහෙන කාලයක් විදේශගත වී සිටි බව මා දැන සිටියත් අප අතර වැඩි කථාබහක් හෝ සමාගමයක් පැවතුනේ නැහැ. මා පුදුමයට පත්වූයේ ඔහු සෑහෙන කාලයකට පසු මට කථාකිරීම ගැනටත් වඩා, අවේලාවේ ඉතා හදිස්සියෙන්, කරදරයකින් මෙන් කථා කළ නිසා.

‘බුදු අම්මේ මාර කාලෙකින්නේ කථා කරේ. අනික මේ යක්කු ගස් යන වෙලාවේ? ඇයි මොකක්ද කාරණේ හදිස්සියක්ද?’ මම ඇහුවේ තරමක කුතුහලය මුසු හැගීමෙන්.
‘ඇයි ආරංචි නැද්ද?’ මිතුරා විමසුවේය. ‘මම හිතුවා උඹ දැනටමත් නිව්ස් එක දන්නවා ඇති කියලා’ ඔහු කී​වේය.
‘මොකක්ද ඔය ඔචිචර කලබල වෙන්න තරම් වෙලා තියෙන්නේ?’ මම ඇසුවෙමි.
‘ජැකා ට පිස්සු හැදිලා මචං’  ඔහු කිව්වේ තරමක වේදනාත්මක ස්වරයෙනි.
‘මොකාට පිස්සු හැදිල කියලද කිව්වේ’
‘ජැක්සන්ට බං අපේ ජැක්සන්ට’
‘මොන ජැක්සන්ද?  මටනං ඔය පරණ යාලූවන්ගේ නම්වත් මතක නෑ මචං.’
‘නෑ යකෝ මේ අපේ මහා කලාකරුවා ගැන මං කියන්නේ. අපේ ජැක්සන් ඇන්තනි.’
‘මේ අපේ ජැක්සන්ට? වෙන්න බෑ උඹට අමු කැවිලද කොහේද’ මම කීවෙම්.
‘හොඳයි උඹ විශ්වාස කරන්නේ නැහැනේ. මම ඇහින් දැක්ක හින්දනේ කියන්නේ. කොච්චර උනත් මචං අපි ඉස්සර මාර විදියට අගය කරපු ආස කරපු දක්ෂ මනුස්සයෙක්නේ. ඒකයි මම මේ වෙලාවෙම උඹට විස්තරේ කියන්න කථාකරේ. පව් බං, මට නං සංසාරේ කියලා හිතුණා.’
ඔහු කිව්වේ දැඩි වේදනාවක් මුසුවූ ස්වරයෙනි.
‘උඹට හොඳටම ෂුවර් ද?  මොකද උඹ කාලයක් ලංකාෙවි හිටියෙ නැති හින්දා වරද්දගෙනද දන්නෙ නැහැ.’
‘මට වරදින්නේ කොහොමද? මම මේ අද රූ ඉන්ටනෙට් එකෙන් ටී වී බලනකොට තමයි දැක්කේ.’
මට එකවරම සිනාගිය නමුත් මගේ මිතුරාට ඒ සිනහව එතරම් ඇල්ලූවෙ නැත. ඔහු තරමක් දැඩි ස්වරයෙන් කථාකරන්නට විය. ‘මචං කැත විදියට හිනාවෙන්න එපා. අපි කවුරුවත් හිතුවද ජීවිතේට ජැක්සන් වගේ මනුස්සයෙකුට පිස්සු හැදෙයි කියලා. කවුද දන්නේ හෙට අපිටත් පිස්සු හැදෙන්න පුලූවන්. එතකොටත් උඹ ඔහොම හිනාවෙනවද? උඹේ හිනාව සදාචාරාත්මක නෑ මචං.’

‘නෑ නෑ මම හිනාවුනේ ඒකට නෙමෙයි. උඹ කිව්වනේ දැක්කේ ටී වී එකෙන් කියලා. ඒකයි මට හිනාගියේ. ඒකනේ මම කිව්වේ නිකං කලබල වෙන්න එපා කියලා. උඹ ඔය කියන්නේ මහා සිංහලේ වංශකථාව බලල නේද? මිනිහට පිස්සු නෑ මචං ඒ හැටි.’
‘නෑ නෑ මහා සිංහලේ නෙමෙයි. මම ප‍්‍රංශෙ හිටියට නෙට් එකෙන් හැම සතියෙම ඒක බලනවා.’ ඔහු කිව්වේ තරමක් ජාතිකාභිමානයෙන් ඔදවැඞී ස්වරයෙනි.
‘ආ එහෙනං ඔය මැතිවරණ රුස්වීමිවල කථාකරනව බලල වෙන්න ඇති. නෙට් එකේ අප්ලෝඞ් කරල තියනව අම්බානකට’
‘නෑ මචං එහෙම එකක් නම් මම මෙච්චර කලබල වෙන්නෙ නැහැනේ.’
‘හරි හරි උඹ ඔය කියන්නේ අපේ සංස්ංකෘතිය ඉතිහාසය ගැන ටී වී චැනල් වල ජැක්සන් කථාකරන සංවාද අහගෙන ඉඳල නේද?’
‘උඹට පිස්සුද මචං. මේක වෙනම සීරියස් කේස් එකක්. ජෝක් එකකට ගන්න එපා. මිනිහට තදේටම පිස්සු. වැඩි එකක් තියා මිනිහ පැනල යයි කියල බයට හමු∞වෙ ඔෆිසර් කෙනෙක් ළග තියල තියෙන්නේ.’
ඒ කථාවෙන් මා මදක් ගැස්සී ගියේය.
‘හැබැයි මට තේරුණා යන විදියට මිනිහ නතරවෙන්නේ ඔතන තමයි කියලා. ඒත් මටනං තාම හිතාගන්න බැහැ ඔච්චර තදටම පිස්සුව ඔලූවට ගැහුවේ  කොහොමද කියලා?’
අනික ජැක්සන්ගේ හැටි දැක්කම දුකේ බෑ මචං. දන්නවනේ අපේ රටේ මිනිස්සුන්ට පිස්සෙක් අහුවුනාම කරන දේවල්.  මං හිතන්නේ මිනිහව අල්ලලා තට්ටෙත් ගාලාද කොහේද? කොහොමට හිටපු ගාම්භීර චරිතයක් ද?’
‘නිව්ස් වලටද පෙන්නුවේ?’ මම ඇසුවෙමි.
‘නෑ නෑ නිව්ස්වලට නෙමෙයි. මමත් අහම්බෙන් වගේ දැක්කේ. නැගෙනහිර පළාතේ කොහේදෝ ඈත පලාතක මුහුදක් අයිනේ තමයි හිටියේ.’
‘මුහුදක් අයිනේ?’
ඔව් එතන වෙරළ අයිනේ හැමොක් දෙකක් බැඳල තිබුණා. එකක හිටියේ මිනිහ පැනල යයි කියල බයට ආරක්ෂාවට දාපු හමුදාවේ ඔෆිසර්. ජැක්සන් හැමොක් එකේ හාන්සිවෙලා අහස දිහා බලාගෙන, මුහුදේ සද්දෙට වඩා සද්දෙන් කෑ ගහනවා.

‘මේක කුවේණි බිසවුන් වහන්සෙගෙ අඩවිය… අනේ විජය රජ්ජුරුවෝ බිසවුන්වහන්සේ පන්නල දැම්මනෙ දරු දෙන්නත් එක්ක. අනේ අපේ කුවේණි බිසවුන්නාන්සේ මහා හයියෙන් කෑ ගහල වැළපුණා. බිසවුන්වහන්සෙගේ වැළපිල්ල මේ ගහේ කොළේ තාම තියනවා. බිසවුන්නාන්සෙගේ ඒ වැළපිල්ල මේ ලූණු මිශ‍්‍ර හුළගේ මුහුවෙලා තියෙනවා. මේ මහා හුළං කෝඩය කෑ ගහල අඩන්නේ නිකංම නිකං නෙමෙයි. ඒ වේදනවා ඒ වැළපිල්ල මේ හැම හුළං පාරක් එක්කම ගහගෙන ඇවිත් මගේ කණේ තියනවා. ඉතින් දෙය්යනේ කුවේණි බිසවුන්නාන්සෙගේ ඒ වැළපිල්ල අහගෙන මං කොහොමද නිදහසේ නිදාගන්නේ? ඒත් මම නිදාගන්න එපායෑ. හෙට පාන්දරින්ම කුවේණි බිසවුන්නාන්සෙගෙ අඩවියෙ ඇවිදල අපේ අක් මුල් හොයන්නත් තියනවනේ.’

‘ඔන්න ඔය වගේ මහා විකාර කථා කියව කියව මිනිහ නින්දට ගියා. මට නම් මාර දුක්ක මචං දැනුනේ. බලපං මචං දක්ෂ අහිංසක මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ.’
‘ඉතින් අර හමුදා​වේ ඔෆිසර් මොකුත්ම කළේ නැද්ද?’
‘එයා කියලා මොනව කරන්නද මචං. මිනිහත් එපාවෙලා වගේ ඔහේ මුහුද දිහා බලාගෙන හිටියා.
‘උඹට සීයට සීයක්ම ෂුවර්ද ඒ හිටියේ ජැක්සන්මයි කියලා?’ මම ඇසුවේ මදක් අන්ද මන්ද වූ ස්වරයෙනි.
‘මට හොඳටම ෂුවර්. ඇයි මතක නැද්ද අපි ඉස්සර මිනිහ ඉන්න වේදිකා නාට්‍ය බලන්න පැල් බැඳගෙනනෙ යන්නේ. ඇයි උඹත් ගියේ.’
‘ඔව් ඔව්. ඒ හින්දම තමයි මම අහන්නේ. උඹට ෂුවර්මද මේ හිටියේ අපි ඉස්සර ආදරේ කරපු ඒ ජැක්සන්මද කියලා.’
‘මටත් මුලින් සැකයක් තිබුණා. ඒත් වැඩසටහන ඉවරවුනාම මිනිහගේ නම දැම්මා. ඒකෙන් පස්සේ තමයි මට හොඳටම ෂුවර් වුණේ.’
‘ඔහොම තමයි මචං ජීවිත. මේ හොඳට ඉන්නවා මේ පිස්සු හැදෙනවා. වෙච්ච දේ වුණා. මොනවයි කියලා කරන්නද ඉතින්? මට දුක මිනිහ පැනල යයි කියල ආරක්ෂාවට දාලා ඉන්න ඔෆිසර් ගැන. තව කොච්චර කාලයක් ඔය වැ​ඩේ කරන්න වෙයිද දන්නෙ නැහැනේ. එහෙම වුණොත් ෂුවර් එකටම මිනිහටත් පිස්සු හැදෙනවා.’

කතාව අවසන් කර මගේ මිතුරා හොටු හූරන හඩ මට හොඳින්ම ඇසුණා. පසුගිය කාලය පුරාම ලංකාවේ සිටි මට මෙවන් සෑහෙන කලාකරුවන් පිරිසක් පිස්සු හදා ගනු දුටු නිසා, ඒ දුක දරාගැනීම මටනම් එතරම්ම අමාරුවූයේ නැත. නමුත් මහා කලාකරුවකුට සිදු වූ මේ මහා ඛේදවාචකය යම් තරමකට මා සිත සලිත කළේය. අතීතයේ සිටි ගාම්භීරව යුක්තිය වෙනුවෙන් පෙනී සිටී, කලාවෙන් දේශපාලනය කළ ඒ කළාකරුවාට සිදුවූ මෙවන් අකල් විපත් කිසිදු කලාකරුවකුට සිදු නොවේවා.

අපේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක්. ඒකෙන් අදහස් වෙන්නේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අපි අත්සන් කරලයි තියෙන්නේ. ඒකට අත්සන් නොකර සංවිධානයේ සාමාජිකත්වය කිසිම රටකට හිමිවෙන්නේ නැහැ. එම ප‍්‍රඥප්තිය මගින් රටේ සහ රටේ ජනතාවගේ මානව හිමිකම් පිළිබඳව වගකියන්නට සහ සුරකින්නට  ඕනෑම පත්වෙන රජයක් බැඳී ඉන්නවා. එතකොට රජයකට හිතෙන හිතෙන විදියට මානව හිමිකම්වලට වැට බඳින්න බැහැ. මානව හිමිකම් උල්ලංඝනය කරන්නත් බැහැ. ඒත් මානව හිමිකම් කියන්නේ මොනවද කියල මෙලෝ මගුලක් නොදන්න කාටහරි තර්ක කරන්න පුළුවන් අපි මොකටද ඔය එක එක සංවිධාන වල කට්ටිය කියන විදියට වැඩ කරන්නේ මේක අපේ රටනේ කියලා. ඔව්, ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට බලෙන් ඇවිත් මේකට අත්සන් කරන්න කිව්වෙ නැහැ. මේක අපේ උවමානවට අපි විසින් අත්සන් කරපු දෙයක්. සහ එසේ අත්සන් කර තිබීම ඉතාම වැදගත් දෙයක්.

නමුත් ප‍්‍රශ්නෙ තියෙන්නේ, ඒ අදාළ ප‍්‍රඥප්තියට අදාළ මානව හිමිකම් අපේ ආණ්ඩුව විසින් රකිනවද? ඒ මානව හිමිකම් විඳගැනීමේ අයිතිය ජනතාවට ලැබෙනවද? කියන ප‍්‍රශ්ණේ. ඔව්, ඒක එහෙම වෙන්නෙ නැහැ. ඒ අයිතීන්ගෙන් දසමයක්වත් රකින්න ආණ්ඩුවට උවමානවකුත් නෑ. ඉතින් රජයක් මෙන්න මෙහෙම අත්තනෝමතිකව රට පාලනය කරනකොට ඇතිවෙන අහිතකර බලපෑම් නවත්තන්න තමයි මානව හිමිකම් සම්බන්ධයෙන් කි‍්‍රයාකරන, ඒ වෙනුවෙන් පෙනී සිටින, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන, රජයට බලපෑම් කරන, මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සහ සංවිධානයන් ඇතිවෙන්නේ. ඉතින් රජයකට මෙන්න මේ කියන මානව හිමිකම් සංවිධාන සහ කි‍්‍රයාකාරීන් හරිම හිසරදයක්. ඒ නිසා තමයි ආණ්ඩුව මානව හිමිකම් සංවිධාන සහ එහි කි‍්‍රයාධරයන්ට පන්න පන්නා පහරදෙන්නේ.  මොකද ඔවුන් හිටියෙ නැත්නම්  ඕනම ගේමක් ලස්සනට ගහල කිසි අවුලක් නැතුව ඉන්න පුලූවන්. මොකද ජනතාවට මේ ගැන කිසිම දැනීමකුත් නැහැ. ඒ නිසාම අවශ්‍යතාවයකුත් නැහැ.

මෙන්න මේ කාරණේ ගැන අපි යාලූවෝ කීපදෙනෙක් දවසක් කථාකරා. ඇත්තට මොකටද මේ මානව හිමිකම් ගැන කතා කරන, වැඩ කරන  පිරිස? රටේ මිනිස්සු මානව හිමිකම් කන්නද කියල අහන රටක, ඇයි මේ කීපදෙනෙක් විතරක් ජීවිතේ පරදුවට තියාගෙන මේ වෙනුවෙන් අරගල කරන්නේ, පෙනී සිටින්නේ, රජයත් එක්ක හැප්පෙන්නේ? මහ බොරු වැඩක්නේ. ඔව්, එහෙම හිතෙන එකේ එක අතකින් වැරැද්දක් නැහැ වගේ පේන්න පුලූවන්. මොකද හැමතැනම අප්සට් නේ. හැමතැනම අවුල්, හැමතැනම කුණුවෙලා. හැමතැනම මේ වැඩේ වෙනවා. හැමතැනම මානව හිමිකම් කඩවෙනවා. මිනිස්සු මරණවා, උස්සනවා, අතුරුදහන් කරනවා, හිතෙන හිතෙන වෙලාවට අත් අඩංගුවට ගන්නවා, හිරේ දානවා, ගහනවා, වද දෙනවා, ඒත් මිනිස්සු ඔහේ ඉන්නවා. මොකද මේක හරිම සාමාන්‍ය දෙයක්.  ඉතින් අපි මොනව කරත් වැඩක් නෑ. මොකද බහුතරයක් ඉන්නෙ මෙන්න මේ කුණුගොඩේ, ඒ හින්දා දැං ඒක ඒගොල්ලන්ට මේ ක‍්‍රමේ පත්තියම් වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් ගානට පත්වෙලා ඉවරයි.

හැබැයි වැඩිදෙනෙක් එහෙම ජීවත්උනා කියලා, හැමෝම ඒ ගොඩටම වැටිලා නිකංම නිකං කරබාගෙන හිටියොත් මොකද වෙන්නේ. තමන්ගේ ජීවිත පවා පරදුවට තියලා, මේ කීපදෙනෙක් කරගෙන යන කාර්යබාරයෙන් වැඩක් නැහැ කියල හිතන කට්ටියට මට කියන්න හිතුණ පුංචි කතාවක්. ඒක අපි හැමෝම අහල තියන කථාවක්. මඝ මාණවකයාගෙ කතාව.

විශාලා මහනුවර සිටි මහාලී කියන ලිච්ඡුවී රජතුමා එක දවසක් බුදු හාමුදුරුවෝ මුණගැහෙන් ආවා. එහෙම ඇවිත් ඇහුවා දෙව්ලොවට අධිපති ශක‍්‍ර දෙවියන්ගේ උපත සහ ඔහු ලබන උසස් වූ දිව්‍ය සම්පත්තීන් ගැන. ඒ වෙලාවේ මහාලී කියන ලිච්ඡුවි රජු අරභයා, බුදුරජානන් වහන්සේ දේශනා කළ කථාවක් තමයි මේ මඝ මානවකයාගේ කථාව. ‘මගධ කියන රටේ, මචල කියන නියම් ගමක එක්තරා තරුණයෙක් ජීවත්උනා. ඔහුගේ නම තමයි මඝ. මේ මඝ මානවකයා හරිම ධෛර්යවන්ත හොඳ ගතිගුණ තියෙන තරුණයෙක්. දවසක් මේ මානවකයා, ගමේ පැවැත්වෙන සැණකෙලියක් බලන්න ගියා. ගිහින් තමන්ට නිදහසේ හොඳින් සැණකෙලිය බලන්න පුළුවන් වෙන්න එක්තරා තැනක් තෝරාගෙන එතන හොඳින් පිරිසිදු කරල හදාගත්තා. එතැන පිරිසිදු කරල හදාගත්තට පස්සේ වෙන මිනිහෙක් එතනට ඇවිත් මඝ මානවකයා එළවල දාලා ඒ තැන අයිති කරගත්තා. මොකද එතන පිරිසිදුයි, පහසුවෙන් සැණකෙලිය නරඹන්නත් පුළුවන්. ඊට පස්සේ මඝ මානවකයා වෙනත් තැනකට ගිහින්, එතැන පිරිසිදු කරගෙන අර වගේම ලස්සන තැනක් හදාගත්තා. ඒ හදාගත්ත තැනටත් තවත් මිනිහෙක් ඇවිත් මඝ එතනින් එළවල දාලා ඒ තැන අල්ලගත්තා. මඝ මානවකයා කල්පනා කරා, කමක් නැහැ මේක හොඳ පුණ්‍ය කර්මයක් කියලා. ඊට පස්සේ එයා තැන් කිහිපයක්ම තනියෙන්ම පිරිසිදු කරල, ලස්සනට හදල මිනිස්සුන්ට නවතින්න දුන්නා. ඒ විතරක් නෙමෙයි, මං මාවත් හදල ඒවා පිරිසිදු කරල තමාගේ ගම ලස්සන කරන්න පටන් ගත්තා. මඝ මානවකගේ මේ වැඩේ ගැන පැහැදුණු තවත් සුළු පිරිසක්, එනම් 33 දෙනෙක්ගෙන් සමන්විත තරුණ පිරිසක්, මඝ තරුණයා එක්ක එකතුවෙලා මේ වැඩේට සහයෝගය දුන්නා. නමුත් අපේ ලංකාවේ වෙනව වගේම, මේ වැඩේට කොක්ක දාපු පිරිසකුත් හිටියා. මොකද මේ ගොල්ලො කරන මේ වැඩේ හින්දා මචාල ගමේ ගම්භාර නිළධාරීන්ට ලැබෙන ලාබ ප‍්‍රයෝජන නැතිවෙන්න පටන් ගත්තා.ඔවුන්ගෙ බලය අහිමිවෙන්න පටන්ගත්තා. මේ ගොල්ලන්ට මේක බලාගෙන ඉන්න බැරිඋනා. මේ කීප දෙනෙක් එකතුවෙලා කරන මේ සමාජ සද්කාර්යය නිසා, වැඩේ නිසා මචව කියන ගමේ තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් උනා. ඉතින් ගම්භාර නිළධාරී ටික එකතුවෙලා මේක නවත්තන්න විවිධ ක‍්‍රම සහ විධි කල්පනා කරා. එක්වරක්, මඝ මානවකයා සහ ඔහුට සහය දෙන අයව සුරාවට සූදුවට යොමුකරන්න උත්සාහ කළා. නමුත් ඒ උත්සාහය අසාර්ථක උනා. ඊට පස්සේ මඝ මානවකට සහ පිරිසට විවිධාකාරයේ බොරු චෝදනා ඉදිරිපත් කරලා, ඔවුන් නීතියෙන් යටපත් කරන්න හැදුවා. දස වධ දෙන්න සුදානම් උනා. නමුත් ඒ කිසිම චෝදනාවක් ඔප්පු කරන්න බැරි උනා. (කොච්චර අප්සට් තිබුණත් අඩු තරමින් මචාල ගමේ හොඳ අධිකරණ පද්ධතියක් හරි තිබිල තියෙනවා. නැත්නම් මඝ මානවක සහ පිරිස තවමත් හිරේ) ඒ හින්දා ඔවුන් නැවතත් එකතුවෙලා තමුන් කරගෙන ගිය වැඩ කොටස දිගටම කරගෙන ගියා. අන්තිමේ මචල ගම පිරිසිදු, රම්‍ය ගම්මානයක් බවට පත්උනා. ඉතින් මඝ මානවකයා අරඹපු අර කුඩා තැනින් ඔහු වැඩේ නතර කරල දැම්මනම්, මේ තත්ත්වේ උදාවෙන්නේ නැහැ. ඒ වගේම ඔහුට යම්කිසි පිරිසක් හෝ සහාය නොදුන්නානම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් තිබුණා.

ඉතින් මේ කතාවෙයි අපේ මානව හිමිකම් ගැන මුලින් කියූ කථාවෙයි කිසිම වෙනසක් මම නම් දකින්නේ නෑ, මොකද, මේ රටත් දැන් කුණුවෙන්න අවශ්‍ය සියළුම ආකාර වලින් කුණුවෙලා ඉවරයි. නමුත් මිනිස්සු ඒ කුණු ගොඩේ කුණු කකා හරි ජීවත්වෙනවා. කවුරුවත් කැමති නැහැ, පෙරමුණ අරගෙන මඝ මානවකයා කරපු දේ කරන්න. එහෙම ඉදිරිපත් උනත් ඒ ඉදිරිපත් වෙන අයට සහයෝගයක් දෙන්නවත් කවුරුත් කැමති නැහැ. මොකද, ඒක ලොකු රිස්ක් එකක්. ඊට වඩා හොඳයි තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන හිටියම. අනිත් කාරණේ තමයි, එහෙම ඉදිරිපත් වෙලා, ලංකාව ජීවත්වීමට වඩාත් සුදුසු තැනක් බවට නිර්මාණය කරන්න හදනකොටම, අර මඝ මානවක කථාවේ වගේම ඒ නිසා තම වරප‍්‍රසාද සහ බලය අහිමිවෙන පිරිසක් ඉන්නවා. එතකොට ඒ ගොල්ලොත් කරන්නේ, අර ගම්භාර නිළධාරීන් කරපු දේමයි. එක්කෝ යම්කිසි වරප‍්‍රසාද ලබා දීලා ඔවුන්ව තමන්ගෙ ඉත්තන් කරගන්නවා, එහෙම නැත්නම් බොරු චෝදනා දාලා කොහොම හරි වැඩේ නවත්තන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් දස වධ දෙනවා ලංකාවේ ඉන්න බැරිවෙන්නම. නැත්නම් ඉතින් ඉවරයක්ම කරනවා.

ඒත් අපි තදින් විශ්වාස කරන එක දෙයක් තියනවා. පිරිස සුළු වෙන්න පුළුවන්. වැඩි පිරිසක් මිනිස්සු වැඩේ එක්ක නැතිවෙන්නත් පුළුවන්. මානව හිමිකම් අපට කන්නද කියල මිනිස්සු අහන්නත් පුළුවන්, නමුත්, සුළුවෙන් හෝ එකින් එක හෝ අපි මානව හිමිකම් දිනාගත් දාට, ඒ මිහිරි අයිතිය භුක්ති විඳින්න මිනිස්සු රොඳ බැඳලා එකතුවෙනවා. මඝ මානවකයා තැනක් පිරිසිදු කරල හදල දෙනකං, මිනිස්සුන්ට එහෙම වැඩක් කිරීම මරු වැඩක් ලෙස පෙනුනෙ නෑ. සමහරවිට මිනිස්සු හිනාවෙන්නත් ඇති මඝ මානවකට, මොකක්ද මේ තනියම මැරීගෙන කරන විකාර වැඩේ කියලා. මොකද ඒ මිනිස්සු ඉන්නේ කැලේ. එහෙම නැත්නම්, කුණු ගොඩේ. එතකොට මිනිස්සුන්ට ලස්සන සහ කැත පිළිබඳව අදහසක් එන්නෙ නෑ. ඒත් තැනක් වෙන්කරල, ලස්සන කරල, ඉතා සුවපහසුවෙන් ජීවත්වෙන්න හැදුවට පස්සේ මිනිස්සුන්ට හිතෙනවා, අඬේ මේක මරු වැඩක්නේ කියලා. ඒ හින්දා, කවුරු මොනව කිව්වත්, මේ මානව හිමිකම් සම්බන්ධ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. මඝ කථාවේ ගම්භාර නිළධාරීන් වගේම අපේ ආණ්ඩුවත් මේ වැඬේට විරුද්ධ වෙන්නේ මේක ගැන නොදැන නෙමෙයි, දැනගෙන. ජනතාවටත් ඒ ගොල්ලො කියනව මෙන්න මේ මානව හිමිකම් කාරයෝ හින්ද අපට කෙළවනවා කියලා, එතකොට ජනතාවත් හිතනවා, මේ අපට කියන්නේ අපි හැමෝටම කියලා. නැහැ, මානව හිමිකම් තියෙන්නේ ජනතාවගේ ජීවිත වලට සුන්දරත්වයක් එක්කරන දෙයක් මිසක් කෙලවෙන දෙයක් නෙමෙයි. අපි තවම ජීවත්වෙනව කියන එකේ සැබෑ තේරුම දන්නේ නැහැ. මොකද අපි ඒ මිහිරි අයිතිය විඳල නැහැ. තමුන්ගේ මානව අයිතිවාසිකම් තේරුම් අරගෙන, ඒ නිදහස සැබෑ ලෙස භුක්ති විඳින්න ඉඩ ලැබුණු දවසට, මේ හැමෝම කථා කරාවී, අපරාදේ මෙච්චර කල් මේ කුණු ගොඩේ, කුණු පණුවො වගේ ජීවත්උනේ කියලා. ඒ හින්දා, දැනුවත් වෙන්න මානව හිමිකම් පිළිබඳව. තේරුම්  ගන්න තමන්ට ලැබිය යුතු වරප‍්‍රසාද සහ අයිතිවාසිකම්. කතා කරන්න ඒ ගැන. හැබැයි අපි අතින් ඉටුවිය යුතු යුතුකම් ගැනත් ඒ වගේම සවිඥාණික වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව අපට අයිතිවාසිකම් දිනාගන්න බැහැ.

එන්න, අපි හැමෝම එකතුවෙලා මේක සුද්ද කරමු. අර මඝ මානවකා කළා වගේ එක තැනකින් පටන්ගමු. ටිකෙන් ටික මේක ලස්සන කරමු. ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න උත්සාහ කරමු. එක පාරට හැමදේම වෙනස් කරන්න බැරිඋනත්, තම තමන්ගෙ පැත්තෙන් මානව හිමිකම් ගැන දැනුවත් වෙලා, තමන්ගෙ යුතුකම් ගැන දැනුවත් වෙලා, ඒ යුතුකම් ඉටුකරමින්ම තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත් වෙලා ඒ වෙනුවෙන් පෙනී සිටින්න ගත්තොත්, අපටත් ජීවත්වීම කියන්නේ මොකද්ද කියල දැනෙන විදියට ජීවත්වෙන්න පුළුවන්. ‘නිදහස’ කියන අර්ථය සැබැවින්ම අර්ථ ගැන්වෙන අපූරු රටක් පිළිබඳ මිහිරි සිහිනය යථාර්ථයක් කරගන්නත් පුළුවන්.

(විශේෂ ස්තූතිය – මඝ මානවක කථාවේ කරුණු සපයා දුන් පූජ්‍ය ලේල්වල අරියධම්ම හිමියන්ට)

අද දවස වෙනවිට ලංකාවේ බෝඩිංකාරයෝ විදියට ජීවත්වෙන පිරිස ගැන දළ අදහසක් හරි ඔබට තියනවද? ඇත්තටම කොච්චර පිරිසක් ඉන්නව ඇති කියලද ඔබ හිතන්නේ? ලක්ෂ 10 ක් එහෙමත් නැත්නම් ලක්ෂ 30 ක් නැත්නම් ලක්ෂ 50 ක්? නෑ, ඒ සංඛ්‍යාව ඔබ හිතනවට වඩා සෑහෙන්න ලොකුයි. මේ වෙනවිට ලංකාවේ ජීවත්වෙන බෝඩිංකාරයන්ගේ ගණන කෝටී 2 කට ආසන්නයි. ඒත් ඒක වෙන්න පුලූවන්ද? ලංකාවේ ජනගහණයත් කෝටී 2 කට ආසන්නයි. පුදුමයි නේද? පුදුම වෙන්න දෙයක් නැහැ? ඒක එහෙම වෙන්නේ අද දවස වනවිට ලංකාවේ කියන්නේ තව දුරටත් රටක් නොවෙන හින්දා. ලංකාව මේ වෙනකොට ‘රටක්’ කියන සංකල්පයෙන් විතැන් වෙලා‘රාජපක්ෂ වලව්ව’ බවට පත්වෙලා හමාරයි. ලාංකීය මහජනතාව කියල කියන කොට්ඨාෂය ඒ වලව්වට අයිති මහා ඉඩමේ තැන් තැන්වල අටවපු බෝඩිං වල ජීවත්වෙන ‘බෝඩිංකාරයෝ’ පිරිසක් විතරයි. ඇයි අපි එහෙම කියන්නේ. ඒක තේරුම්ගන්න හරිම ලේසියි. අද දවසේ ඔබ ලාංකිය පොළවේ පයගහල ජීවත්වෙන මනුස්සයෙක් නම්, තම තමන් ජීවත්වෙන විදිහ දිහා පොඞ්ඩක් හිතල බැලූවම මේ බෝඩිංකාර ජීවතේ ගැන හොඳටම වැටහෙන්න  ඕනේ.

රාජපක්ෂ පවුලේ අයයි, එයාලගේ නෑයොයි, වෙටි ඉන්න දැසි දස්සොයි, කොල්ලොයි බල්ලොයිලංකාව ඇතුළෙ ආතල් එකේ ගෙදර වගේ
ඉන්නෙත්, රට වැසියන් යයි සිතා සිටින අපි, බයෙන් බිරාන්ත වී කොයිවෙලේ මොනව වෙයිද කොයිවෙලේ දොට්ට දමයිද නොදැන කටවල් වහගෙන ඔහේ ඉලා ඉන්නෙත් අපි ජීවත්වෙන්නේ ‘රටක’ නොව ‘බෝඩිමක’ කියන කාරණය නිසා. අපි ඒක අංශ කීපයක් යටතේ තේරුම් කරල බලමු. බෝඩිම ගැන බෝඩිම් හිමියා කවදාවත් ඒ තරම් වදවෙන්නේ නැහැ. යාන්තං බිත්ති හතරක් අටවලා, වහලට මොනව හරි දාලා, කැඩිච්ච ඇඳක් දැම්මම බෝඩිංකාරයට ඒ හොඳටම ප‍්‍රමාණවත් කියල තමයි බෝඩිම් හිමියා හිතන්නේ. ඒකේ ජීවත්වෙන බෝඩිංකාරයා ඒක ඇතුළෙ ගෙවන ජීවන තත්ත්වය ඔහුට කොහෙත්ම අදාළ නැහැ. මාස 6 ක හරි අවුරුද්දක හරි ඇඞ්වාන්ස් එකයි, මාසික බෝඩිං ගාස්තුවයි වෙලාවට ලැබෙනවද, ලයිට් බිල්, වතුර බිල් වෙලාවට ගෙවනවද කියන කාරණය විතරයි ඔහු හොයල බලන්නනේ. ඉතින් ලංකාව කියන බෝඩිමේ ජීවත්වෙන බෝඩිංකාරයෝ විදියට අපිත් කරන්නේ අයිතිකාරයන්ට අසීමිත බදු ගෙවමින්, දරන්න බැරි ජීවන බර කොහොම හරි ඉවසගෙන ජීවත්වෙන එක විතරයි. අනිත් කාරණේ තමයි බෝඩිං ගාස්තු දවසින් දවස මාසෙන් මාසේ ඉහල යනවා මිසක් පහල බහින්නේ නැහැනේ.
ඒ වගේ තමයි අපේ බදු බරයි, බඩුවල බරයි දෙකම දවසින් දවස ඉහළ යනවා මිසක් කවදාවත් පහල බැහීමක් නම් වෙන්නේ නැහැ. බෝඩිං ගාස්තු කොච්චර ඉහළ ගියත් බෝඩිමේ තත්ත්වය වෙනස් නොවෙන්නා වගේම, අපි මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම කොතරම් බදු මුදල් ගෙව්වත් අපේ ජීවන තත්ත්වය එන්න එන්නම ප‍්‍රපාතයට ඇද වැටෙනවා මිස, කිසිදාක තිබුණු තත්ත්වයෙන් උසස් ජීවන තත්ත්වයක් අපට හිමිවන්නේ නැහැ. බෝඩිමක ජීවත්වෙනකොට අපි ජීවත්විය යුතු ක‍්‍රමයක් තියනවා. බෝඩිමේ ඉන්නවනම් අයිතිකාරයට  ඕන විදියට තමයි අපි ජීවත්වෙන්න  ඕනේ. මොන තරම් අප්සට් දේවල් සිද්ද වුනත්, ඒ ගැන කම්ප්ලේන් කරන්න, තමන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් ගැන කතා කරන්න බෝඩිංකාරයට බැහැ. එහෙම අයිතියක් තියනවා කියලා බෝඩිංකාරයා හිතන්නෙත් නැහැ. මොකද අයිතිවාසිකම් ගැන කථාකිරීම අයිතිකාරයට මළ පනින්න හේතුවෙන නිසා. බෝඩිං කාරයා තරහවුණොත් කොහෙන් කෙළවර වෙයිද කියල කවුද දන්නේ. ඒ නිසා කට වහගෙන කියන විදියකට ජීවත්වෙන එක තමයි නුවණට හුරු කියලයි හැමෝම හිතන්නේ. අපේ රට වැසියන් වැයි කියන සියල්ලන්මත් දැන් කරන්නේ ඒකම තමයි. තමන්ගේ අයිතිවාසිකම් කඩවුණත්, තමන්ට මොන විදියේ වැරුද්දක් වුණත්, ජීවත්වෙන්න කොයිතරම් අමාරු උනත්, කට වහගෙන අයිතිකාරයා කියන විදියකට කොහොම හරි ඔහේ ජීවත්වෙනවා. ඒක කොයිතරම් ෂෝක්ද?

සාමාන්‍යයෙන් බෝඩිමක අඩුපාඩු දහසකුත් එකක් තියනවා. ඒක ගැන ආයේ අමුතුවෙන් කියන්  ඕනේ නැහැනේ. ඒත් ඒ ගැන කථා කරොත් සාමන්‍යයෙන් අයිතිකාරයා අපට දෙන්නේ මෙන්න මේ වගේ උත්තර…..‘බෝඩිමේ මදුරුවො වැඩිය’ කිව්වොත් ‘ තමසෙට  ඕන්නං වත්ත සුද්දකරල දානවා’ කියයි. ‘සල්ලි තියනවනම් නෙට් එකක් ගෙනත් දාගන්නවා’ කියයි. ‘ඇයි දැන් ඔය  ඕනතරම් මදුරු කොයිල් තියෙන්නේ කඩවල’ කියයි. ‘කාමරෙ බල්බ් එකක් පිච්චුණොත්, නැත්නම් කරන්ටි අවුලක් උනොත් ‘තමුසෙට  ඕන්නං හදාගන්නවා නැත්නං කලූවරේ ඉන්නවා’ කියයි. ටැප් එකේ වතුර එන්නේ හිමින් කිව්වොත් ‘ඇයි තමසෙ ඉල්ලන්නේ දිය ඇල්ලක්ද?’ කියල අහයි. ලයිටි වලට, වතුර වලට අයකරගන්න ගාන වැඩියි කිව්වොත් ‘හැමතැනම මේ වගේ තමයි අය්සේ. අපි තමයි මෙහෙම හරි අඩුවට දෙන්නේ . ගෙවන්න බැරිනං ගනන් අඩුතැනක් හොයාගෙන යනවා’ කියයි. ඉතින් ලංකාව කියන බෝඞ්මෙත් අයිතිකරුවන්ගෙන් අපේ ප‍්‍රශ්ණ වලට ලැබෙන්නේ මේ වගේම උත්තර විතරයි.
බඩුමිල ගැන, ගෑස් මිල ගැන, පිටි මිල ගැන ඇහුවම බන්දුල ගුණවර්ධන පහුගිය කාලේ දුන්නෙත් මේ වගේම උත්තර තමයි. දැන් විමල් වීරවංශත් වැඩේට සපෝට් කරනවා. මිනිහ දෙන්නෙත් ඒ වගේ උත්තරම තමයි. ‘පිටි ත‍්‍රස්තවාදය” කියල අලුතෙන් ගෙනාවේ ඒ වගේ උත්තරයක් තමයි.
ලංකාවේ ඉස්පිරිතාල වල තියන අවුල් ගැන, ප‍්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්වීම ගැන, බෙහෙත් වල තියන අප්සට් ගැන, ඩෙංගුවලින් මිනිස්සු මැරෙන එක ගැන නිමල් සිරිපාල ලොක්කා  දුන්නෙත් මීට සමානම නැත්නම් මීටත් වඩා මඥ්ඥං උත්තරම තමයි. මොන අවුලක් ගැන කොච්චර කම්ප්ලේන් කරත්, අවසානයට අහන්න හම්බවුනෙත් ඉස්සරහට අහන්න අහම්බවෙන්නෙත් ‘තමසෙලට මේ විදියට ඉන්න පුලුවන් නම් ඉන්නවා, බැරිනම් බම්බුගහගන්නවා’ වගේ උත්තර විතරයි.

ඒ අපි කථා කළේ ජීවන තත්ත්වය සහ ජීවත්වීමේ අමාරුව ගැන විතරයි. ඊට වඩා බරපතල ලොකු අමාරුකම් බෝඩිං ඇතුළෙ සිද්දවෙනවා. බෝඩිමක ජීවත්වෙන මනුස්සෙයකුට මහන්සිවෙලා ගෙදර අවාම, සද්දෙට සිංදුවක් දාගෙන අහන්න බැහැ. නිදහසේ ෆිල්ම් එකක් බලන්න බැහැ. යාලුවො ගෙන්නගෙන පොඞ් ආතල් එකක් ගන්න බැහැ. බොන්න බැහැ. බීලා එන්න බැහැ. ? රෑ වෙන්න බැහැ. ? රෑ පාන්දර වෙනකන් ලයිටි දාගෙන ඉන්න බැහැ. මේ වගේ සංස්කෘතික ගැටලු රැසකට බෝඩිංකාරයා භාජනය වෙනවා. ඒත් ගෙවල් අයිතිකාරයටයි, එයාගේ පවුලේ අයටයි, නෑ හිතවතුන්ටයි, දැසි දස්සන්ටයි විතරක් නෙමෙයි, ලොක්ක්ගේ කකුල් ලෙවකන බල්ලන්ටත් බෝඩිංකාරයට නැති තරම් කැමති දෙයක් කිරිමේ මාර නිදහසක් සහ අයිතියක් ලැබෙනවා. ඒ හැමෝටම තමන් කැමති  ඕනේ දෙයක් තමන්ගේ ගෙදර වගේ ඉඳගෙන කරන්න පුලුවන්. කැමති දෙයක්, කැමති විදියකට, කැමති තැනක ඉඳන් බොන්න පුලුවන්. හිතුණොත් එළිවෙනකම් මහ සද්දෙට බජව් දාන්න පුලුවන්. කැමති කෙනෙක් ගෙදර එක්කං එන්න පුලුවන්. ජොලියක් ගන්න  ඕන නම් වටේම ඉන්න බෝඩිංකාරයන්ට ගිහින් පොඩි පාට් එකක් දාන්න පුලුවන්. මේ ආකාරයට  ඕනෑම ආතල් එකක් ගැනීමේ පූර්ණ අයිතිය ඔවුන් සතුව තිබෙනවා. ලංකාව කියන බෝඩිමේ වෙන්නෙත් ඔය ටිකම තමයි. අපේ වින්දනය අපේ කලචර් එක හැඩගැහෙන්  ඕනේ කොහොමද  කියල තීරණය කරන්නේ අයිතිකාරයයි, ඔහුගේ පවුලේ අයයි, හිතවත්තුයි. ‘මතට තිත’ කියල බොරු විකාර කථා ජනතාවට දාලා, අරලියගහ මන්දිරේට තමන් කැමති අය ගෙන්නල නාන්න බොන්න දෙන්නෙත්, මර්වින් සිල්වා කැළනියේ බාර් නීතිය කැලෑ නීතියක් කරගෙන පිස්සු නටන්නෙත්, මෙන්න මේ බෝඩිං යථාර්තය නිසාමයි. රූපවාහිනියේ පෙන්නන හැම මගුලකම සිගරට් බොන, අරක්කු බොන දර්ශනවලට කොටු දමමින්, සිප වැළඳගැනීම් කරන දර්ශන වලට කොටු දමමින්, නර්මාණයක් සැබෑ ලෙස රස විඳිමේ අයිතිය අමු අමුවේ මරා දමන්නේත්, ‘අක්ෂරය’ වැනි සිනමාකෘති වලට වැට බඳිමින් රජයට කඬේ යන සිනමාකරුවන්ගේ ඔල්මොරොන්දම් සිනමා කෘති ඇති පදම් ප‍්‍රමෝට් කරන්නේත්, අපි බැලිය යුත්තේ, ඇසිය යුත්තේ මොනවාද යන්න ඔවුන්ම තීරණය කරන්නේත් මෙන්න මේ බෝඩිං යථාර්තය නිසායි. අපේ සංස්කෘතිය, අපේ රසඥතාවය පිළිබඳ තීරණ සියතට ගනිමින්, AKON වැනි ලෝකප‍්‍රසිද්ධ ගායකයකු තමන්ගේ වීඩියෝ පටයක බදුන්ගේ පිළිමයක් පසුතලය කරගැනීම වැනි අතිශය සරළ හේතුවක් මත, එය බුදු දහම කෙළසීමට කරන ලද මහත් අගෞරවයක් යැයි කට මැත දොඩා, උද්ඝෝෂණ කර, මාධ්‍ය ආයතනව වලට පහරදී, ලංකාවට ගෙන්වීම තහනම් කරමින් ලාංකිකයට පුලුල් ගෝලිය වින්දන අවකාශයක් ලබන්නට තිබූ අතිශය දුලභ අවස්ථාව අහිමිකරන්නේත් තමන්ගේ බලය පෙන්විමේ තවත් එක් පියවරක් ලෙසිනි. ඒ පිළිබඳ මහා දේශනා දෙන ඔවුන්ම, රට තුළ බුදු පිළිමවල ශීර්ෂය බිඳ, විනාශ කොට තම මල්ල තරකර ගන්නේත්, හාමුදුරුවරුන්ට පහර දී, වෘෂණ කෝෂ මිරිකන්නේත්, ජනතාවගේ මුදලින්ම විදේශගතවී තමන් සහ තමන්ට හිතැති වන්දිබට්ටයන් සමගින් කැමති කැමති ලෙස ඇති පදම් ආතල් ගන්නේත් ඒ නිසායි.

ලංකාව කියන බෝඩිම ඇතුළේ ජීවත්වෙන බෝඩිකාරයන් වන අපිට අපි කැමති පිරිසක් එක්ක සමග එක්වී, අපට කැමති දෙයක් කරන්නටත් අයිතිකරුවන් ඉඩදෙන්නේ නැහැ. එය කොතරම් දුරට මර්ධනය කරලද කියනවනම්, අඩු තරමින් පෝස්ටර් එකක් ගසා හෝ විරුද්ධත්වය දක්වන්න බැහැ. එය එසේ කිරීම අනිත් බෝඩිංකාරයන්ට බාදාවක් කියලා ඔවුන්ම තීරණය කරලා එයට අවශ්‍ය නිසි බෙහෙත් පොලිසිය හෝ රජයේ මැරයන් මගින් ලබාදෙනවා. (හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල, තම රාජකාඣිය නිසි පරිදි ඉටු නොකර පිස්සු කෙළියේ, ජනතාවට බෙහෙත් දීම පොලීසිය සතු වගකීමක් යැයි වරදවා වටහා ගත් නිසායි.) මේ ආකාරයෙන් බැලූ කළ, ජීවන තත්ත්වය අතින්, අයිතිවාසිකම් අතින්, රසවින්දනය අතින්, පොදු පහසුකම් ලැබීමේ අයිතිය අතින්, අදහස් ප‍්‍රකාශකරීමේ අයිතිය ඈ සියලූම මිනිස් අයිතිවාසිකම් අද දවස වන විට රාජපක්ෂ වලව්වේ වෙසෙන බෝඩිංකරුවන් වන අපට අහිමි වී තිබෙනවා. නමුත් පැවසිය යුතු තවත් වැදගත්ම දෙයක් තියනවා.. එයනම්, මේ ඇතිවී තිබෙන තත්ත්වය ඇතුලු, ඉදිරියට සිදුවන්නට යන  මේ සියල්ලටම වගකිවයුතු වන්නේ අන් කිසිවෙකු නොව මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට පාර කැපූ ‘අපි අපිම’ බවයි. ඒ නිදහසේ තමන් කැමති ලෙස ජීවත්වීමේ සියලු අයිතීන් අප විසින්ම මල් වට්ට්යක තබා රාජපක්ෂ මහතා ඇතුලූ ආණ්ඩුවට පූජා කළේ අපි අපිම නිසායි. අප සතු වූ සියලු වත්කම් සහ අයිතීන් සියල්ල සින්නක්කර ඔප්පුවකින් ඔවුන්ට ලියා අයිතිය ලබා දුන් නිසායි. ඒ බෝඩිංකරුවන්ට කිසිදු අයිතිවාසිකමක් නැතැයි, සියල්ල උහුලා, කට බලියාගෙන තවමත් ඔහේ ඉන්නා නිසායි. ඒ, රාජ්‍ය මර්ධනය, දූෂණය, සහ නාස්තිය ඇතුළු මේ සියලු ව්‍යසනයන් සියැසින්ම දකිමින් සාධුකාර දෙමින්, රජ ගුණ වයමින්  තවමත් වන්දනාවේ යන නිසායි.
රාජපක්ෂ වලව්වට ජයම වේවා… කටක් තිබෙන්නේ කන්න පමණක්යැයි සිතා සිටිනා බෝඩිංකරුවන්ට තව තවත් කෙලම වේවා..

එකෝමත් එක රටක තිබුණා පොකුණක්. ඒපොකුණට රාක්ෂකයෙක් අරක්ගෙන හිටියා. ඒහින්දා ඒපොකුණේ දිය බොන්න කිසිම සතෙක් සිව්පාවෙකුට ඉඩක් ලැබුණෙ නැහැ. එක්තරා වඳුරු කණ්ඩායමක නායක වඳුරා මේ ගැන හොඳින් නිරීක්ෂණය කරා. සත්තු පොකුණට ගියපු අඩිපාරවල් නම් තියනවා. නමුත් නැවත පොකුණෙන් ගොඩට ආප අඩි සළකුණු නම්නැහැ. වඳුරු නායකයා තේරුම්ගත්තා මේපොකුණෙ යම් අනතුරක් තියනවාකියලා. වඳුරු නායකයා තමන්ගේ කණ්ඩායමත් එක්ක කැලේට ගිහින් බට පඳුරකින් බට කඩාගෙන ඇවිත්, පොකුණ ආසන්නයේ තිබුණු ගස් උඩට නැගල පොකුණට බටේ දාලා වතුර බ්ව්වා. වඳුරු නායකයාගේ දී ස්ථානෝචිත ප‍්‍රඥාව නිසා වඳුරු කණ්ඩායම රාක්ෂයාගෙන් බේරුණා. මේසාරාංශ ගත කළේ නළපාන ජාතකය කියල අපි හැමෝම දන්නවා. ඉතින් නළපාන ජාතකයයි අද දවසේ අපේ ජීවිතයයි අතරෙ තියන සම්බන්දෙ මොකක්ද? ඒ සම්බන්දය පැහැදිලි කරන්න තමයි නළපාන ජාතකය සාරාංශගත කළේ.

අපි අද දවසේ ලාංකීයදේශපාලනයේ හැසිරීම් රටාව සහ ලාංකීය මිනිසුන්ගේ හැසිරීම් රටාව ගැන සලකා බැලූවම මේ සම්බන්දය මොකක්ද කියලා හොඳින්ම පැහැදිලි වෙනවා. ලංකාව කියන්නේ ලස්සන පොකුණක්නම්, ඒ පොකුණ අපි හැමෝටම අයිති එකක්. අපි හැමෝටම අයිතියක් තියෙනවා පොකුණට බැහැල නාන්න, දියබුං ගහන්න, වතුර බොන්න, රෙදි හෝදගන්න, කැමති තැනකට පීනන්න. ඒත් අපිට අපි කැමති හැමදේම කරන්න තිබෙන අයිතිය දැන් අපට අහිමිවෙලා ඉවරයි. එහෙම වෙන්නේ, ඒ පොකුණෙ රාක්ෂයින් එකෙක් දෙන්නෙක් නෙමෙයි, සෑහෙන්න පිරිසක් අරක්ගෙන ඉන්න නිසා.

එතකොට අපි මොකද කරන්නේ? අපි කොහොමද අපට තියන මේ එකම පොකුණෙන් වතුර නොබී ජීවත්වෙන්නේ. එක්කෝ අපි වතුර නැතුව මැරෙන්න  ඕන. එහෙම නැත්නම්  ඕන දෙයක් වෙච්චදෙන් කියල ලොකු අවදානමක් අරගෙන වැවට බහනින්න  ඕන. හැබැයි ප‍්‍රශ්ණයක් තියනවා. මීට කලින් එහෙම අවදානමක් අරගෙන පොකුණට බැහැපු එකා දෙන්නාගේ ගියපු අඩි සළකුණු මිසක් ආයිමත් ගොඩට ආපු අඩි සළකුණු නම් නැහැ. ඒ දේවල් දැන දැනත් තවමත් වැවට බැහැල රාක්ෂයන්ට අභියෝග ඛරන මිනිස්සු ඉන්නවා. ඒ අතරෙ අති බහුතරයක් නළපාන ජාතකයේ වඳුරො රංචුව වගේ ෂේප් එකේ පැත්තකට වෙලා ඉඳන් බටදාලා යාන්තං වතුර ටිකක් බොනවා.

ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක්, තමන්ගේ ජීවිතෙට ඉතාම දරුණුවටම දැනෙන ප‍්‍රශ්ණ සම්බන්දයෙන් කි‍්‍රයාකරන්නේ මෙන්න මේ ෂේප් න්‍යායෙන්. තමන්ගේ වැඬේ යාන්තං කොහොමහරි කරගන්න පුලූවන්නම්, ඒ හොඳටම ප‍්‍රමාණවත්. ප‍්‍රශ්ණෙට උත්තරයක් හොයන්නෙවත්, හොයන්න උත්සාහ කරන්නෙවත් නෑ. අඩු තරමින් ප‍්‍රශ්ණෙට උත්තර හොයන්න හදන අනෙක් මිනිස්සුන්ට වචනයකින්වත් සහයෝගයක් දෙන්නෙ නැහැ. ෂේප් එකේ පැත්තකට වෙලා ඉඳගෙන බටයක් දාලා වැඬේ කරගන්නවා. ප‍්‍රශ්ණෙට උත්තර හොයන්න යන මිනිස්සු අර විලේ ඉන්න රාක්ෂයා කනවා.

ආණ්ඩුවේ ආයතනයකට වැඩක් කරගන්න ගියහම එතන තියන   ගැන කවුරුවත් වදවෙන්නෙ නැතුව, ඒ ගැන කථාකරන්නෙ නැතුව ෂේප් එකේ අත යටින් ගානක් දීලා තමන්ගෙ වැඬේ කොහොමහරි කරවගන්නවා. ඊටපස්සේ එළියට ඇවිල්ල බනිනවා, මුන්ට හෙණ ගහන්න  ඕන කියලා. ප‍්‍රශ්ණෙ ගැන ඇතුළෙදි ඇත්තටම ප‍්‍රශ්ණ කරන මනුස්සයගේ වැඬේ ඉතින් ජීවිතේට කෙරෙන්න නැහැ.

බස් එකේ යද්දි හරක් පටවල වගේ කිසිම ගාණක් නැතුව කොහොමහරි එල්ලිලා යනවා. බස් එක ඇතුළෙදි ඒ සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නේ නැහැ, මොකද කථා කළොත් කොන්දොස්තර කණට දෙකක් ගහල බස් එකෙන් එළියට දානවා. ඒහින්දා අර තනි කොන්දට බයේ, හිමින් මුණු මුණු ගගා ඉඳලා, බැහැල යන ගමන් බනිනවා බස්කාරයටයි, ඩ‍්‍රයිවර්ටයි, කොන්දොස්තරටයි, ඒගොල්ලන්ගෙ දෙමව්පියන්ටයි අම්ම මෝ නැතිවෙන්න. ඒ වගේම නිකමට හරි එකම එක මනුස්සයෙක් හරි බස්එක ඇතුළෙදි මේකට විරුද්ධව කථා කළොත්, මිනිහට කොන්ද දෙකක් දීලා බස් එකෙන් බස්සනකොටත් මේ නපුංසක මිනිස්සු ඔහේ බලන් ඉන්නවා. නිකමට හරි බස්එකේසෙනග තීරණය කළොත්, අපි මේ බස් එකේ යන්නෙ නැහැ, අපි බහිනවා, දෙනව අපි ඔක්කොටම අපේ සල්ලි ආපහු කියලා, ඩ‍්‍රයිවර්ටයි කොන්දොස්තටරයි වහකන්න තමයි වෙන්නේ. මොකද ඒ ගොල්ලො පිනට කරන වැඩක් නෙමෙයිනෙ මේ, ජනතාවගේ මුදලින් තමයි ඒ අය ජීවත්වෙන්නේ. අනික එතන ඉන්නෙ දෙන්නයි, බස් එකේ ඉන්නවා දාහක් විතර හරක් වගේ පටවපු සෙනග. ඒත් මිනිස්සු තෝරගන්නේ කොහොම හරි පරක්කු නොවී තමන්ගෙ ගමන යන්න  ඕනේ කියන ෂේප් න්‍යාය. ජනතාව එකමුතුවෙලා ඒ වගේ එඩිතර තීරණයක් ගත්තනම්, ඉදිරියෙදි, බස්එකක ගෙනයන්න පලූවන් නියමිත මිනිස්සු ප‍්‍රමාණයක් ගැන තීරණයක් ගැනීම වගේම, හැමතැනම නවත්ත නවත්ත කොට කොට යන එක පවා නවත්තගන්න තරම් බලයක් මගී ජනතාවට ලැබෙන්න ඉඩ තිබෙනවා. එහෙම වුණොත් ඒ වාසිය ලැබෙන්නෙ අපි හැමෝටමයි කියල කවුරුවත් හිතන්නේ නැහැ.

පොලිස් කාරයෙක් දාහක් සෙනග ඹැද්දෙ කාටහරි මනුස්සයෙකුට කණට ගහනකොට, ගුටි කන මිනිහ විතරක් නෙමෙයි, වටේ පිටේ ඉන්න අනිත් මිනිස්සු පවා වචනයක් නොකියා ගොළුවො බීරෝ වගේ ඔහේ බලන් ඉන්නවා. මිනිහෙකුට එහෙම නිකරුණේ පහරදෙන්න කිසිම අයිතියක් නැහැ කියල සහ, ඒක පොලිස්කාරයගේ වැඩ තහනම් කරන තැනට පවා ගෙනියන්න පුලූවන් වැරුද්දක් කියලා කිසිකෙනෙක් කථාකරන්නෙ නැහැ. මොකද කථා කරොත් සමහරවිට ගුටි කන්න වෙයි කියලා, නැත්නම් කට උත්තර දෙන්න, සාක්කී දෙන්න, පොලීසි උසාවී ගානේ රස්තියාදු වෙන්න වෙයි කියලා හිතලා. නමුත් ඒ වගේ සිදුවීම් කිහිපයකට ජනතාව එකතුවෙලා නිසි ප‍්‍රතිචාර දැක්වුවොත්, ඉස්සරහට පොලිස්කාරයා පවා සාමාන්‍ය මිනිහෙකුට අත උස්සන්න කලින් දෙපාරක් හිතනවා. මනුස්සයෙකුට මනුස්සයෙක් විදියට සලකනවා.

මේවගේ දාහක් උදාහරණ ගෙනහැර පාන්න පුලූවන් අද දවසේ ලාංකිකයාගේ ෂේප් එකේ ජීවත්වීමේ හෙවත් බටයක් දමා වතුර බීමේ න්‍යාය ගැන. මොකද අපි ජීවත්වෙන ලංකාවේ උඩ ඉඳල පහලටම අපිට දකින්න ලැබෙන්නෙ මෙන්න මේ වගේ තත්ත්වයක්. අපි ඇත්තටම ‘ජීවත්වීම’ කියන දේ සහ ‘නිදහස’ කියන දේ තේරුම ගැනවත් කිසිම අවබෝධයක් නැති ජාතියක්. අපට තියෙන්නේ ඒ වචන විතරයි, ඒකේ සැබෑ අර්ථය නැහැ. එහෙම අවබෝධයක් තිබුණානම්, මෙහෙම තත්තවයක් උදාවෙන්නත් බැහැ. මිනිස්සු කීප දෙනෙකුට විතරක් පොකුණ අරක්ගත්ත රාක්ෂයෝ වගේ ඉඳගෙන ජනතාවට පාට් දාන්න තරම් බලයක් ලැබෙන්නෙ නැහැ. අද දවෙස් ලංකාව ඇතුළෙදි අපි ජීවත්වෙන්න  ඕන මොන විදියටද, හිතන්න  ඕන මොන විදියටද, ලියන්න  ඕන මොනවද, බලන්න  ඕනෙ මොනවද, කන්න  ඕන මොනවද, බොන්න  ඕන මොනවද, හිනාවෙන්න  ඕන කොහොමද වගේ හැමදෙයක්ම තීරණයකරන්නෙ මේ විල අරක්ගත්ත රාක්ෂයින්.

මේ කතාව කිව්වට පස්සෙත්, ගොඩ දෙනෙක් තර්ක කරන්න පුලූවන් මෙන්න මෙහෙම. ‘රාක්ෂයන්ට අභියෝග කරන්න ගිහින් මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවනව අපි දැකල තියනවා. ඒක මහ මෝඩකමක්.’ ‘ඔව්, ප‍්‍රශ්ණ තියෙනවා තමයි, ඒත් ඉතින් ෂේප් එකේ හිටියොත් අවුලක් නැතුව කොහොම හරි නොමැරි ඉන්න පුලූවන්නේ.’ ‘ඇයි මේ ගොන් වැඩ කරන්නෙ නැතුව අපි වගේ ෂේප් එකේ බටයක් දාලා වතුර ටිකක් බොන්නෙ නැත්තේ කියලා.’

නළපාන ජාතකයෙදි වඳුරු නායකයා ගත්ත තීරණයෙ දී ඒක ‘ස්ථානෝච්ත ප‍්‍රඥාව’ බව ඇත්ත. මොකද වඳුරන්ට  ඕන වුනේ වතුර ටිකක් බීලා යන්න විතරයි. ඒත් අපිට එහෙමද? වතුර ටිකක් බොනවට වඩා වැවෙන් කොච්චර වැඩ ගන්න තියනවද අපිට. අපි වඳුරො නෙමෙයිනේ. අපි මිනිස්සු. එතකොට අද දවසේ මේ වැවේ තැන් තැන්වල ගස් වලට නැගලා හැංගිලා බට දාලා වතුර බිබී ෂේප් එකේ ඉන්න මිනිස්සු හිතනව නම් ඒ ගොල්ලන් කරන වැෙඩි තමයි මේ වෙලාවෙ නුවණට හුරු වැඬේ, එහෙම නැත්නම් ‘ස්ථානෝච්ත ප‍්‍රඥාව’ කියලා, අපිට කියන්න වෙන්නේ ඔයාලා මිනිස්සු නෙමෙයි වඳුරො කියලා.

අපි හැමෝම පැහැදිලිවම දන්නව මෙතනලොකු අනතුරක් තියනවා. තියනවා විතරක් නෙමෙයි අනතුර දිනෙන් දින වැඩෙනවා. හරියට රාක්ෂයා එන්න එන්න ලොකු වෙනව වගේ. ඒ වගේම ෂේප් එකේ බට දාගෙන වතුර බොන්නෙ නැතුව රාක්ෂයාට අභියෝග කරන්න උත්සාහ කළ මිනිස්සුන්ට වෙච්ච දේ පවා අපි දන්නවා. ඔවුන් විලට ගිය අඩි සළකුණු හැර නැවත ගොඩට ආපු සළකුණු නැත හින්දා. මොකද අපි ඉහත කතා කළ අනිත් සෑම ප‍්‍රශ්ණයදීම වගේ, තනි තනිව සටන්කරල අයිතීන් දිනාගන්න බැහැ. නමුත් අපි හැමෝම ඇත්ත ප‍්‍රශ්ණෙදි එකතුවෙලා ඊට විරුද්ධව සටන් කළොත් අපිට  ඕනෑම යකෙක් රාක්ෂයෙක් පරද්දන්න පුලූවන්. එහෙම පරද්දල විලේ සැබෑ අයිතිය රාක්ෂයන්ගෙන් ජනතාවට ලැබුණු දාට, යාන්තං බට දාලා හැංගී හැංගී වතුර ටිකක් බීලා සැනසෙනවා වෙනුවට, කිසිම බයක් සැකක් නැතුව වැවට බැහැල දිය බුං ගගහ නාන්න, කැමති කොණකට නිදහසේ පීනන්න, ඇති තරම් වතුර බොන්න, ඔරු පදින්න, මෙකී නොකී හැමදේම කරන්න අපිට අයිතිය ලැබෙනවා. ‘නිදහස’ කියන්නේ ඒකට. එහෙම නැතුව පෙබරවාරී 4 වෙනිදට ගෙදර සිංහ කොඩියක් දාන එකට නෙමෙයි.

ඒනිසා කවුරුහරි අපි වෙනුවෙන් සටන් කරනතුරු හැංගිලා බලන් ඉඳලා, ඒ මනුස්සයා රාක්ෂයා කද්දි සද්දනැතුව කටවහගෙන තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව, නැගී සිටින්න මේ තමයි කාලය. ජීවිතේ දිනාගන්න සටන් කිරීම ෂේප් එකේ බටයක් දාලා වතුර බොනව වගේ ලේසී වැඩක් නෙමෙයි. සමහරවිට ඒ සටනෙදී අපට අපේ ජීවිතය පවා අහිමිවෙන්න පුලූවන්. නමුත්, ඒ දිනාගන්නා ‘සැබෑම නිදහසේ’ මිහිරි අයිතිය අපෙන් පසු ජීවත්වෙන පරපුරක් හෝ හිත පුරා විඳීවී.

මමයි මගේ හිතවත් මිත‍්‍රයෙකුයි මහජන පුස්තකාලෙ පහුකරං යද්දි දැක්කා තියනවා පොත් සේල් එකක්. ඉතිං අපි දෙන්නත් දනි පනි ගාලා බස්එකෙං පැනල නිකමට වගේ ගියා ඒ පැත්තට. ඒක ඒ තරම් ලොකු සේල් එකක් නෙමෙයි, ඒත් එතන තිබුණා අපි පුංචි කාලේ කියවපු රුසියානු ළමා කතා පොත් කීපයක්. ඒ අතරින් මගේ පි‍්‍රයතම පොතක් වෙච්ච හත්පෙති මල මට දැක්ක ගමං ආයෙත් ගන්න හිතුණා. ඒක ඒ තරමටම හිතට වැදිච්ච කතාවක්. මගේ යාලූවත් පොඩි කාලේ ඒ පොත කියවල තිබුණා. ඉතිං ඒ පොතයි තව පොත් කීපෙකුයි අරගෙන අපි දෙන්න ඇවිදගෙන ආවා සමර් ගාඞ්න් එක පැත්තට. ඒ යන අතරෙත්, ගිහිල්ලත් අපි කතාඋනේ ඉස්සර අපි කියවපු ලස්සන රුසියානු පොත් ගැන.

‘ඇත්තටම හත්පෙති මල කොයිතරම් ලස්සන කතාවක්ද?’ මගේ යාලූවා කිව්වා. ‘හැබැයි ඒ කතාවේ ගෑණු ළමයා හරි මෝඩයි එක අතකිං.’ යාලුවා කිව්වා
‘ඇයි ඔයා එහෙම කියන්නේ?’ මං ඇහුවා.
ඇයි මචං, මට ඔය මල හම්බඋනානම් මමනම් කරන්නෙ ඇති තරම් පිස්සු කෙළල, අන්තිම පෙත්ත කඩල කියනව මට ඒ ජාතියෙ තව මලක්  ඕනෙ කියලා. ඒක ඉවරවෙනකොට ආයෙ මලක් ඉල්ලනවා. එතකොට මැරෙනකන්ම මට  ඕන දේ කර කර ඉන්න පුලූවන්නේ. ඔහු කිව්වා

ඒ වෙලාවෙ තමයි මට කල්පනා උනේ ඇත්තටම ඇයි ලංකාවේ ඒ වගේ කතන්දරයක් ලියවෙන්නෙ නැත්තෙ කියලා. ලියවෙන්න විදියක් නැහැ. අපි ඇයි ඒ කියල කියන්න කලින්, මං හත්පෙති මල කතාව කෙට්යෙන් කියන්නම්.

හත්පෙති මල කියන පොතේ ඉන්නවා ‘ෂේන්යා’ කියලා පුංචි ගෑනු ළමයෙක්.
ඈට හම්බවෙනව මේ අරුම පුදුම හත්පෙති මලක්. ඒ මලේ එක පෙත්තක් කඩලා ඈ යමිකිසි වරයක් ඉල්ලූවම ඈට ඒක ලැබෙනවා. ඒක පුදුම බලගතු මලක්. ඈට කරන්න තියෙන්නෙ මල් පෙත්තක් කඩලා මෙන්න මෙහෙම කියන එක විතරයි,

මල් පෙත්තේ මල් පෙත්තේ
උතුරු දෙසට දකුණු දෙසට
බටහිර හා නැගෙනහිරට
කැරකී කැරකී මෙහැම දෙසට
මකියන දෙය කරදෙන් මට

ඊට පස්සෙ ඈට අවශ්‍ය  ඕනම දෙයක් කිව්වම ඒක ඈට ලැබෙනවා.

එක පාරක් ඈ කියනවා ලෝකේ තියන ඔක්කෝම සෙල්ලම් බඩු තමන්ට ලැබෙන්න  ඕනෙ කියලා. මෙන්න බොලේ ලෝකේ හතර දිබ්බාගෙම තිබෙන සෙල්ලම් බඩු ඔක්කොම ඇගේ නිවසට ගලාගෙන එන්න ගන්නවා. ඒක නවත්තගන්නම බෑ. එනවා එනවා ඉවරයක් නැතුව. ගෙදර පිරිලා ඉතිරිලා පාරවල් පවා පිරෙනවා. අන්තිමේ ඈට ඒක කරදරයක් වෙනවා. ඉතිං ඈ තව පෙත්තක් කඩල කියනවා මේ සේරම ආපහු තිබුණු තැන්වලටම යවන්න කියලා. දැං පෙති දෙකක්ම ඉවරයි.

තවත් වතාවක් ‘ෂේන්යා’ කියනවා ඇයව උත්තර ධ‍්‍රැවයට යවන්න කියලා, ඈ එහෙම කියන්නෙ උත්තර ධ‍්‍රැවය කියන සෙල්ලම කරපු ළමයි වගයක් ඈව ඒ සෙල්ලමට ගත්තෙ නැති නිසා ඒ ගොල්ලොන්ට පොඩි පාඩමක් උගන්නනත් එක්ක. ඒ නිසා එයා මල් පෙත්තක් කඩලා උත්රත් ධ‍්‍රැවයට යනවා. ඒත් ගියාට පස්සෙ ඈට එහේ ඉන්න බැහැ. තනියම, කාත් කවුරුවත් නැතුව, ඒ දරුණු සීතලේ ගැහි ගැහි, බඩගින්නේ ඉන්න බැරි නිසා ඈ තව පෙත්තක් කඩල කියනවා වහාම තමන්ව නැවත ගෙදරට යවන්න කියලා. දැං පෙති හතරක්ම ඉවරයි, කිසිම වැඩකට ඇති දෙයක් නොකරම.

ඔන්න ඔය විදියට ගිහිං ගිහිං ඈ පෙති 6 ක්ම ඉවරකරගන්නවා අනවශ්‍ය වැඩ වලට. දැං තියෙන්නෙ ඇගෙ අවසාන පෙත්ත. ඈ දකිනවා උද්‍යානයේ බංකුවක වාඩිවෙලා ෆුට්බෝල් ගහන පිරිමි ළමයි දිහා බලා ඉන්න අසරණ පිරිමි ළමයෙක්ව. ඔහුගෙ නම ‘වීත්යා’. ඈ අහනවා ඔහුගෙන් ඇයි ඔයා ගිහිං ඒ ළමයි එක්ක සෙල්ලම් නොකරන්නෙ කියලා. එතකොට ‘වීත්යා’ කියනවා මට සෙල්ලං කරන්න ආසයි, ඒත් මගේ එක කකුළක් නැහැ කියලා. සෙල්ලං කරන්නෙ කොහොමද තනි කකුලෙං? ඈට දුක හිතෙනවා ‘වීත්යා’.ගැන, ඈ ඇගේ අවසාන මල් පෙත්ත කඩල කියනවා ’වීත්යා’ ගෙ කකුල සනීප කරන්න කියලා. ඔහුගෙ කකුල සුවපත් වෙනවා. ඊට පස්සෙ ඔහු සංතෝසෙන් ළමයි එක්ක සෙල්ලං කරනවා. ඇයටත් හරිම සතුටුයි, අන්තිමේදි හරි තමන්ට ලැබුණු බලයෙන් වැඩකට ඇති යමක් කළා කියලා. කතාව මීට වඩා හරිම ලස්සනයි. ඒත් මේ තමයි සාරාංශෙ.

අපි දැන් බලමු ඇයි මේ වගේ ලස්සන ළමා කතාවක් ලංකාවේ බිහි නොවන්නේ කියලා. ඒක හරිම සරලයි. පොත් ලියන්නේ ළමයි නෙමෙයිනේ, වැඩිහිටියොනේ. ඉතින් අපේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ අර මගේ යාලූවා කිව්ව විදිහෙ මානසික තත්ත්වයක්. ඒ හින්දා අපි මේක නිර්මාණයක් විදියට ගත්තත්, ලංකාව ඇතුළෙ මේ කතාව හැදෙන්නෙ වෙන විදියකට. උදාහරණයක් විදියට සුජීව ප‍්‍රසන්න ආරච්චි හත් පෙති මල ලිව්වනං, මිනිහ කරන්නෙත් අර මගේ යාලූවා කියපු වැඬේ. ඒ කියන්නේ ඒකෙං ඇති තරම් පිස්සු කෙළිනවා, තමන්ට මොකක් හරි කරගන්න. සූජීව ප‍්‍රසන්නආරච්ච්ගේ හත්පෙති මල කියන්නේ නවකතාවක්, අනික හත්වෙනි පෙත්තෙන් කතාව ඉවර වෙන්නෙත් නෑ.ඒකෙන් තව මලක් ඉල්ලනවා. ඒ මලෙන් කරන දේවල් දැනගන්න හත්පෙති මල 2 පොත බලන්න වෙනවා. ඊට පස්සෙ තුන හතර පහ හය… ඔය වගේ ඉවරයක් නැති පොත්. ඊට පස්සේ කවුරුහරි අධ්‍යක්ෂක කෙනෙක් මේකෙන් හදනව ඉවර නොවෙන මෙගා ටෙලියක්. එහෙම තමයි අපේ මිනිස්සුන්ගෙ හැටි.

අනිත් අතට අපි ගත්තම, හත් පෙති මලෙන් නියෝජනය වෙන්නෙ බලයක්. ඒක අතට ගත්ත කෙනෙකුට තමන් කැමති දෙයක් කැමති විදියට කරන්න පුලූවන්. ඒ නිසා තමයි එවැනි බලයක් පෙති හතකට සීමා කරල තියෙන්නෙ. මොකද මේ මල කාට අහුවෙයිද කියන්න බැහැනේ. මේ කතාවේ ඉන්න ගෑණු ළමයත් මුලින් කළේ කිසිම වැඩකට නැති වැඩ. අපරාදේ, ඒ බලය පාවිච්චිකරල කොයිතරම් හොඳ වැඩ කරන්න තිබුණද? ඒත් අවසානෙදි හරි ‘ෂේන්යා’ තමන්ගෙ බලය පාව්ච්චි කරල හොඳ වැඩක් කලා. ඒත් ලංකාවේ වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. අර මගේ යාලූවා කිව්ව වගේ අපිට ඒ වගේ මලක් ලැබුණනම් ඒකෙන් අසීමිතව ආතල් අරං, හත්වෙනි පෙත්ත කඩල තව මල් ඉල්ලනවා. ඒක ඉහල සිට පහලට සියලූම දෙනාගේ ඔලූවෙ වැඩකරන සත්‍යයක්.

විධායක ජනාධිපති ධූරය කියන්නෙත් සිතූ පැතූ දේ කරගන්න පුළුවන් කම ලැබෙන හරිම බලගතු හත්පෙති මලක් තමයි. ඒකෙ තියනව අසීමිත බලයක්. ඒ බලය යොදල මාර මාර වැඩක් කරන්න පුලූවන්. හොඳ වැඩ හෝ නරක වැඩ. හැබැයි මේ මල අතට ගත්ත කිසිම කෙනෙක් ඒකෙං රටටවත් ජනතාවටත් ලේසියෙන් හොඳ වැඩක් නම් කරේ නෑ. හැමෝම කලේ තමන්ගෙ ආතල් ගත්ත එක සහ මල්ල තර කරගත්ත එක විතරයි. අඩුගානෙ අන්තිම පෙත්තෙන්වත් මිනිස්සුන්ට දෙයක් කරන්න හිටපු කිසි කෙනෙක් සමත්උනේ නෑ. ඒ විතරක් නෙමෙයි, ඒ හැමෝම උත්සාහ ගත්තෙම අන්තිම පෙත්ත කඩල තව මලක් ඉල්ලන්නම තමයි.

දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් හදන්නෙ මෙන්න මේ හත්වෙනි පෙත්තෙන් ඉවරවෙන බලය, අර මගේ යාලූවා කිව්ව විදියටම, කොහොමද මැරෙනකං තියාගන්නෙ කියල ක‍්‍රමයක් හොයාගන්න. ලංකාවේ විධායක ක‍්‍රමය යටතෙ නම් මල් දෙකක්ම ලැබෙනවා. එකක් ඉවරවෙනකොට තව එකක්. හැබැයි අඩු තරමින් වැඬේ මල් දෙකෙන් ඉවරයි.  ඕනෑම බලයකට සීමාවක් තියෙන්න  ඕන කියන්නෙ ඒකයි. මොකද, මල කාගෙ අතට යනවද කියන එක හරිම අතීරාණාත්මකයි. මහින්ද රාජපක්ෂගෙ එක මලක් දැන් ඉවරයි. එයාට කියන්න තියෙන්නෙ මං ඒකේ පෙති ඔක්කොම කැඩුවෙ යුද්ධෙට කියල විතරයි. දැං මේ යන්නෙ අනිත් මලෙන්. දැං යුද්ධෙත් නෑ. ඒත් අපටවත්, රටටවත් වෙන සෙතේකුත් නෑ. ඒ අස්සෙ තමයි මේ දනි පනි ගාලා අලූත් ක‍්‍රමවේදයක් හොයාගෙන 18 වෙනි සංශෝධනය ගෙනැල්ලා, බලය ලබාගැනීමට පනවා තිබූ ධූර කාල දෙක වෙනුවට, කැමති වාරයක් ජනාධීපති වීමේ ක‍්‍රමවේදය අරගෙන ආවේ ඉවරනොවෙන මලක් හදාගන්න. එතකොට මහින්ද රාජපක්ෂට ඇති තරම් කාලයක් පිස්සු කෙලින්න පුලූවන්. එයාගෙන් පස්සෙ ඒ මලේ අයිතිය නාමල් රාජපක්ෂට පවරල යන්නත් පුලූවං. එතකොට දෙවෙනි මහින්ද ගෙ රාජ්‍ය පාලනය යටතේ අපට තව තව ආතල් වැඩ බලන්නත් පුලූවන්.

ඒ නිසා තමයි අපි කියන්නේ, බලයට සීමාවක් තිබිය යුතුයි කියලා. අසීමාන්තික බලය, අසීමාන්තික කාලයක් පවතිනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒකාධිපතිවාදයකට පාර කැපීමක්. හත්පෙති මල හත්පෙති මලක් උනේ අන්න ඒ නිසා. ඒකෙ තියන අපූර්වත්වයත් ඒක තමයි. එතකොට අපිත් දන්නවා විධායක ජනාධිපතිත් දන්නවා මේ හත්වෙනි පෙත්ත කැඩු දාට සියලූ බලතල අහවරයි කියලා. එතකොට අපිටත් බලාපොරොත්තුවක් තියනවා. මොකද යම් දවසක පෙති හතම ඉවරවෙන බව දන්න නිසා. එහෙම උනොත් අඩු තරමින් එක පෙත්තක් හෝ ජනතාවගෙ පැත්තෙනුත් හිතල කඩන්න ජනාධිපති උත්සාහ කරයි. ඒ හින්දා තමයි අපි ජනතාවට කියන්නෙ, ඉස්සරවෙලාම ‘හත්පෙති මල’ පොත හොයාගෙන කියවන්න. ඊට පස්සෙ මේ ඉවර නොවෙන මලක් හෙවත් සදාකාලිකව බලය පවත්වාගන්නට පාර කපන ව්‍යවස්ථා සංශෝධන මර උගුල ගැන අවධානයෙන් ඉන්න. ඒ ගැන විමසන්න. අධ්‍යයනය කරන්න. ඒ වෙනුවෙන් පෙල ගැහෙන්න. අපි ඔක්කොම අවදියෙන් හිටියොත්, හත් පෙති මල හත් පෙති මලක් විදියටම තියාගන්න පුලූවන් වෙයි.

එතකොට, කවදාහරි දවසක මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් පෙති කඩන සුන්දර මිනිසකු අතටත්, මේ මල පත්වෙන්න පුලූවන්.

(මෙම ලිපිය ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නට පෙර ලියූ ලිපියකි)

y;afm;s u,

bkaÈl .=Kj¾Ok

uuhs uf.a ys;j;a ñ;%fhl=hs uyck mqia;ldf, myqlrx hoaÈ ±lald ;shkjd fmd;a fia,a tlla’ b;sx wms fokak;a oks mks .d,d niatflx mek, kslug jf.a .shd ta me;a;g’ tal ta ;rï f,dl= fia,a tlla fkfuhs” ta;a t;k ;snqKd wms mqxÑ ldf,a lshjmq reishdkq <ud l;d fmd;a lSmhla’ ta w;ßka uf.a ms%h;u fmd;la fjÉp y;afm;s u, ug ±lal .ux wdfh;a .kak ys;=Kd’ tal ta ;rugu ys;g jeÈÉp l;djla’ uf.a hd¨j;a fmdä ldf,a ta fmd; lshj, ;snqKd’ b;sx ta fmd;hs ;j fmd;a lSfml=hs wrf.k wms fokak weúof.k wdjd iu¾ .dâka tl me;a;g’ ta tk w;fr;a” .sys,a,;a wms l;dWfka biair wms lshjmq ,iaik reishdkq fmd;a .ek’

zwe;a;gu y;afm;s u, fldhs;rï ,iaik l;djlao@Z uf.a hd¨jd lsõjd’ zyenehs ta l;dfõ .EKq <uhd yß fudavhs tl w;lsx’Z Tyq lsõjd

zwehs Thd tfyu lshkafka@Z ux weyqjd’

wehs upx” ug Th u, yïnWkdkï uukï lrkafk we;s ;rï msiaiq fl<,” wka;su fm;a; lv, lshkj ug ta cd;sfh ;j u,la ´fk lsh,d’ tal bjrfjkfldg wdfh u,la b,a,kjd’ t;fldg uefrklkau ug ´k foa lr lr bkak mq¨jkafka’ Tyq lsõjd

ta fj,dfj ;uhs ug l,amkd Wfka we;a;gu wehs ,xldfõ ta jf.a l;kaorhla ,shfjkafk ke;af; lsh,d’ ,shfjkak úÈhla keye’ wms wehs ta lsh, lshkak l,ska” ux y;afm;s u, l;dj flÜfhka lshkakï’

y;afm;s u, lshk fmdf;a bkakjd zfIakahdZ lsh,d mqxÑ .Ekq <ufhla’

wEg yïnfjkj fï wreu mqÿu y;afm;s u,la’ ta uf,a tl fm;a;la lv,d wE hñlsis jrhla b,a¨ju wEg tal ,efnkjd’ tal mqÿu n,.;= u,la’ wEg lrkak ;sfhkafk u,a fm;a;la lv,d fukak fufyu lshk tl ú;rhs”

u,a fm;af;a u,a fm;af;a

W;=re foig ol=Kq foig

ngysr yd kef.kysrg

lerlS lerlS fuyeu foig

ulshk foh lrfoka ug

Bg miafi wEg wjYH ´ku fohla lsõju tal wEg ,efnkjd’

tl mdrla wE lshkjd f,dafla ;shk Tlafldau fi,a,ï nvq ;ukag ,efnkak ´fk lsh,d’ fukak fndf,a f,dafla y;r Èíndf.u ;sfnk fi,a,ï nvq Tlafldu wef.a ksjig .,df.k tkak .kakjd’ tal kj;a;.kaku nE’ tkjd tkjd bjrhla ke;=j’ f.or msß,d b;sß,d mdrj,a mjd msfrkjd’ wka;sfï wEg tal lrorhla fjkjd’ b;sx wE ;j fm;a;la lv, lshkjd fï fiaru wdmyq ;snqKq ;ekaj,gu hjkak lsh,d’ ±x fm;s follau bjrhs’

;j;a j;djla zfIakahdZ lshkjd wehj W;a;r O%ejhg hjkak lsh,d” wE tfyu lshkafk W;a;r O%ejh lshk fi,a,u lrmq <uhs j.hla wEj ta fi,a,ug .;af; ke;s ksid ta f.d,af,dkag fmdä mdvula W.kakk;a tlal’ ta ksid thd u,a fm;a;la lv,d W;ar;a O%ejhg hkjd’ ta;a .shdg miafi wEg tfya bkak neye’ ;kshu” ld;a ljqrej;a ke;=j” ta oreKq iS;f,a .eys .eys” nv.skafka bkak neß ksid wE ;j fm;a;la lv, lshkjd jydu ;ukaj kej; f.org hjkak lsh,d’ ±x fm;s y;rlau bjrhs” lsisu jevlg we;s fohla fkdlru’

Tkak Th úÈhg .sysx .sysx wE fm;s 6 lau bjrlr.kakjd wkjYH jev j,g’ ±x ;sfhkafk wef. wjidk fm;a;’ wE olskjd WoHdkfha nxl=jl jdäfj,d *qÜfnda,a .yk msßñ <uhs Èyd n,d bkak wirK msßñ <ufhlaj’ Tyqf. ku zù;ahdZ’ wE wykjd Tyqf.ka wehs Thd .sysx ta <uhs tlal fi,a,ï fkdlrkafk lsh,d’ t;fldg zù;ahdZ lshkjd ug fi,a,x lrkak wdihs” ta;a uf.a tl ll=<la keye lsh,d’ fi,a,x lrkafk fldfyduo ;ks ll=f,x@ wEg ÿl ysf;kjd zù;ahdZ’.ek” wE wef.a wjidk u,a fm;a; lv, lshkjd Zù;ahdZ f. ll=, ikSm lrkak lsh,d’ Tyqf. ll=, iqjm;a fjkjd’ Bg miafi Tyq ixf;dafika <uhs tlal fi,a,x lrkjd’ wehg;a yßu i;=gqhs” wka;sfïÈ yß ;ukag ,enqKq n,fhka jevlg we;s hula l<d lsh,d’ l;dj óg jvd yßu ,iaikhs’ ta;a fï ;uhs idrdxfY’

wms ±ka n,uq wehs fï jf.a ,iaik <ud l;djla ,xldfõ ìys fkdjkafka lsh,d’ tal yßu ir,hs’ fmd;a ,shkafka <uhs fkfuhsfka” jeäysáfhdfka’ b;ska wfma ,xldfõ ñksiaiqkag ;sfhkafka wr uf.a hd¨jd lsõj úÈfy udkisl ;;a;ajhla’ ta yskaod wms fïl ks¾udKhla úÈhg .;a;;a” ,xldj we;=f< fï l;dj yefokafk fjk úÈhlg’ WodyrKhla úÈhg iqÔj m%ikak wdrÉÑ y;a fm;s u, ,sõjkx” ñksy lrkafk;a wr uf.a hd¨jd lshmq jefâ’ ta lshkafka taflx we;s ;rï msiaiq fl<skjd” ;ukag fudlla yß lr.kak’ iQÔj m%ikakwdrÉÉf.a y;afm;s u, lshkafka kjl;djla” wksl y;afjks fm;af;ka l;dj bjr fjkafk;a kE’taflka ;j u,la b,a,kjd’ ta uf,ka lrk foaj,a ±k.kak y;afm;s u, 2 fmd; n,kak fjkjd’ Bg miafi ;=k y;r my yh”’ Th jf.a bjrhla ke;s fmd;a’ Bg miafia ljqreyß wOHlaIl flfkla fïflka yokj bjr fkdfjk fu.d fg,shla’ tfyu ;uhs wfma ñksiaiqkaf. yeá’

wks;a w;g wms .;a;u” y;a fm;s uf,ka ksfhdackh fjkafk n,hla’ tal w;g .;a; flfkl=g ;uka leu;s fohla leu;s úÈhg lrkak mq¨jka’ ta ksid ;uhs tjeks n,hla fm;s y;lg iSud lr, ;sfhkafk’ fudlo fï u, ldg wyqfjhso lshkak neyefka’ fï l;dfõ bkak .EKq <uh;a uq,ska lf<a lsisu jevlg ke;s jev’ wmrdfoa” ta n,h mdúÉÑlr, fldhs;rï fyd| jev lrkak ;snqKo@ ta;a wjidfkÈ yß zfIakahdZ ;ukaf. n,h mdõÉÑ lr, fyd| jevla l,d’ ta;a ,xldfõ fjkafk fïfl wks;a me;a;’ wr uf.a hd¨jd lsõj jf.a wmsg ta jf.a u,la ,enqKkï taflka wiSñ;j wd;,a wrx” y;afjks fm;a; lv, ;j u,a b,a,kjd’ tal by, isg my,g ish¨u fokdf.a T¨fj jevlrk i;Hhla’

úOdhl ckdêm;s OQrh lshkafk;a is;+ me;+ foa lr.kak mq¿jka lu ,efnk yßu n,.;= y;afm;s u,la ;uhs’ tafl ;shkj wiSñ; n,hla’ ta n,h fhdo, udr udr jevla lrkak mq¨jka’ fyd| jev fyda krl jev’ yenehs fï u, w;g .;a; lsisu flfkla taflx rggj;a ck;djg;a f,aisfhka fyd| jevla kï lf¾ kE’ yefudau lf,a ;ukaf. wd;,a .;a; tl iy u,a, ;r lr.;a; tl ú;rhs’ wvq.dfk wka;su fm;af;kaj;a ñksiaiqkag fohla lrkak ysgmq lsis flfkla iu;aWfka kE’ ta ú;rla fkfuhs” ta yefudau W;aidy .;af;u wka;su fm;a; lv, ;j u,la b,a,kaku ;uhs’

±ka uyskao rdcmlaI ckdêm;s;=u;a yokafk fukak fï y;afjks fm;af;ka bjrfjk n,h” wr uf.a hd¨jd lsõj úÈhgu” fldfyduo uefrklx ;shd.kafk lsh, l%uhla fydhd.kak’ ,xldfõ úOdhl l%uh hgf; kï u,a follau ,efnkjd’ tlla bjrfjkfldg ;j tlla’ yenehs wvq ;rñka jefâ u,a foflka bjrhs’ ´kEu n,hlg iSudjla ;sfhkak ´k lshkafk talhs’ fudlo” u, ldf. w;g hkjo lshk tl yßu w;SrdKd;aulhs’ uyskao rdcmlaIf. tl u,la ±ka bjrhs’ thdg lshkak ;sfhkafk ux tafla fm;s Tlafldu levqfj hqoafOg lsh, ú;rhs’ ±x fï hkafk wks;a uf,ka’ ±x hqoafO;a kE’ ta;a wmgj;a” rggj;a fjk fif;al=;a kE’ ta wiafi ;uhs fï oks mks .d,d w¨;a l%ufõohla fydhdf.k 18 fjks ixfYdaOkh f.ke,a,d” n,h ,nd.ekSug mkjd ;snQ OQr ld, fol fjkqjg” leu;s jdrhla ckdëm;s ùfï l%ufõoh wrf.k wdfõ bjrfkdfjk u,la yod.kak’ t;fldg uyskao rdcmlaIg we;s ;rï ld,hla msiaiq fl,skak mq¨jka’ thdf.ka miafi ta uf,a whs;sh kdu,a rdcmlaIg mjr, hkak;a mq¨jx’ t;fldg fofjks uyskao f. rdcH md,kh hgf;a wmg ;j ;j wd;,a jev n,kak;a mq¨jka’

ta ksid ;uhs wms lshkafka” n,hg iSudjla ;sìh hq;=hs lsh,d’ wiSudka;sl n,h” wiSudka;sl ld,hla mj;skjd lshkafka wksjd¾hfhkau taldêm;sjdohlg mdr lemSula’ y;afm;s u, y;afm;s u,la Wfka wkak ta ksid’ tafl ;shk wmQ¾j;ajh;a tal ;uhs’ t;fldg wms;a okakjd úOdhl ckdêm;s;a okakjd fï y;afjks fm;a; levq odg ish¨ n,;, wyjrhs lsh,d’ t;fldg wmsg;a n,dfmdfrd;a;=jla ;shkjd’ fudlo hï ojil fm;s y;u bjrfjk nj okak ksid’ tfyu Wfkd;a wvq ;rñka tl fm;a;la fyda ck;djf. me;af;kq;a ys;, lvkak ckdêm;s W;aidy lrhs’ ta yskaod ;uhs wms ck;djg lshkafk” biairfj,du zy;afm;s u,Z fmd; fydhdf.k lshjkak’ Bg miafi fï bjr fkdfjk u,la fyj;a iodld,slj n,h mj;ajd.kakg mdr lmk jHjia:d ixfYdaOk ur W.=, .ek wjOdkfhka bkak’ ta .ek úuikak’ wOHhkh lrkak’ ta fjkqfjka fm, .efykak’ wms Tlafldu wjÈfhka ysáfhd;a” y;a fm;s u, y;a fm;s u,la úÈhgu ;shd.kak mq¨jka fjhs’

t;fldg” ljodyß ojil ñksiaiq fjkqfjka rg fjkqfjka fm;s lvk iqkaor ñksil= w;g;a” fï u, m;afjkak mq¨jkaa’

 

මේ ලගදි දවසක මම හදිසියේම ගමේ ගියා. මරණ ගෙදරකට සහභාගිවෙන්න. මළගෙදර ඉවරවෙලා ආයෙමත් එන අතරෙ මම ගියා පරණ යාලුවෙක් මුනගැහෙන්න.මම එහේ යනකොට යාලුවගෙ ගෙදර මිනිස්සු පිරිලා වටවෙලා ඉන්නවා ටී වී එක වටේ. මම එතන්ට ගිහින් විනාඩි දහයක් විතර යනකන් මගේ යාලුව පවා මාව දැක්කෙ නැහැ. ඒ තරමට ඒ​ ​අයගෙ අවධානය යොමුවෙලා තිබුණේ ටී වී එකට. මම බැලුවා මොකද්ද මේ තරම් උවමනාවෙන් ජනතාව එකතුවෙලා බලන්නෙ කියලා.බැලුවම මේ රෙස්ලින් මැච් එකක්.දැන් ගමටත් සැටලයිට් ටී වී ඇවිල්ල නිසා, ගොඩක් ගෙවල් වල අයට​ පෙර නොදැකපු දේවල් බලාගන්න පුළුවන් වෙලා තියනවා. ඒ වෙලාවෙ ටී වී එකේ ගියේ ජෝන් සිනා සහ තවත් හාදයෙක්ගෙ රෙස්ලින් මැච් එකක්. මම රෙස්ලින් වලට කොහෙත්ම කැමති නැහැ. අනික රෙස්ලින් කියන්නෙ සම්පූර්ණයෙන්ම බොරු රගපෑමක් කියල දැන දැනම මෝඩයෙක් වගේ රෙස්ලින් බලන්න මට කොහෙත්ම උවමනාවක් තිබුණෙත් නෑ. එත් මොනව කරන්නද, එතන හිටපු සෙනග එක්කෙනෙක්වත් හෙල්ලෙන්නෙවත් නැති පාටයි. අඩු තරමේ මගෙ යාළුවා වත්. ඒ හැමෝම හරියට වහ වැටිලා වගේ ඒ දිහා බලාගෙනම ඉන්නවා. ඒ මදිවට ඒ ගොල්ලො එක එක ක්‍රීඩකයන්ට චියර් කරනවා. සපෝට් කරනවා.

මම ඒ දිහා විනාඩි දහයක් විස්සක් විතර ඒ දිහා බලා හිටියා. බලන් ඉන්න බැරිම තැන මම යාලුවගෙන් ඇහුවා “ඇයි මේ තරම් තඩි බොරුවක් දිහා ඔච්චර සීරියස් පිට බලා ඉන්නේ ?” කියලා.යාළුවා එකපාරටම පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා. “ඔයා කොහොමද කියන්නේ මේක බොරුවක් කියලා. මේක ෆුල් සිරාවටම යන ගේමක්. ඔයා දන්නෙ නෑ, ගිය සතියේ බැටිස්ටා, ජෝන් සීනට ​චැලෙන්ජ් කරා ගේමක් දෙනව කියලා. මිනිහගේ පරණ කෝන්තරයක් තියනවා සීනා එක්ක. අද යන්නේ මේ ඒ ගේම. කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ.” මිනිහ කිව්වා.

“උඹට නම් පිස්සු” මං කිව්වා. ” ඕක තනිකරම රගපෑමක්. ඔය ඔක්කොම කරන්නෙ බොරුව. හරියට චිත්‍රපටියක නලු නිලියො රගපාන්නේ, අන් ඒ වගේම වැඩක්. ඔය සේරම කලින් කථා කරල තියෙන්නේ. දිනන්​නෙ කවුද? පරදින්නේ කවුද? ගහන්නෙ කොහොමද? කියන්න ඕන මොනවද? මේ සේරම කලින්ම ප්ලෑන් කරල ඉවරයි.” මං කිව්වේ එතන ඉන්න මිනිස්සු ඔක්කොටම ඇහෙන්න. ඊට පස්සෙ මගෙ යාලුවට ටිකක් තරහ ගියා. ඒත් මිනිහ මොකුත්ම කියන්න කලින්, රෙස්ලින් මැච් එක බල බල හිටපු කොල්ලෙක් මගෙන් ඈහුව, එහෙමනම් කොහොමද අර යකඩ පුටුවලින්, මේස වලින් ගහගන්නේ, ඈණ ගහපු පොලුවලින් ගහන්නේ, කටු කම්බි උඩට වැටෙන්නේ, ලේ ගලන්නේ, එතකොට ඒ ඔක්කොම රගපෑම්ද? අනේ යන්න ලොක්ක යන්න.” කියලා. ඒ කථාවට මට බකස් ගාලා හිනා ගියා. මගේ හිනාවට එතන හිටපු හැමෝටම තදඋනා. ඒත් මම දිගටය කතා කළා. “ඔය සේරම ඇත්ත නම්, මේ මිනිස්සු මෙලහට මැරිල ඉන්න එපායැ. ඇයි එහෙනම් මේ ගොල්ලො මැරෙන්නෙ නැත්තෙ? යකඩ පුටුවකින් ඔලුවට ගැහුවම ඉතුරුවෙන්න විදියක් නෑනේ.” මං කිව්වා.

වාදේ ඔහොම දිගට ඇදෙන්න ගත්තා. දැන් එතන ඉන්න හැම එකාම මැච් එක පැත්තක තියලා මට විරුද්ධව කරුණු ඉදිරිපත් කරනවා රෙස්ලින් කියන්නේ බොරුවක් නෙමෙයි, රියල් ගේම් එකක් කියල ඔප්පු කරන්න. ඉතින් මමත් දන්න කියන සියළු කාරණා ඉදිරිපත් කළා රෙස්ලින් ඇත්ත නෙමෙයි, රගපෑමක් කියල ඔප්පුකරන්න.  මම මගේ යාලුවගෙන් ඇහුවා “The Wrestler” කියන ෆිල්ම් එක බලල තියනවද කියලා. මිනිහා කිව්වා නෑ කියලා. ඒකනේ කියන්නේ, අඩු තරමින් එක බැලුවනම් තේරෙනවා මේගොල්ලො ස්ටේජ් එකට එන්න කලින් කොච්චර ෆිට් එකේ ඉන්නවද කියලා ස්ටේජ් එක පිටි පස්සේ. තරග කරන දෙන්න එකට එකතුවෙලා කතා කරගන්නවා මෙහෙම කරමු, මෙහෙම කරමු කියලා. දන්නවද? එක තැනකදී එක්කෙනෙක් කියනවා මම ලේ එන්න පොඩ්ඩක් කපා ගන්නවා කියලා. මිනිහ පොඩ් බ්ලේඩ් කෑල්ලක් අතේ හංගගෙන අරන් යනවා. විරුද්ධවාදියා ගහනකොට මිනිහ පොඩ්ඩක් කපාගන්නවා ලේ එන්න. ඒ ලේ එන්නේ අරයා ගහල නෙමෙයි. ඔය ගහන්නෙත් බොරුවට.” මම කියාගෙන කියාගෙන ගියා.

කට්ටියම පොඩි වෙලාවක් සද්ද නැතුව හිටියා. මට හොදටම ෂුවර් මේ ගොල්ලන්ට වැඩේ තරමක්දුරට හෝ තේරුණා කියලා. ඒ හින්දා මං හිටියේ පොඩි උද්දාමයකින්. ඒත් ඒ ගමන්ම වගේ මගේ යාළුවා මට කිව්ව මෙන්න මෙහෙම. “මචං, උඹ රෙස්ලින් බලන්නේ නැත්නම්, කරුණාකරල පැත්තකට වෙලා කට වහගෙන හිටපං අපේ ආතල් එක කඩන්නේ නැතුව අපට මේක බලන්න ඉඩ දීලා.” අනිත් අයත් එහෙන් මෙහෙන් කණු කුණු ගාන්න පටන්ගත්තා. ” මේක තව විනාඩි විස්සකින් ඉවරවෙනවා” මිනිහා කිව්වා. මං ඒ ගමන්ම හැරිල එන්න ආවා.

පහුවෙනිද මං මේක ගැන මුල ඉදන් කල්පනා කළා. මට මේක ලොකු අවුලක්. මෙච්චර හොදටම ​ලොකු බොරුවක් කියල තේරෙන දෙයක්, මේ තරම් සීරියස් කරගෙන මිනිස්සු එන්ජෝයි කරන්නෙ කොහොමද? ඒත් පස්සෙ මට මේක තේරුම්යන්න පටන්ගත්තා. අපි ජීවත්වෙන්නෙ ගංජා ගැසූ සමාජයක. මිනිස්සු ඉන්නෙ තමන්ගෙම ලෝකවල. ඒ ආතල් එක කඩනවට කවුරුවත් කැමති නැහැ.මේ කාලේ මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් නෑ. වැඩට යනවා, එනවා, කනවා, ටී වී බලනවා, නිදියනවා, ආයේ වැඩට යනවා, එනවා, කනවා, ටී වී බලනවා, නිදියනවා. ඉතින් මේ වගේ එකම දේවල් ටිකක් කර කර ඉන්න, මේ වගේ හිස් සමාජයක, මිනිස්සු මොනව හරි දෙයක් හොයාගන්නවා තමන්ගෙ විනෝදය උදෙසා. එහෙම නැත්නම් තමන්ගෙ ආතල් එක උදෙසා. සමහරවෙලාවට මාධ්‍ය මගින්ම මේ ආතල් නිර්මාණය කරල දෙනවා. එක එක ආකාරයෙන්. උදාහරණයක් විදියට මාධ්‍ය මගින් නිර්මාණය කරනවා “ආසියාවේ ආශ්චර්යය” කියල අපූරු දෙයක්. දැන් මේක ලස්සනට හදල, පුම්බලා, අයිසින් දාලා, එලියට දැම්මාම, මිනිස්සු ඒක බාරගන්නවා පරම සත්‍යයක් විදියට. ඊට පස්සේ ඒ ආතල් සිහිනය ඇතුළෙ ජීවත්වෙනවා. එලියෙ දරාගන්න බැරි තරම් ප්‍රශ්ණ දාහක් තිබුණත්, ඒ සේරම විදගෙන, ඉවසගෙන අනාගත ආසියාවේ ආශ්චර්යය කියන සිහිනය ඈතුළෙ ජීවත්වෙමින් ආතල් එකක් ගන්නවා.මිනිස්සු එක හොදාකාරවම දන්නව මේක නම් මේ කපේදී වෙන්නෙ නැති තඩි බොරුවක් කියලා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ කරන්නේ ජනතාව ගොනාට ඇන්දිල්ලක් කියලා. ඒක ​එහෙමමයි කියල ඇත්තටම දැනගත්තත්, මිනිස්සු කැමති නැහැ ඒක පිළිගන්න. මොකද දැනට ආතල් එකක් ගන්න තියන එකම සිහිනය ඒක විතරයි. ඉතින්, ඒක ඇත්තම කියල නොහිතා, මේක තඩි බොරුවක් කියල පිලිගත්තොත්, තමන්ගෙ ආතල් එක ඉවරවෙනවා. ඒ හින්දා කවදාවත් සිදුනොවෙන බව දැන දැනම, තඩි බොරුවක් ඇත්ත කරගෙන, ඒක ඇතුළට වෙලා අනිත් ප්‍රශ්ණ ඔක්කෝම අමතක කරල දාලා ජීවත්වෙනවා.

පාන් පිටි මිල එකසිය ගාණට ඉහල යනවා. දරාගන්න බැරි තරමට පාන් සහ පාන් පිටි වලින් නිශ්පාදනය කරන ආහාර පාන ඉහල යනවා. ආණ්ඩුව මේකට ​විසදුමක් දෙන්න බැහැ වගේම අවශ්‍යත් නැහැ. නමුත්, ආණ්ඩුව ඒ බොරුව වහන්න, විමල් වීරවංශ කියන නළුවව දම්මල කියනවා, පාන් පිටි ත්‍රස්තවාදය විනාශ කළ යුතුයි. ඒ හින්දා පාන් පිටි මිල සහ පාන් තව තවත් ඉහල දැමිය යුතුයි කියලා. එහෙම කරන්නෙ දේශීය ගොවියන් රජ කරවන්න. ලාංකිකයන්ට ගුණවත් දේශීය ආහාර සංස්කෘතියක් උරුමකරදෙන්න. රට සශ්‍රීක කරවන්න. දැන් මෙන්න මේ වගේ දවස ගාණේ මාධ්‍ය වලට ඇවිත් කියනකොට, විමල් වීරවංශ කියන නළුවා රගපාන්නේ මහින්ද රාජපක්ෂ ලියල දෙන ස්ක්‍රිප්ට් එක කියල මිනිස්සු දැන දැනම අමතක කරනවා. මිනිස්සු ඒක පරම සත්‍යය විදියට බාරගන්නවා. මොකද ඒ වගේ දෙයක් එක්ක සෙට් උනාම, පාන් මිල ගැනෙන වේදනාව, ඒ අමාරුව වෙන මාර්ගයකින් ඇරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් මිනිස්සු පාන් පිටි ත්‍රස්තවාදය කියන බොරුව ඇත්ත කරගෙන, තමන් දේශීය ගොවියා රජකරවන්න උදව් වෙනවා කියලා හිතාගෙන, කවදහරි රට සරුවෙයි කියලා හිතාගෙන, ඒකත් එක්ක ආතල් එකේ ජීවත්වෙනවා. කිසිම ප්‍රශ්ණ කිරීමකින්, එ​රෙහිවීමකින් තොරවම. අනිත් අතට, මේ කාරණේ ගැන කථා කරල මේකට එරෙහිවන අය, ජාති ද්‍රොහීන් හෝ විජාතික බලවේග වල ඉත්තන් බවට හරි පත්වෙනවා. මොකද මේක රට සංවර්ධනයට යන ගමනට එරෙහිවීමක්.

ආසියාවේ ආශ්චර්​යයේ සිට, සරත් ෆොන්සේකා සිරගත කිරීම, දහ අටවෙනි සංශෝධනය, මාධ්‍ය නිදහසට වෙඩි තැබීම, හම්බන්තොට ලොකු වලක් හාරා එය ලෝක පුදුමයක් බවට පත්කිරීමේ සිට, අභිමානවත් සාමය, උතුරු මිතුරු, නැගෙනහිර නවෝදය, මතට තිත, වැනි එකි නොකී මෙකී සියළුම සිහින විවිධාකාරයෙන් මාධ්‍යයන් මගින් එළියට දමා, පට්ටපල් බොරු ජනතා​වගේ ඔලුවල ඇත්තක් බවට පත්කරවා, ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින්නේ බංකොලොත් බාවයේ අන්තයටම යමින් සිටින රටේ ගමන් මග ජනතාවට වසග කරමින්, තමන්ගේ අත්තනෝමතික, ඒකාධීපති පාලනය ඉදිරියටම ගෙන යෑමටයි. මිනිසුන් උත්සාහ කරමින් සිටින්නේ, මේ කටුක යථාර්ථයෙන් පලා ගොස්, කුමන හෝ බොරුවක එල්ලී එය පරම සත්‍යය ලෙස සලකමින් සැබෑවෙන් පලා යන්නටයි.

මිනිසුන් මේ පවතින බොරු, පරම සත්‍යය කරගෙන ජීවත්වෙන්නෙ ඇයි..? ඒක දැන් ඉතාම පැහැදිලියි. යම් දෙයක් ගැන යථාවබෝධය ඇතිඋනාම, අපට ඒ කාරණෙත් එක්ක ඩිරෙක්ට් ඩීල් කරන්න වෙනවා. එය මග හැර යා නොහැකි දෙයක් බවට පත්වෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු පාන් මිල මේ තරම් ඉහල යෑම ගැන. හැමෝම දන්නවා මේක සිද්ධවෙන්නෙ ඇයි කියලා. රජය අය කරන අධික බදු සහ වෙනත් කාරණා මේකට කෙලින්ම බලපානවා. අවශ්‍යනම් රජයට පුළුවන් බදු සහන දීලා තත්ත්වය වෙනස් කරන්න. මොකද කවුරු මොනව කිව්වත්, ලංකාවේ ජනතාවගෙන් වැඩි පිරිසක් පාන් කන උදවිය. ඒක එහෙම නෙමෙයි නම්, 3.50 ට පාන් දීලා චන්ද්‍රිකාට බලයට ​එන්න පුළුවන් වෙන්නෙ නැහැ. ආණ්ඩුව මේක නොදන්නව නෙමෙයි සහ ආණ්ඩුව දන්නව කොච්චර ගාන වැඩි කරත් මිනිස්සු පාන් කන එක නවත්තන්නෙ නැහැ කියලා. මොකද, ඒක තමයි පහසුවෙන්ම හදාගන්න පුළුවන් කෑම වේල. අනික, හැමෝටම උයාගෙන කන්න වෙලාවක් සහ තැනක් නැහැ. විශේෂයෙන් අගනුවර. එහෙම අය ගොඩක් වෙලාවට පිටි වලින් නිශ්පාදනය කරන ආහාර තමයි ආහාරයට ගන්නේ. එතකොට, මෙන්න මේ පිටි කතන්දරේ පිටි පස්සෙ තියන ඇත්ත, අපි ඇත්ත විදියට දකින්න ගත්තොත්, ඒක අපේ ආතල් එක කැඩෙන වැඩක් වෙනවා. එතකොට අපිට ​ඒ වෙනුවෙන් ෆයිට් කරන්න වෙනවා. එලියට බහින්න වෙනවා. ගුටිකන්න වෙනවා. කැපකිරීම් කරන්න වෙනවා. යථාර්ථය එක්ක හැප්පෙන්න වෙනවා. ඒත්, ඒ කරදර විදින්නේ නැතුව මේක පිටි ත්‍රස්තවාදය පැරදවීමට එරෙහිව දරණ අවංක උත්සාහයක් කියන බොරුව, ඇත්ත විදියට පිළිගෙන ආතල් එකේ හිටියම ඒ කරදර මුකුත් නැහැ.

පිටි විතරක් නෙමෙයි, ලංකාවේ අද දවසේ සිදුවෙන ඕනෑම දෙයකට මිනිස්සු ඇස් කන් පියාගෙන ප්‍රතික්‍රියා නොකර ඉන්නේ, මේ තිත්ත ඇත්ත නොදැන නෙමෙයි. ඔවුන් කැමති නැහැ, තමන්ගෙ ආතල් කඩාගන්න. එතකොට එලියෙ ඉදගෙන මේ වැඩේ ගැන සවිඥාණිකව පාරට බැහැල මේවට විරුද්ධව වැඩකරන අය, ඒ ගැන සංවාද මතුකරනර අය, ඒ ගැන ප්‍රශ්ණ කරන අයව මේ සමාජයේ බහුතරයක් දෙනාට සහ ආණ්ඩුවට පේන්නේ නයාට අදුකොළ වගේ. මොකද ඔවුන් මේ කරන වැඩෙන් ඇත්ත එළිදරව් වෙලා, තමන්ගෙ ආතල් සිහිනය කැඩිල යනවා. මිනිස්සුන්ගෙ ආතල් කඩනවට ආණ්ඩුව කැමතිත් නැහැ. මොකද ආණ්ඩුව ගොඩයන්නේ මිනිස්සු තමන්ගෙ සිහින වල ජීවත්වෙන නිසා. හරියට මම අර ගමේ ගිහින්, ආත්ල එකේ රෙස්ලින් බල බල ඉන්න අයට, ඒකේ තියන බොරුව පෙන්නලා ඔවුන්ගෙ ආතල් කැඩුනම ඒ ගොල්ලන්ට තරහ ගියා වගේම, අපේ සමාජයේ ඉන්න බහුතරයක් කැමති නැහැ තමන්ගේ මේ ආතල් එක කඩන පිරිසට. ජෝන් සීනා පවා පවතින්නේ, තමන් ගැන සැබෑම විශ්වාසයෙන් රෙස්ලින් බලන්න පිරිසක් ඉන්න නිසා. එතකොට ජෝන් සීනා කැමතිවෙන්නෙත් නැහැ, රෙස්ලින්වල තියන අමු බොරුව මිනිස්සු දැනගන්නවට. එතකොට තමන්ගෙ පැවැත්මට ඒක තර්ජනයක්. හරියට ආණ්ඩුව මේ වගේ වැඩවලදී ඉතා තදබල ලෙස එරෙහිවෙන්නෙත් මෙන්න මේ තමන්ගේ පැවැත්මට තර්ජනයක් වන ඇත්ත එළියට එන නිසයි.

පවතින සමාජ විශමතාවයන්ට, ඒකාධිපති වියරුවට, සහ සියළුම අසාධාරණයන්ට එරෙහිව සැබෑලෙසම ක්‍රියාකාරීව වැඩ කරන පිරිස මේ සම්බන්ධයෙන් කොයිතරම් කැපවීමකින් වැඩ කළත්, බලාපොරොත්තුවන ඉලක්ක කරා යන ගමන ප්‍රමාද වන්නේ සහ සමහරවිට සිදුනොවන්නේම, මෙන්න මේ රෙස්ලින් ඇත්ත කියන විශ්වාසයෙන් රෙස්ලින් බලා ආතල් ගන්න අති බහුතරය නිසාමයි. මේක තමන්ව මරන්න ගෙනියන් පොලීසියෙන් ආවත් “සර්…මගේ ආතල් එක කඩන්නෙ නැතුව, හිමීන් උස්සල ගිහින් ජීප් එකෙන් තියයන්න…” කියල කියයන මිනිස්සුන්ගෙන් පිරිණු සමාජයක්. ඇත්තටම මේක ගංජා ගැසූ සමාජයක්.

ඉන්දික ගුණවර්ධන

මම ගිය සතියේ දවසක රු.100 ක රී ලෝඞ් එකක් දාගන්න ගියා කමියුනිකේෂන් එකකට. කොමිනියුකේෂන් එකේ වැඩ කළේ ගෑණු කෙනෙක්, සහ තවත් පිරිම ළමුන් දෙදෙනෙක්. නමුත් බැලූ බැල්මට තේරුණා ගෑනු කෙනා තමයි මෙතන වැඬේ ගෙනියන්නේ කියල. මොකද මුදල් ගැනීම සහ ඉතිරි ලබාදීම කළේ ඇය තමයි. අනිත් අයට විධාන දුන්නෙත් ඇයමයි. මම මගේ රී ලෝඞ් එක දාන්න රුපියල් 100 දෙනකොටම එතනට ආවා හමුදා නිළධාරියෙක්. ඔහු ආවේ ටිකට් පොතකුත් අරගෙන. හමුදා සුභ සාධන අරමුදලකට ආධාර පිණිස විකුණන ටිකට් පොතක්. ඉතින් අපේ මේ රණවිරුවා ඇවිත් කිව්වා හමුදා සුබසාධක සංගමයට ආධාර පිණිස ටිකට් පොතක් ගහනවා, එකක් ගන්න රුපියල් 100 යි කියලා. හැබැයි සිද්ධවුණේ මං හීනෙංවත් නොහිතපු දෙයක්. එකපාරට අර ගෑනු කෙනා කියාපූ, ගන්න විදියක් නෑ, මේ කඬේ අයිතිකාරයා නෑ කියලා. හමුදාවේ එක්කෙනා ඇහුවා, කවුද මේකේ අයිතිකාරයා කියලා. එයා ඉන්නේ මෙහේ නෙමෙයි, වෙන ෂොප් එකක, අර ගෑනු කෙනා කිව්වා. ඒකට කමක් නෑ, ඔයා නෙ මෙතන වැඬේ කරගෙන යන්නේ අපට ආධාර පිණිස ටිකට් එකක් ගන්න කියලා. මේ ගෑනු කෙනා කියනවා අපි හරියට සල්ලි බේරුවේ නැත්නම්, මහත්තයගෙන් කුණු බැනුම් අහන්නයි වෙන්නේ, මේ සල්ලි වලට අත තියන්නවත් අපට බැහැ කියලා. මේ වෙලාවේ හමුදා නිළධාරියට කේන්තී ගියා. එයා ඇහුවා, එතකොට මේකෙ අයිතිකාරයා කඬේ නෑ…? මාර වැඩක්නේ මේක. අපි මේ කඩ පේලියේ කඩ 20 කට ගියා. කඩ 20 න් 19 කම අයිතිකාරයා කඬේ නෑ. හැමෝම කියනවා අයිතිකාරයා නැති හින්දා රුපියල් 100 ක් දීලා ටිකට් එකක් ගන්න බෑ. හරි අපි බලාගන්නම්, තමුසෙල කිසිම කෙලෙහෙ ගුණයක් නැති මිනිස්සු, අපි නැත්නම් අද තමුසෙල කොහොමද මෙහෙම බයක් සැකක් නැතුව එළියට බැහැල ඇවිදින්නේ. අපි ජීවිතේ පරදුවට තියල දිනල දුන්නු නිදහසට වඩා තමුසෙලට රුපියල් 100 වටිනවා නේද කියලා. අනික් මේක පිං ටිකට් එකක් නෙමෙයි, මේක දිනුම් අදිනවා, පේනව නේද මොනවද තියන තෑගී කියලා. හමුදා නිළධාරියා ටිකට් පොත දික්කළා ඇගේ මූණ ළ`ගටම. ගෑනු කෙනත් නිකං හිටියේ නෑ. එයා කිව්වා, ඉතින් අපි මොනව කරන්නද? අයිතිකාරයා හිටියනං දෙන්න තිබුණා කියලා. හමුදා නිළධාරියට හොඳටම තරහ ගියා. හොඳයි, අපි බලාගන්නම්, මට දෙන්න මේ කඩ කාමරේ විස්තර ඔක්කොම. එයා සාක්කුවෙන් පොඩි පොතක් ඇදල ගත්තා. ඒක දිග ඇරියම මම දැක්කා ඒකේ ලියල තිබුණු කඩ කාමර ඇඞ්ඩ‍්‍රස් සහ දුරකථන අංක පේලියක්ම.  අර ගෑණු කෙනා කිව්වා, හරි ඔන්න ලියාගන්න කියලා කඬේ ලිපිනයයි දුරකථන අංකයයි දෙකම දුන්නා. මටත් එවෙල හිතුණා එක අතකින් වැඩ කරන මිනිස්සුත් අසරණයිනේ මොනව කරන්නද කියලා. ආයෙමත් හිතුණා ඒත් දෙය්යනේ රුපියල් 100 ක් නම් අතේ නැතිවෙන්න බැහැනේ ද කියලත්. කොහොමින් කොහොහ හරි හමුදා නිළධාරියා ටිකක් සද්දෙ දාලා යන්න ගියා. යන ගමන් කිව්ව, අපි ආයෙමත් එනවා කියලා. අර ගෑණු කෙනා “හා” කියලා ඔළුව වැනුවා.

එයා මගේ රී ලෝඞ් එක දාන්න ගත්තෙ ඊට පස්සේ. ඒ අක්කා මගේ දිහා බලලා හිනාඋනා. මමත් හිනඋනා. ඊට පස්සෙ එයා මට හිනාවෙලා කියනවා, අපි කොහොමද දන්නේ ඔය ටිකට් පොත් ගහල සල්ලි අරං මොනව කරනවද කියලා. නේද මල්ලී? මමත් ඉතින් ඔලූව වැනුවා. ඊට පස්සේ මම ඇහුවා ඇත්තටම අක්කේ මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ කියලා. එයා හිනාවෙලා කිව්වා, මම තමයි අයිතිකාරයා, මේක මගේ කොමියුනිකේෂන් එක කියලා. ඒ වෙලාවෙ නම් මම පොඞ්ඩක් ෂොක් උනා. එකක් තමයි, රුපියල් 100 ක් කියන්නේ මේ කාලේ හැටියට මහ දෙයක් නෙමෙයි, මොකද රුපියල් සීයකින් මහ දෙයක් කරන්න බැහැ අද කාලේ. දෙවෙනි කාරණේ, තමන් අයිතිකාරයා වෙලා ඉන්දැද්දී හමුදාවේ කෙනෙකුට එහෙම බොරුවක් කියන්න තරම් කුහක වීම, තුන්වෙනි කාරණෙ තමයි මේ මෑතකදී ඉවරවෙච්ච යුද්ධෙන් පස්සේ ජාතික කොඩි ගහගෙන, දකින දකින හමුදා නිළධාරීන්ට කිරිබත් කැව්වෙත් මේ ගොල්ලොම හින්දා.

මම ඇහුවා, ඇත්තටම ඔයාටද අයිති කියලා. එයා කිව්වා ඔව්, කියලා. මේකනේ මල්ලී, ඔයා කඩයක් දාගෙන බලන්නකෝ දවසට කී පාරක් එනවද කියල ඔය හමුදාවෙන්, පොලීසියෙන් අපිට දඩ දාන්න. අනික යුද්ධෙ දිනුවා කියලා අපි මොකටද ටිකට් පොත් ගන්නෙ, ආණ්ඩුවෙන් පඩි ගෙවුවනේ ඒවට. හමුදාව ඉන්නෙ යුද්ධ කරන්න තමයි, අනික එයාලා දන්නෙ නැද්ද හමුදාවට බැඳෙනකොට ජීවිතය පරදුවට තියල තමයි යන්න වෙන්නේ කියලා. එයාලගෙ රස්සාව තමයි යුද්ධ කරන එක. මගේ රස්සාව මේක. දිනන්න බැරි නම් ඒක හමුදාවක් නෙමෙයිනේ, කියලා. මට මේ කතාව මාර කේස් එකක්. මට හිතුණා ෂුවර් එකටම රුඩිකල් චරිතයක් තමයි මෙයා. එක්කෝ යුධ විරෝධී වාමාංශික චරිතයක්. නැත්නම් සමාජ සම්මතවලට පයින් ගහන රැඩිකල් චරිතයක්. මොකද, මම උනත් කොයි තරම් යුධ විරෝධි වුනත්, හමුදා නිළධාරියෙක් ඇවිත් ටිකට් එකක් දික් කළොත් නිකං නොගෙන ඉන්න එක මාර අවුලක් වගේ දැනෙනවා. ඒ මගේ මතවාදයට වඩා එළියෙ මතවාදය ලොකු හින්දා. ඒ හින්දා මම ඒ අක්කගෙන් ඇහුවා, අක්ක කැමතිනම් මට පොඞ්ඩක් කියනවද ඔයාගේ දේශපාලන මතවාදය මොකක්ද කියලා?  අක්කා හිනාවෙලා කිව්වා මට එහෙම එකක් කියලා නැහැ මල්ලි, මං ඔය කෝකටත් ටික ටික කැමතියි, හැබැයි ඉතින් ඡන්දෙ නම් දුන්නේ අපේ මහින්ද මහත්තයට තමයි කියලා.

දෙය්යනේ මේකනම් වෙන්න බැරි දෙයක්, මේ ඉතාම ආසන්නයේ දවසක මහිනද් රාජපක්ෂ රජය විසින් ලැබූ යුධ ජයග‍්‍රහණයෙන් උද්දාම වී, මල්වෙඩි ගසා, හමුදා සෙබළුන් සොයාගෙන ගොස් බදා වැළඳගෙන, ජාතික කොඩි ඇගේ ඔතාගනිමින්, තමනුත් කිරිබත් කා, අහුවෙන අහුවෙන හමුදා සහ පොලිස් නිළධාරීන්ට බලෙන්ම කිරිබත් කැවූ ජනතාව ද මේ?  කඩ පේලී දිගේ ගොස් කඩ 20 කින් 19 කම අයිතිකරුවන් නැතැයි බොරු කියා, රුපියල් 100 ක් නොදී, රණවිරුවන් හරවා යැව්වේ ඒ ජනතාවමද? සැබැවින්ම ජනතාව ඔය කියන තරම්දේශපේ‍්‍රමීන් නම්, අයිතිකරුවන් සිටියත් නැතත් ජනතාව තමන්ට කන්නට තිබෙන මුදලින් හෝ රුපියල් 100 ක් දෙන්නට හැකියාවක් නොමැති විය නොහැකිය. නමුත් කඩ 20 කට ඇවිද ගොස් රුපියල් 100 කට වඩා හොයාගන්නට නොහැකි වූ අපේ හමුදා නිළධාරියාට දැන් සිතෙනු ඇත්තේ කුමක්ද? කෝ ඒ දේශපේ‍්‍රමී ජනතාව. කෝ ඒ රණවිරු ගී ගැයූ කලා කරුවන්. කෝ ඒ සිංහ කොඞ්, කෝ ඒ කිරිබත්.??? මේක හරියට ඊයේ මට පණවගේ ආදරෙ කරපු කෙල්ල, අද මා දුටුවිට නාඳුනන කෙනෙකු මෙන් අහක බලා ගත්තා වැනි තත්ත්වයක්. ඒ තරම් ආදරයක්, ගෞරවයක් ලැබූ, අපේ රණ විරුවෝ, ජාතියේ පිනෙන් පහල වූ වා යැයි කියූ රණ කාමියෝ, සිය දහස් ගණන් රණවිරු ගී වලින් උස්සා තැබූ රණ කාමීයෝ, රටපුරා බැනර් පෝස්ටර් ගසා ප‍්‍රණාමය පළකල රණකාමියෝ, ටෙලි නාට්‍ය සහ ච්ත‍්‍රපට වලින් උස්සා තබා ගුණ වැයූ රණකාමීයෝ… කෝ දැන්?

සරත් ෆොන්සේක් ඇතුළුව ති‍්‍ර විධ හමුදාවට, පොලීසියට මෙන්ම බොහෝ දෙනෙකුට නොතේරුණු ඇමති මණ්ඩලයට සහ ඊනියා බුද්ධිමතුන් හා කලාකරුවන්ටද නොතේරුණු, මහින්ද රාජපක්ෂටම පමණක් තේරුණු ලාංකීය ජන සමාජයේ යථාර්තය මෙයම නොවන්නේද?  ලංකාවේ පොදු ජනතාව යනු වැල යන අතට මැස්ස ගසනා ජාතියක් විනා, මැස්සක් ගසා හරි මග වැල යවන ජාතියක් නොවේ. වෙලාවේ හැටියට තමන්ට අවශ්‍ය දෙය කරගන්නවා හැර, අනවශ්‍ය දේවල්වලට අත නොදමා, අත පුච්චානොගෙනම රොටිය බා ගන්නටත් ඔවුන් දැන් හොඳාකාරවම දනී.

සරත් ෆොන්සේකාට, හමුදාවට සහ අනෙකුත් සියළු දෙනාටම වැරදුණු තැන මෙතැනයි. සරත් ෆොන්සේකා සිතුවේ ලංකාවේ ජනතාවගේ එකම පැතුම යුදධය ජය ගෙන නිදහසේ ජීවත්වීම බවයි. ඒ නිසා යුද්ධයෙන් පසු සකල ලංකාවාසී ජනතාව තමා සමගම මැරෙන්නට හෝ එතැයි සිතා ඔහු ජනාධිපතිවරණයට තරග කළේය. ඇත්තටම ඔහු තරග කළාට වඩා ඔහු තරග කෙරෙව්වා කිවීම වඩාත් සුදුසුයි. සරත් ෆොන්සේකාට සිදුවූයේත් අර ටිකට් විකුණනන් කඩ 20 කට ගොස් එක කඩයකින් පමණක් ටිකට් එකක් මිලදී ගත්  හමුදා නිළධාරියට සිදු වූ සිද්ධියමය.

ලාංකීය සමාජය දැන් ජීවත්වන්නේ අතීතය හෝ අනාගතය මත නොවේ. ඔවුන් ජීවත්වෙන්නේ අද දවස ගැන සිතා පමණි. වෙනත් වචනයකින් කියන්නේ නම්, ලාංකීය ජනතාව ජීවත්වෙන්නේ ‘පිස්සු පූසාගේ’ න්‍යායට අනුවය, ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී.. අතීතය ගැන සිතා ඒ පිළබඳව උද්ධාම වන්නවත්, අතීත වික‍්‍රමයන් මෙනෙහි කරමින් ඔවුන්ව අගයන්නටත්, අනාගත සුබ සිහින දකින්නවත්, එසේ සුබ සිහින මවන අය පිළිගන්නවත් ඔවුන් දැන් සුදානම් නැත. ඔවුන්ගේ එකම දිනය අද පමණකි. ඒ නිසා, අතීතයේ කළ කී දැ මත හෝ, අනාගතයේ කරන්නට යන දේ මත ජනතාව තවදුරටත් තම මනාපය පළ නොකරයි. මේ බව හොඳින්ම තේරුම් ගත්, ලාංකීය ජන විඥ්ඥාණය පතුළටම කිඳා බැස ඇති එකම ජන නායකයා මහින්ද රාජපක්ෂම පමණකි. ඔහු තමන්ට කරන්නට තිබෙන දහසකුත් එකක් සියළු වගකීම් සහ වැඩ කටයුතු පසෙක ළා, අද අද එයි මරු පින් කරගන්නේ යන න්‍යාය අනුව යමින්, දහ අට වෙනි සංශෝධනය ඩෝං ගා රුගෙන එන්නේ මෙන්න මේ ලාංකීය ජන සමාජයේ හැසිරීම සහ ඔවුන්ගේ මනෝභාවයන් පැහැදිලිව හඳුනාගත් නිසායි. තව අවුරුදු 7 ක් පමණ ධූර කාලයක් ඉතිරිව තිබෙද්දී පවා 18 වන සංශෝධනය ඉදිරිපත් කර සම්මත කරගෙන ජීවිත කාලය පුරාම රටේ පාලකයා වීමට අවශ්‍ය පසුබිම මහින්ද රාජපක්ෂ විසින් සකසා ගත්තේ, තව අවුරුද්දක් දෙකක් යනවිට, ලංකාවේ ජනතාවට ඔහු එපාවී, ජනපි‍්‍රයත්වය හීන වී, යුධ ජයග‍්‍රහණ අමතක වී, කුණු බිත්තර පවා ගැසීමට ඉඩ ඇති ජනතාවක් ලංකාව තුළ වෙසෙන බව ඔහු දන්නා නිසාය.

මෙවන් වාතාවරණයක් තුළ, කාලයත් සමගම, අනිත් රාජ්‍ය නායකයින්ට සිදු වූ ආකාරයටම, මහින්දගේ නායකත්වය නිසැකවම අභියෝගයට ලක්වන බව ඔහු හොඳින් දනී. කල දුටු කළ වල ඉහගනු න්‍යාය හොඳින්ම දන්නා මැද මුලනේ මහින්ද රාජපක්ෂ, වහාම කි‍්‍රයාත්මක වී තම ඉදිරිමග නිරවුල් කරගන්නේ මෙන්න මේ ලාංකීය යථාර්තය ඔහු අනිත් හැමෝටම වඩා හොඳින් ග‍්‍රහණය කරගෙන තිබෙන නිසාය. 18 ට පසුව තවත් ව්‍යවස්ථා සංශෝධන ගණනාවක්ම රැුගෙන එනු නොඅනුමානය. ඒවා මගින් තව තවත්, පටි තදකරන බවද සක් සුදක් සේ පැහැදිලිය. නමුත්, ඒ ගෙන එන ව්‍යවස්ථා සංශෝධන හෝ පනත් කොතරම් අපුල වුවත්, දැන් කිසිවෙකුට කළ හැක්කක් නොමැත. තමන්ගේ බලය පිළිබඳව තිබූ අවුල මහින්ද රාජපක්ෂ විසින් විසඳාගෙන හමාරයි. එසේත් නැත්නම්, මහින්ද රාජපක්ෂ කඩ විස්සටම තම ටිකට් විකුණා හමාරය.

මා කලින් දුටු හමුදා නිළධාරියාගේ සහ මහින්ද රාජපක්ෂගේ කැපී පෙනෙන වෙනස සනිටුහන් වන්නේ මෙතැනදීය. මහින්ද රාජපක්ෂ, තමන්ට අවශ්‍ය වෙලාවටත් කලින්ම, ටිකට් පොත ගසා කඩ පේලියටම විකුණා අවසන්ය. මේ මොහොතේ මහින්ද චින්තන ටිකට් නොගන්නේ කවුද? මේ මොහොතේ ජනතාවට මහින්දගේ ටිකට් එක නොගැනීම හරියට ලාංකීය සමාජයේ ආනන්තරීය පාපකර්මයක් කරනවා වැනි දෙයකි. නමුත්, හමුදා නිළධාරියා තම ටිකට් පත් විකුණන්නට එනවිට හමුදාපති ගේ සිට පහළට හමුදාව කෙරෙහි තිබූ සියළුම ගෞරවයන්, මහින්ද රාජපක්ෂ විසින් රාජසන්තක කොටගෙන අවසානයි. දැන් හමුදාටව ටිකට් විකුණල ගොඩ එන්න බෑ. මහින්ද රාජපක්ෂ ඊට කලින් ටිකට් පොත විකුණල ඉවරයි.
මහින්ද රාජපක්ෂගෙ ටිකට් පොත කොච්චර ලොකුද කියල අපි දන්නේ නෑ. අපිට කොච්චර ලොකු ගාණක් ගෙවන්න වෙයිද කියලත් අපි දන්නේ නෑ. ඒත් අපි දන්න එක දෙයක් තියනවා, 18 වෙනි සංශෝධනය කියන ටිකට් එක විකුණගත්ත නිසා, දැන් ඉස්සරහට ගහන ටිකට් පොත් විකුණගන්න හරීම ලේසි වෙනවා. මොකද මින් ඉදිරියට එළඹෙන්නේ බලෙන් ටිකට් විකිනීමේ වාරයයි. තමන් කැමති උනත් නැතත්, විකුණන  ඕනෑම ටිකට් එකක් ගන්නට ලාංකීය ජනතාවට මෙන්ම මැති ඇමතිවරුන්ට පවා සිදුවෙනවා. හැබැයි, මේ ටිකට් වල කොච්චර ලස්සන තෑගී ගහල තිබුණත්, ඒ තෑගි කවදාවත් දිනුම් අදින්නේ නෑ. දිනුම් ඇදෙන තෑගිත් ඔක්කොම ඇදෙන්නේ මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ ඥාතී හිත මිත‍්‍රාදීන්ටම විතරයි. අපිට ඉතුරුවෙන්නේ හිස් කොලේ විතරයි. අන්තිමේ රුපියල් 100 ත් මහින්දට, ඇදෙන තෑගිත් මහින්දට.

ඉතින්, අපිට ජනතාවට, මැති ඇමතිවරුන්ට, ජන නායකයින්ට, සිවිල් සංවිධාන වලට, කලා කරුවන්ට, දේශපේ‍්‍රමීන්ට, විප්ලවවාදීන්ට, පරිසර හිතකාමීන්ට, පූජ්‍ය පක්ෂයට, මෙකී නොකී හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් අපට ටිකට් එක ඇදිල ඉවරයි. නමුත්, මේ ටිකට් පොත් ගැහැල්ල මෙතනින් නවතින්නේ නෑ, ඒ නිසා, පුළුවන්නම්, මේ ටිකට් විකිණිල්ලට විරුද්ධ වෙන්න. ටිකට් ගැනීම ප‍්‍රතික්ෂේප කරන්න.අපි ගන්නෙ නැහැ කියන්න. කෙලින්ම කරන්න තරම් කොන්දක් නැත්නම්, අර හමුදා සුබසාධක අරමුදලට ටිකට් විකුණන්න ආවම කමියුනිකේෂන් එකේ අක්කා කළ වැඬේ වගේ කපටි වැඩක් හරි කරන්න. රට ගැන හරි හෙට හරි ගැන නොහිතුවට කමක් නෑ, අතේ තියන රුපියල් 100 ට කෙළවෙන එක ගැන හිතලා හරි මේ වැඬේට බකට් එක දාන්න. නැත්නම්, ජීවිත කාලේ පුරාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, මහින්ද රාජපක්ෂ විකුණන ආසියාවේ ආශ්චර්යය ටිකට් පොතටම ගෙවල ගෙවලා අපි මැරිල යයි, ඇදෙන තෑගී ඔක්කොම මහින්ද රාජපක්ෂ සහ නෑ හිත මිතුරන් සතුටින් භුක්ති විඳීවී.

අපි පුංචි කාලේ කරපු අපූරු සෙල්ලමක් තිබුණා, ඒකට ඉංගී‍්‍රසියෙන් කියන්නේ “Simon says” කියලා. සෙල්ලම කරන්නෙ මෙහෙමයි. මේ සෙල්ලමට  ඕන තරම් පිරිසක් සහභාගි කරගන්න පුළුවන්. හැබැයි මෙතනින් සයිමන් වෙන්න පුළුවන් එක්කෙනාටයි. අනිත් අය සයිමන් කියන දේ ඒ විදියටම කරන්න  ඕන. සයිමන් කිව්වොත්, ආ දැන් උඩපනින ගමන් බඩ අත ගාන්න කියලා, ගේම් එකට  සම්බන්ධවෙලා ඉන්න අනිත් හැමෝම ඒ වැඬේ කරන්නම  ඕන. එහෙම පනින්න බැරි වෙන අය ගේම් එකෙන් පරාදයි. එතකොට ඒ ගොල්ලො ඔක්කොම එලියෙ. සයිමන්ට  ඕන කරන්නේ පුලූවන් තරම් ඉක්මනින් අනිත් හැමෝම පරද්දල ගේම් එකෙන් අයින් කරන එක. අනිත් අයගේ ටාස්ක් එක තමයි එලියට විසිවෙන්නෙ නැති වෙන්න කොහොම හරි ගේම් එකේ ඉන්න එක. ඒ හින්දා සයිමන් කියන දේ හරියටම ඒ විදියටම කරන්න ඒ ගොල්ලො පරිස්සම් වෙනවා. හැබැයි සයිමන් මෙතනදි හරිම කපටියි. ඒ හින්දා සයිමන් සමහර ඒවා පටලවල කියනවා. උදාහරණයක් විදියට එයා සයිමන් කිව්ව කියන්නෙ නැතුව නිකංම උඩ පනින්න කියල, උඩ පනින අය අවුට්. මොකද ඒ කියන්නේ සයිමන් නෙමෙයි. එතකොට උඩ පනින අයට ආයි චාන්ස් එකක් ලැබෙන්නෙ නෑ. හැබැයි මේ වචනෙ පිටවෙන්නෙත් සයිමන්ගෙම කටින්, එතකොට ගේම් එකේ ඉන්න අය අවුල් වෙනවා. මේක ඇත්තටම කරන්න හරිමඅමාරු ගේම් එකක්, සයිමන්ට ඇර අනිත් හැමෝටම.

මේ ගේම් එකේදී බොරුවෙන් දිනන්නත් පුළුවන්. ඒකට සයිමන්ට බලය තියෙනවා. සමහර වෙලාවට සයිමන් කියනවා උඩ පනින්න හැබැයි පොළවට වැටෙන්න බෑ. කකුල් දෙකම උඩ තියාගෙන ඉන්න  ඕන කියලා. මේක ජීවිතේට කාටවත් කරන්න බැහැ. ඒත් සයිමන්ට බලය තියෙනවා  ඕන දෙයක් කියන්න. එතකොට වෙන්නෙ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ගේම් එකෙන් පැරදිලා හැමෝටම එලියට යන්න තමයි. සමහරවෙලාවට ගේම් එකට කිසිම සම්බන්ධයක් නැති දෙයක් කියලත්, සයිමන්ට අවශ්‍ය නම් තමන්ට අනවශ්‍ය අයව අයින් කරන්න පුළුවන්. ඉතින්, සයිමන් කියන දේ හරියටම අකුරටම එක දිගට, වැඩිම කාලයක් පිළිපදින්න පුළුවන් අය විතරයි අන්තිමේ සයිමන් එක්ක ඉතුරුවෙන්නේ. අනිත් ඔක්කෝම අවුට්.

මට මේ ගේම් එක මතක්උනේ, මහින්ද රාජපක්ෂ ලගදී ගහපු 18 වෙනි ව්‍යවස්ථා සංශෝධන ගේම් එක දැක්කම. මේකත් හැබෑවටම අපි පොඩිකාලේ කරපු අර ගේම් එක වගේමයි. මහින්ද රාජපක්ෂ කියන්නේ මොකක්ද ඒක ඒ විදියටම කරන්න අපේ මැති ඇමතිවරු සැදී පැහැදී ඉන්නවා. නැත්නම් ගේම් එකෙන් අවුට්. ඒ හින්දා මොන දේ කිව්වත් ඒක ඒ විදියටම කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මොකද හැමෝටම ගේම් එකේ ඉන්නත් ආසයි. ඒ අයත් දන්නව මේක ලේසි වැඩක් නෙමෙයි කියලා. අනික මේකේ මහින්ද කියන හැම දේම හරි නෑ කියලා. ඒත් එහෙම කියල හරියන්නෙ නෑ. මහින්ද කියනව දහ අට හොඳයි කියල කියන්න කියලා. ඉතින් දිනේෂ් ගුණවර්ධනල, මෛතී‍්‍රපාල සිරිසේනල, විමල් වීරවංශල, ගෙ ඉඳල ගේම් එකේ ඉන්න කැමති හැමෝම මේක ගිරව් වගේ කියනවා. ඒ විතරක් නම් මදෑ. අලූතෙන් ගේම් එකට විපක්ෂයෙන් එකතුවෙන අයත් ඉන්නවා. ඒ ගොල්ලො කියන්නෙ අපි කරන සෙල්ලම කිසි ගතියක් නැති හින්දා මේ ගේම් එකට සෙට් උනා කියලා.
එතකොට කලාකාරයෝ (?) සිවිල් චරිත, බුද්ධිමතුන් (?), ජාති මාමකයින් (?), විතරක් නෙමෙයි, මහ නායක හාමුදුරුවරු පවා කියනවා දහ අට මරු කියලා. ඊට පස්සේ මහින්ද කියනවා, දැන් හැමෝම අත් උස්සල ඡුන්දෙ දහ අටට පක්ෂව ඡුන්දෙ දෙන්න කියලා. ගේම් එකේ අවුට් නොවී ඉන්න  ඕන හැමෝම, වාසුදේව සහ ඩිව් ගුණසේකර වැනි වා…….මාංශික නායකයන් පවා පටස් ගාලා අත උස්සනවා.

එහෙම දහ අට මරු කියල, ඒකට අත ඉස්සුවට පස්සේ, මහින්ද සෙල්ලම් කරන මේ සයිමන්ගෙ ගේම් එකේ බලතල තවත් වැඩිවෙනවා. දැන් ඉතින් මහින්ද ට කැමති කාලයක් සයිමන් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි,  මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම,මූල්‍ය කොමිසම හා සීමා නීර්ණය කොමිසම, කියන ස්වාධීන ආයතනවලට කොමසාරිස්වරු පත්කිරීමේ තනි බලයත් මහින්ද රාජපක්ෂට ලැබෙනවා. එතකොට ඒ ගොල්ලො කැමති උනත් නැතත්, ඉබේම මේ සයිමන් ගේ සෙල්ලමේ කී‍්‍රඩකයො වෙනවා.

ඒ විතරක් නම් මදෑ. අග විනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවන්, අභියාචනාධිකරණ විනිසුරුවන් පත් කිරීමේ බලයත්, අධිකරණ සේවා කොමිසමේ සභාපති ඇරෙන්න, අනිත් සියළුම සාමාජිකයින් පත් කරන්නත්, නීතිපති, විගණකාධිපති, පාර්ලිමේන්තු මහ ලේකම්, ඔම්බුඞ්ස්මන් මේ ඔක්කොම පත්කරන්නත් බලය තියෙන්නේ ජනාධිපතිට. එතකොට ඒ ගොල්ලොත් සයිමන් කියන දේ අහන්නම වෙනවා. නැත්නම් අවුට්.

එතකොට මොකක්ද මේ වැඩෙන් අන්තිමට වෙන්නේ. මේකෙන් වෙන්නෙ වෙන කිසිම දෙයක් නෙමෙයි, සයිමන් කියන විදියකට සයිමන් කැමති කාලයක් ඉන්න සිද්ධවෙන එක විතරයි. බොැරුවට විරුද්ධ වෙලා වැඩක් නෑ. මොකද මේක ගේම් එකක්. විරුද්ධ උනා කියන්නෙම, සයිමන් කියපු දේ කරල නෑ. එතකොට උන් සේරම ගේම් එකෙන් අවුට්. ඉතුරුවෙන්නේ කොඳු කඩාගත්ත කියන කියන දේ කරන හෙංචයියෝ සෙට් එකක් විතරයි.

හැබැයි මේ මහින්දගේ ගේම් එකේ සෙල්ලම් කරන හැමෝටම අපිට කියන්න දෙයක් තියනවා. දැන් ඉතින් සයිමන් ගේ කාලය ගැන අවුලක් නෑ. ඉස්සර තිබුණු 17 තිබුණ නම්, සමහරවිට අවුරුදු 12 කට පස්සෙ හරි සයිමන් මාරුවෙනවා. දැන් ඒ සෙල්ලම ඉවරයි. දැන් ඉතින් ඔළුවෙන් හිටගෙන ඉන්න කිව්වොත් ඔලූවෙන් හිටගෙන ඉන්නයි, තමන්ටම වෙඩි තියාගන්න කිව්වොත් වෙඩි තියාගන්නයි, නොකා ඉන්න කිව්වොත් නොකා මැරෙන්නයි තමයි වෙන්නේ. දැන් ඉතින් මහින්දට පස්සෙ සයිමන් වෙන්න හිතාගෙන හීන මවපු හැමෝටමයි, සයිමන් ගෙ දහ අටට සපෝට් කරපු හැමෝටමයි, සපෝට් නොකර ෆයිට් කරපු හැමෝටමයි, සපෝට් නොකර නිකංම හිටපු හැමෝටමයි…..
“සයිමන් කියනවා” බඩ කපා ගන්න කියලා.

සාමන්‍යයෙන් පාරිභෝගියෙක් කඩයට ගිහින් බඩුවක් ගන්නේ යමිකිසි දැනුවත් වීමක් ඇතිවයි. ඒ කියන්නේ මිළදී ගන්න යන භාණ්ඩය කුමක් වුවත් ඒ පිළිබඳව එළියෙන් හදල දීපු යමිකිසි හඳුනාගැනීමක් සහිතව තමයි එම භාණ්ඩය මිලදී ගන්න යන්නේ. එහෙම නැතුව කඬේට ගිහින් මුදලාලීගෙන් අහල බඩු ගන්න අයත් ඉන්නවා. ණයට බඩු ගන්න අයට නම්, මුදලාලී බලෙන්ම දෙන භාණ්ඩත් තියනවා. ඒත් බහුතරයක් පිරිස තමන්ට අවශ්‍ය සබන් කෑල්ලක්නම්, සබන් කෑලි ගොඩ අස්සෙන් තමන් කැමති නම කියලම ඉල්ලන්නේ ඒක පිළිබඳ එළියෙන් ඔහුට හෝ ඇයට හදල දීපු යමිකිසි ප‍්‍රතිරූපයක්, දැනුවත් බාවයක් එක්කයි. හැබැයි අපි මේ විමසල බලන්න යන්නේ කඬේට ගිහින් මිනිස්සු බඩුගන්න පෙළඹෙන විදිය ගැන නම් නෙමෙයි. ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයෙදී, ලාංකීය බුද්ධිමත් ජනතාව තම වටිනා ඡන්දයෙන් මිලදී ගත්, යම් යම් පාරිභෝගික භාණ්ඩ සම්බන්ධව වෙළඳ දැන්වීම් ආශ‍්‍රයෙන් යමිකිසි දළ වටහාගැනීමක් ඇති කරගන්නයි.

වෙළඳ දැන්වීම් ක්ෂේත‍්‍රයේ තරමක් ප‍්‍රසිද්ධ කියමනක් තියනවා මෙන්න මෙහෙම. “හොඳ වෙළඳ දැන්වීමක් කියන්නේ එස්කිමෝවරුන්ට ෆි‍්‍රජ් එකක් උනත් විකුණන්න පුලූවන්” එකක් කියලා. ඒ කතාවෙන්ම අපට පැහැදිලි වෙනවා ඇත්තටම වෙළඳ දැන්වීමකින් කොයිතරම් දෙයක් කරන්නද පුලූවන්ද, ඒක කොයිතරම් ප‍්‍රබල මෙවලමක් ලෙස මිනිස්සුන්ගේ ඔලූවේ තියන මතවාදයන් වෙනස් කරන්නට සහ අලුතින් මතවාදයන්, නැති අවශ්‍යතාවයන් නිර්මාණය කරන්නට යොදාගන්න පුලුවන්ද කියන කාරණය. සැබැවින්ම මෙය වෙළඳ දැන්වීමට පමණක් අදාළ වන කාරණයක් නෙමෙයි. මොකද මිනිස්සුන්ගේ මතවාද සහ අවශ්‍යතාවයන් දැන් නිර්මාණය කරන්නේ මාධ්‍යය මගින්. හැබැයි ඉතින් මාධ්‍ය ඒ කරන්නෙත් වෙළඳ දැන්වීමක් තමයි. ඒ හින්දා අපි වෙළඳ දැන්වීම් ආශ‍්‍රයෙන්ම මේක තේරුම්ගන්න බලන එක වඩාත් ලේසියි. යමිකිසි වෙළඳ දැන්වීමක් නිර්මාණය වෙන්නේ ඇයි? ඒක නිර්මාණය කරන්නේ කොහොමද? වෙළඳ දැන්වීමක ප‍්‍රධාන කාර්යභාරය මොකක්ද? වෙළද දැන්වීම තුළින්, යමිකිසි භාණ්ඩයක් අදාළ ඉලක්කය (Target)  සපුරාගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා ගැන සරළ අදහසක් තේරුම් ගැනීම අපේ මාතෘකාව ඉදිරියට ගෙනියන්න ලොකු පහසුවක් වෙනවා.

සැබැවින්ම වෙළඳ දැන්වීමක් නිර්මාණය වෙන්න මූලිකම හේතුව තමයි, යමිකිසි භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව ඊට අදාළ ඉලක්කගත ජන කොටස (Target Market ) වෙත එම භාණ්ඩය හෝ සේවාව පිළිබඳව ප‍්‍රචාරණයක් ලබාදීම. එමගින්, පාරිභෝගිකයන්ගේ ඔලූගෙඩි තුළ, මෙතෙක් ඔවුන්ට තිබූ අවශ්‍යතාවයක් තව තවත් පෝෂණය කිරීම හෝ මෙතෙක් නොතිබූ නව අවශ්‍යතාවයක් කෙසේ හෝ නිර්මාණය කිරීම. එය දැනට වෙළඳපලේ පවතින භාණ්ඩයක් හෝ සේවාවක් වෙන්නත් පුලූවන්, එහෙමත් නැත්නම් අලූතින්ම වෙළඳපලට හඳුන්වාදෙන භාණ්ඩයක් හෝ සේවාවක් වෙන්නත් පුලූවන්. අපි සරළ උදාහරණයකට ගමු සබන්. වෙළඳපලේ සබන් වර්ග ගණනාවක්ම තියනවා. ඇත්තටම කිව්වොත් අපි නොසිතන විශාල ප‍්‍රමාණයක් සබන් වර්ග වෙළඳපොලේ තියනවා. ඒ වගේම බහුතරයක් සබන් වර්ග වලට අනන්‍ය වූ වෙනස් වර්ගයේ පාරිභා්ගිකයන් පිරිසක් මේ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා (ඇත්තටම සැදී පැහැදී ඉන්නවට වඩා එක එක මිනිස්සුන්ගේ චර්යාවන් ගැන වඩාත් හොඳින් දන්න හින්දා අදාළ මිනිස්සුන්ට ගැළපෙන විදියට භාණ්ඩෙ හදල තියනවා). ඒ නිසා තමන්ගේ සබන් කැටය ගෙන යා යුත්තේ මොන අන්දමේ පාරිභෝගිකයන් පිරිසක් අතරටද කියල සබන් කැටේ නිෂ්පාදකයා සහ ඊට අදාළ අළෙවි කණ්ඩායමත් අදාළ වෙළඳ දැන්වීම නිර්මාණය කරන වෙළඳ ප‍්‍රචාරණ ආයතනයත් එකට එකතුවෙලා යමි කිසි නිගමනයකට සහ එක`ගතාවයකට එනවා. අදාළ භාණ්ඩයේ තත්ත්වය, භාණ්ඩය නිෂ්පාදනය කරන ආයතනයේ වෙළඳ නාමය, එහි මිළ ගණන්, ඇසුරුම් කර තිබෙන ආකාරය, ගොඩනගන්නට බලාපොරොත්තු වන ප‍්‍රතිරූපය, එහි තිබෙන අනෙකුත් සුවිශේෂතා, ඇතුලූ කාරණා ගණනාවක් නරීක්ෂණය කරල තමයි ඔවුන් මෙම භාණ්ඩය විකි◊ය යුත්තේ මොන මට්ටමේ ජන කොටසකටද කියලා තීරණය කරන්නේ. ඒ සඳහා යොදාගන්න ප‍්‍රධාන මිණුම් දණඩක් තමයි, සමාජ ආර්ථික සවිස්තරය (Social Economic clarification) අපි මේකට කෙටියෙන් කියන්නේ  ( S E C )  කියලා. ඉතින් සමාජයේ ජීවත්වන ජනතාවගේ සමාජ තත්ත්වය, ආර්ථික මට්ටම, අධ්‍යාපන මට්ටම, වසරකට උපයන මුදල, පරිහරණය කරන වාහනය, කියවන පොත පත, බලන ටී වී වැඩසටහන් සවන්දෙන ගුවන්විදුලි නාලිකා ඇතුලූ බොහෝ කාරණා ගණනාවක් ඇසුරින් අපි මේ සමාජය හඳුනාගන්නවා කාණ්ඩ කිහිපයකට.             ( A,B,C,D,E ) ආදී වශයෙන්. A කියන්නේ ඉහළම ඉන්න සුපිරි පන්තිය, ඊට පස්සේ ඉහළ මධ්‍යම පන්තිය, මධ්‍යම පාන්තිය, පහළ මධ්‍යම පන්තිය, නිර්ධන පන්තිය ආදී වශයෙන් පහලට මෙය විහිදී පැතිරෙනවා. අපි වෙළඳ භාණ්ඩයක් විකුණන්න කලින්, මෙන්න මේ කොට්ඨාෂයෙන් කාටද අපි භාණ්ඩය ඉලක්ක කරන්නේ කියන එක දැනගැනීම අත්‍යවශ්‍යම සාධකයක්. එහෙම නැතුව ආවට ගියාට භාණ්ඩයක් එළියට දැම්මොත් එම භාණ්ඩය වෙළඳ පොලේදි ෆේල් වෙන්න පුලූවන්. මිනිස්සු ප‍්‍රතික්ෂේප කරන්න පුලූවන්.

දැන් අපි බලමු කොහොමද මේක වැඩකරන්නේ කියලා. උදාහරණයක් විදියට අපිට විකුණන්න තියෙන්නේ ආයුර්වේද සබන් කැටයක් නම්, අපිට පැහැදිලවම තේරෙන දෙයක් තමයි, මේක ගැන ලක්ස් මිලදී ගන්න අයට කථා කරල වැඩක් නැහැ කියලා. මොකද ලක්ස් ගන්න අය ඒක ගාන්නේ වෙනත් පරමාර්ථයක් උඩ. ඒ කියන්නේ ලෝකයේ ඉන්න ලස්සනම කෙනා වෙන්න හිතාගෙන. එතකොට එයාලට ආයුර්වේද සබන් වල තියනව කියන ආයූර්ෙවීදීය ගුණය ගැන කිව්ව කියල ලක්ස් එක අතඇරල ආයූර්වේද සබන් මිලදී ගන්නේ නැහැ. ඒක ගැන කථාකරන්න  ඕන පැරණි  දේ අගයන, සිංහල බෞද්ධ කම, වෙද හෙදකම් ගැන අගය කරන, සංස්කෘතිය (?) කියල මිනිස්සු හිතාගෙන ඉන්න එක අගය කරන, අපේ කම (?) අගය කරන මිනිස්සු කොට්ඨාෂයකට. ඒ හින්දා තමයි ගොඩක් ආයුරඣවේද සබන් දැන්වීම් වල දිග සුදු රැවුලක් තියන වයසක සීයා කෙනෙක් හරි, ( එතකොට මේක බලන මිනිස්සු හිතනව මිනිහ මාර දැණුමක් තියන දැනමුතුකම් දෙන්න පුලූවන් කෙනෙක් කියලා) වෙද මහත්තයෙක් වගේ කෙනෙක් හරි ඉන්නේ. එතකොට ඒක ටී වී එකෙන් බලන් ඉන්න ඒ වර්ගයේ මිනිස්සුන්ට ඒක හරියටම සෙට් වෙනවා. ආයුර්වේද සබන් කෑල්ලක් විකුණනන්න ඉරාජ් වීරරත්න හරි කිලර් බී, සෙන්ට්ගේ‍්‍රඞ්ස් වගේ අය දාලා කළොත් වැඬේ ෂුවර් එකටම ෆේල්. ඒ ගොල්ල දාල ඇඞ් එකක් කරනව නම් සබන් කෑල්ල ෆුල් ෆන්කි, හිප් හොප්, නැගල යන එකක් වෙන්න  ඕනේ. ලෝකේ ඉන්න ලස්සනම කෙනා වෙන්න බලාගෙන සබන් ගන්න බලන් ඉන්න අයට මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑණු කෙනා දාලා වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්නෙත් අන්න ඒකයි. නමුත් දැන්වීමේ පෙනී ඉන්න නිළිය ජීවිතේට ඒ සබන් ගාන්නේ නැහැ. විෂබීජ නාශක මොඞ් සබන් වලට, (ආයුර්වේද නොවන) අපේ ජීවිතේට ඉස්පිරිතාලෙක දැකල නැති තරම් ලස්සන දොස්තර නෝනා කෙනෙක් දාන්නෙත් ඒකයි. (ඇත්තටම ඇඞ් එකේ ඉන්නේ නිරූපිකාවක් මිසක් දොස්තර නෝනා කෙනෙක් නෙමෙයි, නමුත් දොස්තර කෙනෙක් වගේ ඇඳල දොස්තර නලාව දාගත්තම මිනිස්සු හිතනවා මෙයා නම් දොස්තර නෝනා කෙනෙක්ම තමයි කියලා.)

නමුත් ප‍්‍රශ්ණේ ඒක නෙමෙයි, ආයුර්වේද සබන් ගත්තොත්, එකම ආයුර්වේද ගුණ තියන සබන් වර්ග 20 ක් විතර තියනවා. විෂබීජ නාශක සබන් ගත්තත් ඒ වගේ. ලස්සන වෙන සබන් වර්ගත් ඉහේ කෙස් ගාණට. රෙදි සෝදන සබන් වර්ගත් හැටක් විතර තියනවා. ඉතින් මේ සබන් වර්ග ගොඩ අස්සේ, කඬේට ගිය ගමන් ඉස්සෙලාම පාරිභෝගිකයගේ ඔලූවට ඇවිත්, නම කියල ඉල්ලලා, වැඩිම ආදායමක් ලබන්න සබන් කැට කිහිපයක් පමණක් සමත් වී තිබෙන්නෙ කොහොමද? ඔන්න ඔය ප‍්‍රශ්ණෙදි තමයි, වෙළඳ දැන්වීමේ ප‍්‍රබලත්වය භාණ්ඩයේ තිබෙ විශේෂත්වයටත් වඩා ඉස්මතුවෙලා එන්නේ. එතනදි, වඩාත් හොඳින් තමන්ගේ පණිවුඩය ජනතාව අතරට යවන, වඩාත් වැඩි කාලයක් දැන්වීම් ප‍්‍රචාරය කිරීමට මුදල් ඇති, වඩා හොඳින් ජනතාවගේ ඔලූවේ පැළපදියං වෙන්න පුලූවන් විදියට නිර්මාණය කරපු, හොඳ නමක් ඇති, අපි බලාපොරොත්තුවෙන දේ භාණ්ඩයෙන් වෙයි කියලා වඩාත්ම තහවුරු කළ හැකි සබන් කෑලි ඉදිරියට එනවා.

අපි දැන් මේක පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සම්බන්ධයෙන් පොඩි සංසන්දනයක් කරල බලමු. ජනාධිපතිවරණයෙදි ඡන්දයට ඉදිරිපත් වූ ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වුනේ, මහින්ද රාජපක්ෂ මහතා සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා. දෙදෙනාම බලාපොරොත්තු වූ ඉලක්කය එකම එකක්. වැඩිම ජනතා ප‍්‍රසාදයක් ලබාගෙන ගොඩයන්නේ කොහොමද කියන කාරණය. ඉතින් ජනතාවට නැති මේ දෙන්නට විතරක් තියන ජනාධිපති වීමේ උවමනාව ජනතාවගේ ඔලූවට දාලා, ඒක ජනතාවගේ උවමනාවක් කරන්න ප‍්‍රධාන වශයෙන්ම දායක වූනේ වෙළඳ දැන්වීම්. (සැ.යු. මැතිවරණ සමයේ විකාශනය වූ චිත‍්‍රපටයේ සිට ප‍්‍රවෘත්තී දක්වා වූ සියල්ලම වෙළඳ දැන්වීම් බව කරුණාවෙන් සලකන්න) ඔවුන් දෙදනාම ජනතාවගේ ඔලූවට දමන key message එකක් තියනවා. ඒ තමයි යුද්ධය ජයග‍්‍රහණය කිරීම. රට නිදහස් කර ගැනීම. රට එක් සේසත් කිරීම. කියන කාරණය. දෙන්නම කියන්නේ එකම කාරණය. මහින්ද රාජපක්ෂ කියනවා මම තමයි යුද්ධෙ ඉවරකළේ කියලා. ජෙනරාල් ෆොන්සේකා කියනවා මම තමයි යුද්ධෙ ඉවර කළේ කියලා. එතකොට මේක හරියට රෙදි හෝදන සබන් කෑලි දෙකක් එකම දෙයක් පාරිභෝගිකයට කියනව වගේ. හරියට සන්ලයිට් සහ වොන්ඩර්ලයිට් වගේ. දෙකම කියන්නේ රෙදිවල කුණු යන්නේ මගේ කැටෙන් කියලා. එතකොට මොකද වෙන්නේ ? දෙකම එකයි. කොහොමද ඒතනදී දෙකම එකයි කියන එක ජනතාවගේ ඔලූවෙන් වෙනස් කරන්නේ. වෙනස්කරන්නේ මෙන්න මෙහෙමයි. එක සබන් කෑල්ලක් කියනවා, අපේ කැටේ නැවුම් දෙහි සුවඳයි කියලා. එතකොට අනිත් සබන් කෑල්ලත් කියනවා අපේ කැටෙත් නැවුම් දෙහි සුවඳයි කියලා. ඊළගට එක සබන් කැටයක් ආයෙමත් කියනවා, අපේ කැටේ අත්වලටත් සෞම්‍යයි, අත් සිනඳු වෙනවා කියලා. ඇඞ් එකෙන් පෙන්නන්නෙත් රෙදි හෝදන ෂොට් වලට වඩා, ලස්සන යුවතියකගේ සිනඳු අතක් අල්ලගෙන ඔයාගේ අත් දෙක හරිම සිනිඳුයි කියන ලස්සන කඩවසම් කොල්ලෙක්. ඔහොම ඔහොම රෙදි සෝදන සබන් කැටයක තිබිය යුතුම ගුණය වන රෙදි සේදීම කියන මුඛ්‍ය කාරණයෙන් විතැන් වෙලා අත්දෙක සිනඳු වෙනවා කියන තැනට සබන් කෑල්ල ගමන් කරනවා. ගමන් කරනවා විතරක් නෙමෙයි, සබන් වෙළඳපල යුද්ධෙන් ඒ සබන් කෑල්ල දිනනවා. මොකද මිනිස්සු හිතනවා, අනෙක් සබන් කෑල්ලට නැති විශේෂතා ගොඩාක් මේ සබන් කෑල්ලට තියනව කියලා.

මහින්ද රාජපක්ෂ මහතා තමාගේ වෙළඳ දැන්වීම් වලදි කලෙත් මෙන්න මේ වගේ පොඩි ටි‍්‍රක් එකක්. සරත් ෆොන්සේකා මහතාට නැති තමාට ඇති වෙනත් දේවල් රැුසක් මහින්ද රාජපක්ෂ වෙළඳ දැන්වීම් හරහා ජනතාවගේ ඔලූවට දැම්මා. සිංහයෙක් වගේ එඩිතර සිංහලයෙක්, අපේ කම දන්න අපේ කෙනෙක්, අපේම මිනිහෙක්, කුරහන් තලප කන, කුරහන් සාටකේ පළඳින, රෙද්ද බැනියම අඳින, කුඹුරට බහින, අධිරාජ්‍යවාදීන්ට බය නැති, වසර 40 ක දේශපාලන ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද, රාජපක්ෂ පරපුර, ගමේකම, වගේ ෆොන්සේකා මහතාට නැති දේවල් රැසක් තමන්ගේ දැන්වීම් හරහා එළියට දානවා. එසේ එළියට දමන ගමන් ෆොන්සේකා මහතාට හිතන්නවත් බැරි තරමි මහා මුදලක් වියදම් කරමින් පැය 24 පුරාම තමාගේ භාණ්ඩය අලෙවි කරනවා. දුප්පත් මිනිස්සු, හැම ජාතියටම අයත් දුප්පත් අහිංසක පොඞ් ළමයි මහින්ද මාමගේ ඔඩොක්කුවේ වාඩිවෙලා ඉන්නවා. මහින්ද මාමාගේ මූණේ ආදරේ දෝරේ ගළනවා. කම්පියුටර් ග‍්‍රැෆික් වලින්, අධිවේගි මාර්ග, ගුවන් පාලම්, මහා ගොඩනැගිලි, ගුවන් තොටුපලවල්, වරායවල් ඉදිවෙනවා. කෝට් ගණන් වියදම් කරල සිංදු ගහල මහ රජාණන් කෙනෙක් වෙනවා. ඊට අමතරව ෆොන්සේකා කියන භාණ්ඩය මිලදීගත්තොත් සිදුවිය හැකි අතුරු අනතුරු අනාවරණය කරන්න වෙනම කවුන්ටර් ඇටෑක් කැම්පේන් එකක් කරනවා, මිලටරි පාලකයින් පිළිබඳ ලෝක සිනමාවෙන් උදාහරණ දෙන්න ච්ත‍්‍රපටි පෙන්නනවා. කඬේ යන්න බලාගෙන ඉන්න මෝඩ පණ්ඩිතයෝ දාලා සාකච්ඡා පවත්වලා ඒ මතය තවත් සනාථ කරනවා. ඒ මදිවට ටෙස්ටිමෝනියල් කැම්පේන් කරනවා. ඒ කියන්නේ අර අපි කළින් කිව්ව වගේ ලස්සන දොස්තර නෝනා කෙනෙක් දාලා එයාම කිව්වම මේක සෞඛ්‍යාරක්ෂිතයි කියල, මිනිස්සු දොස්තරගේ කීම අහනවනේ. අන්න ඒ වගේ, ලංකාවේ කඬේ යන හැම කලාකරුවෙක්ම (?) ඉස්සරහට දාලා, ඒ ගොල්ලො ලව්ව කියනව මේක ගන්න කියලා. ඊට පස්සේ අපේ අතරෙම ඉන්න සාමන්‍ය ජනතාව දාලාා කියනවා මේක මරු මේක ගන්න කියලා. අර අපි සමහර වෙළඳ දැන්වීම් වල දකින්නේ මහරගම ජානකී නැත්නම් කහටගස්දිගිලියේ පද්මි වගේ නම්වලින් රෙදි හෝදන ගමන් කියන්නේ මේ සබන් කැටේ තමයි මරු කියලා. අන්න ඒ වගේ. මේ අයත් ඔක්කොම නිරූපන ශිල්පි◊යෝ (ඒ කියන්නේ මොඞ්ල්ස් ලා) ඒත් මේක නොදන්න පාරිභෝගිකයා මෙයින් යම්කිසි විපරීත තත්තවයකට ලක්වෙලා මේ කියන කරුණු කාරණා සියල්ල ඇත්ත වශයෙන් බාරගන්නවා. පැය විසි හතරම මහ රජාණෙනි සිංදුව අහල අහලම මිනිස්සුන්ටත් ඊට පස්සේ හිතෙන්න ගන්නවා, හැබෑටම මිනිහ නම් රජෙක් ම තමයි කියලා. එතකොට අපි කලින් කතා කළ ආකාරයට බැලූවම ෆොන්සේකා කියන භාණ්ඩයට වඩා රාජපක්ෂ කියන භාණ්ඩයට දැන්වීම හරහා ප‍්‍රබල කැමැත්තක් සහ ප‍්‍රතිරූපයක් ඇතිවෙනවා. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් අපි අර කලින් කිව්ව විදියට පහළම ආදායම් ලබන කොටසට සිදුවෙනවා තමන් කැමති මොන සබන් කෑල්ලට වුණත් මුදලාලි දෙන එක බාරගෙන කරබාගෙන ඉන්න. නැත්නම් ආයේ ඉතින් ණයට කාලා හමාරයි. ඒ කියන්නේ පළාතේ ඉන්න ප‍්‍රබලයෙක් කියන කෙනාට ඡුන්දෙ දෙන්න වෙනවා. නැත්නම් සමෘද්ධියට කෙළ වෙන්න පුලූවන්. තව තව ලැබෙන්න තියන සහන නැතිවෙන්න පුලූවන්. ඒ පැත්තෙන් ගත්තත් රාජපක්ෂ කියන භාණ්ඩය දිණුම්. සාමන්‍යයෙන් වෙළඳපල තරගයේ සිදුවන්නාක් මෙන්ම, තමාගේ භාණ්ඩය කෙසේ හෝ මිනිසුන්ගේ ඇගේ ගසන්නට අවශ්‍ය කප්පම් මුදල් මුදලාලීලාට අවශ්‍ය ලෙස ලබාදීමටත් රාජපක්ෂ භාණ්ඩය අළෙවිකරන්නන් නිසි පියවර ගන්නවා. මීට අමතරම බලපාන කරුණු කාරණා රැසක් සහ වෙළඳ දැන්වීම්වල සැබෑම අනුහසින් ජනාධිපතිවරණය කියන වෙළඳපලේ සරත් ෆොන්සේකා පහතට ඇද දමා, වඩාත්ම වැඩි ජනතා මනාපයෙන් වෙළඳපලේ අංක 1 බවට පත්වෙන්නට මහින්ද රාජපක්ෂ මහතා සමත්වෙනවා.

නමුත්, මහ මැතිවරණයේදී දකින්න ලැබුණේ, ජනාධිපතිවරණයේ දකින්නට ලැබුණු තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් වෙළඳපළ තත්ත්වයක්. ජනාධිපතිවරණයේ තරග කළේ එකම වර්ගයේ සබන් කෑලි දෙකක් නම්, මහ මැතිවරණය කියන්නේ මහා ජංජාල සබන් තරගයක්. අපි ඉහත සඳහන් කළ ඉතාම ප‍්‍රසිද්ධ සබන් කැටවල සිට ජීවිතේට අසා නැති සියලූම වර්ගයේ නා නා ප‍්‍රකාර සබන් වර්ග, වෙළඳපල ජයගන්න එළියට එනවා. එතකොට මේ සබන් කැට අතරින් වඩාත්ම ඉහළ පාරිභෝගික පිරිසක් අල්ලා ගැනීම එක්තරා අන්දමක උභතෝකෝටියක්. මොකද එක්කෙනෙක් දෙන්නෙක් සබන් ගත්තා කියලා, අදාළ සබන් කැටයට වෙළඳපලේ පවතින්න පුලූවන් කමක් නැහැනේ. ඒ හින්දා පුලූවන් තරම් මිනිස්සු තමන්ගේ සබන් කැටේට ආකර්ෂණය කරගෙන, එය මිලදී ගැනීමට පොළඹවන්න  ඕනේ. ඒ වෙනුවෙන් ඉතා හොඳින් කල්පනා කර බලා, අදාළ ඉලක්ක ගත මිනිසුන් තෝරාගෙන ඔවුන් අතරට වඩාත් ප‍්‍රබල වෙළඳ දැන්වීමක් ලෙස යන්නට ඔවුන්ට සිදුවෙනවා. ඒ අනුව නා නා වර්ගයේ පොරොන්දු  සහ ප‍්‍රතිපත්ති හරහා, තම ප‍්‍රතිරූපය පුම්බාගෙන, විවිධ වරඣගයේ අලංකාර වෙළද ගැට (Pay off lines)  බාවිතා කරමින්, තම භාණ්ඩයේ වෙළඳ වටිනාකම වැඩිකරගන්නට ඔවුන් විවිධාකාරයේ ක‍්‍රම සහ විධි බාවිතා කරනවා. අපි ඒක තේරුම්ගන්න මෙවර මැතිවරණ වෙළඳපළේ ඉදියෙන්ම සිටි, පාරිභෝගිකයින් වැඩියෙන්ම විශ්වාසය තබා මිලදී ගත් භාණ්ඩ කීපයක් ගැන විමසා බලමු.

උදාහරණයක් විදියට ගත්තොත්, Coca Cola තමන්ගේ Pay off line එක විදියට “ජීවිතේ මල් කෝක් තියනකල්” කියනවා වගේ, විමල් වීරවංශ තමන්ගේ Pay off line එක විදියට දානවා “ජාතියේ පංචායුධය” කියලා. ජීවන් කුමාරතුංග කියන්නම දෙයක් නැති නිසා, “මනුස්සකම සුරකිමු” කියනවා. නාමල් රාජපක්ෂ “තාරුණ්‍යයට හෙටක්” කියනවා. රෝහිත අබේගුණවරඣධන, “අපේ රත්තරං අපිට රත්තරං” කියනවා. බැසිල් රාජපක්ෂ” සිය නෑ නවෝදයේ නියමුවා” කියනවා. එක්සත් ජාතික පක්ෂයේ අය දාන්නවා “අපේ ඇත් රජ” කියලා. මර්වින් සිල්වා කියනවා “දුටුගැමුණු මගේ සීයා” කියලා. ඔන්න ඔය වගේ නා නා මාදිලියේ අලංකාර ලයින්ස් දාලා භාණ්ඩය පිළිබඳ ජනතාවගේ මතය එක පැහැදිලි දිසාවකට යොමුකරගන්නවා. විමල් වීරවංශ තමාගේ භාණ්ඩය විකුණාගන්නට වඩාත්ම සුදුසු ජනතාව ඉතාම හොඳින් හඳුනාගත් කපටි වෙළෙන්ඳෙක්. ඔහුගේ සබන් කැටය අයත්වෙන්නේ, අපි කලින් සඳහන් කළ විෂබීජ නසන ආයුර්වේද සබන් කැටගරියට. විමල් විදේශ බලවේග වලට එරෙහිව, අධීරාජ්‍යවාදය පරාජය කරන, ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන, සිංහල ජාතිය එක සේසත් කරන, ජාතියේ පංචායුධය වගේ වඩාත් දේශීය දේවල් ටිකක් එක්ක තමයි එයාගේ සබන් කෑල්ල ගැන කථා කළේ. කථාව ඇහුම  ඕන කෙනෙක්ට හිතෙන්නේ, හරියට ලංකාවෙම හදන වෙනිවැල් සබන් කෑල්ලක් වගේ හැගීමක්. ඒත් විමල් ඇඩි එක හදල පෙනී හිටියේ, ලයිෆ්බෝයි හරි ඩෙටොල් හරි වගේ ටිකක් ක්ලාස් එකක් තියන පොඞ් ගතියක් තියන ලස්සන ඉන්දියන් ඇඞ් එකක් විදියට. ඉතින් මේ වගේ ඇඞ් එකක් වෙලා එයා පැය 24 පුරාම මිනිස්සුන්ට පේන්න ඇඞ් එක දානකොට, මිනිස්සුන්ට ඇත්තටම ඔලූවේ නැති අවශ්‍යතාවයක් ඔවුන් නොදැනුවත්වම නිර්මාණය වෙනවා. නිර්මාණය කරනවා කියන එක තමයි හරි වචනේ. එතකොට අර නිකංම ඔහේ කකා බි බී පාඩුවේ හිටිය ගිරාඳුරුකෝට්ටේ ඉන්න ගොවියට පවා හිතෙනවා අධිරාජ්‍යවාදයට එරෙහි විය යුතුයි, ලෝක බැංකුවේ ප්ලග් එක ගැලෙව්වොත් හොඳයි, එන් ජී  ඕ කාරයෝ පන්නා දැමිය යුතුයි වගේ මිනිහ හීනෙන්වත් නොහිතපු දේවල් ටිකක්. පෝර මිළ, ගොවිතැන් කරන්න වතුර නැති ප‍්‍රශ්ණ, වල් අලි ප‍්‍රශ්ණ, අස්වැන්න විකුණාගැනීමට තිබෙන ප‍්‍රශ්ණ වගේ එයාගේ ජීවිතේට තදින්ම දැනෙන ප‍්‍රශ්ණ සියල්ලම අමතකවෙලා අර කලින් මවාපු උවමානාවන් ටික ගොවියගේ ජීවිතේ මාර අවශ්‍යතාවයන් බවට පත්වෙනවා ගොවියටත් නොදැනීම. මේ විදියට වෙනිවැල් සබන් වගේ දේශීය කතා කියමින්, ලයිෆ්බෝයි, ඩෙටෝල් වගේ ඇඞ් එක හදල  “ගන්න අපේ දේ” වගේ ලේබල් එකකුත් ගැහුවම සිද්ධවෙන දේ තමයි, අර ගොවියෝ සෙට් එකයි, නිකංම නිකං ගමේ හිටපු වෙද මහත්තරු ටිකයි, සිංහල ජාතිය තමන්ට  ඕනෙ වෙලාවට කරේ තියාගෙන, අධිරාජ්‍යවාදීන් එලවමින් හීනෙන් ආතල් ගන්න ගමේ බයියෝ සෙට් එකයි විතරක් වෙනුවට, විෂබීජ වලට බය, නමුත් වෙනිවැල් වගේ දෙයක් පාව්ච්චි කිරීම තමන්ගේ තත්ත්තවයට මදිකමක් කියල හිතන, පහළ පන්තියට වැටෙන්න කැමති නැති, හයි ක්ලාස්(?) මිනිස්සු සෙට් එකත් විමල්ගේ ගැටේට අහුවෙණවා. අහුවෙලා ” යුතුකමේ මනාපය” ගහලා විමල්ව උඩටම උස්සනවා. ඒ හින්දා ආයුර්වේද සබන් කැටගරියෙන් මිනිහ හීනෙන්වත් හිතන්නේ නැති තරමට උඩටම ඇවිල්ල තමන්ගේ සබන් කෑල්ල පහසුවෙන්ම විකුණගන්නවා. චම්පික රණවකත් තමන්ගේ සබන් කෑල්ල විකුණන්න තෝරගත්තේ විමල්ගේ මාකට් එකම තමයි. හැබැයි වෙනස් විදියකට. චම්පිකගේ ඇඞ් එකේ විමල්ගේ ඇඞ් එකේ තියන අර ගතිය නම් නැහැ. චම්පිකගේ එකේ තියෙන්නේ ඇත්තටම අපේ කම, අපේ ගම, අපේ රට, අපේ ගහ කොළ, අපේ සතා සී පාවා, අපේ එළදෙන, අපේ හරක්, වගේ තනිකරම “අපේ” එකක්. ඒක අස්සේ අපේ ආගම, සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය, නැෂනල් එක, බහුශ‍්‍රෑත කම, වැවයි දාගැබයි, ගමයි පන්සලයි වගේ වෙන වෙන key Features ටිකකුත් දාලා තිබුණා. ඒ ඔක්කොටම වඩා චම්පිකගේ සබන් කෑල්ල නැගල යන්නේ වෙන කාරණයක් හින්දා. ඒ සබන් කැටේ තියන පරිසර හිතකාමී (?) ගතියට. චම්පිකගේ සබන් කැටේ මිනිස්සුන්ට කෙසේ වෙතත් පරිසරයට කිසිම හානියක් නැති සබන් කෑල්ලක්. ඉතින් මේ
මීඩියා එකෙන් හදල හරියටම ජනතාවට පෙව්වම, අර කලින් අපි කිව්වා වගේ හිතන තවත් ජන කොටසක් එකපාරටම පරිසර හිතකාමී වෙලා, පරිසර හිතකාමී කියන සබන් කෑල්ලට සෙට් වෙලා චම්පිකගේ පස්සෙන් යනවා. චම්පිකටවත්, ඔහුගෙ පස්සෙන් යන මිනිස්සුන්ටවත් ඇත්තටම පරිසරය ගැන ඇති කෙහෙල්මල් ආදරයක් නෑ. ඒත් මීඩියා වලින් හදල දුන්නම ඡන්දෙ ඉවරවෙනකන් පරිසරය… පරිසරය කියල හීනෙන් පවා කියවාගන්න තරමට මිනිස්සු ඔල්මොරොන්දන් වෙනවා. ඒ හින්දම පරිසර හිතකාමී සබන් කැටයක් ගන්නවා. හැබැයි චම්පික පරිසර හිතකාමී කිව්වට අනිත් අය වගේම තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා. ලොකු කටවුට් ගහනවා. ඒත් කටවුට් එකේ යට පොඩියට ගහනවා ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි රෙද්දකි වගේ පොඞ් කෑල්ලක්. ඉතින් චම්පිකත් විමල්ගෙ ජාතියෙම සබන් කෑල්ලක් වෙන විදියකින් එළියට දාලා විකුණලා ගොඩ එනවා. මේ වැඩේම කරන්න ට‍්‍රයි කරපු මිලින්ද මොරගොඩ බැනර්, පොස්ටර්, ඉටිකොළ මොකුත් බාවිතා නොකර, ඇත්තටම පරිසර හිතකාමී වෙලා කැම්පේන් එක ෆේල් කරගෙන කෙළව ගන්නවා.

නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මාකට් එකට එන්නෙ ප‍්‍රසිද්ධ සබන් කෑල්ලක පොඞ් වේරියේෂන් දෙකක් විදියට. එතකොට ඒ භාණ්ඩ ගැන අමුතුවෙන් ජනතාවට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ භාණ්ඩ දෙකම හරිම ප‍්‍රබලයි. අමුතුවෙන් මාකට් කරන්න අවශ්‍ය නෑ. මොකද සබන් කෑල්ල එළියට එන්නේ ජනතාවගේ ඉහළම මනාපය ලබාගත් සබන් නිෂ්පාදනය කරන සමාගමකින්. රාජපක්ෂ සමාගමෙන් එළියට එන  ඕනෑම ජරාවක් වුණත් මේ කාලයේ මාකට් විය හැකි තරමට භාණ්ඩයේ නම හරිම ප‍්‍රබලයි. හරියට යුනිලීවර් එකෙන් සබන් කෑල්ලක් එලියට දැම්මා වගේ. මහින්ද කියන්නේ ලක්ස් කැටයක් නම්, නාමල් කියන්නේ ලක්ස් පොඞ්ඩා. බැසිල් රාජපක්ෂ කියන්නේ රෝස ලක්ස් වගේ. ඒ වගේම ඒ භාණ්ඩ ප‍්‍රමෝට් කරන්න, ඇති තරම් වියදම් කරල ඇඞ්ස් දාන්න, මුදලාලිලට ප‍්‍රමෝෂනල් කැම්පේන් කරන්න, ලක්ස් කැටේ අස්සේ රන් පවුමක් දාලා එවන්න වගේ අනිත් සබන් කැට වලට කරන්න බැරි මාර සෙල්ලම් ටිකක් මේ ගොල්ලන්ට දාන්න පුලූවන් වෙනවා. අනික ලක්ස් ගානවා කිව්වම නිකංම වගේ තමන්ට පොඞ් තත්ත්වයක් ලැබෙනවා කියලත් සමහර අය හිතනවා. ඒ මදිවට මේවා ගෑවම ආසියාවේ ලස්සනම ලස්සන මිනිස්සු වෙනවා කියලා ලොකු පොරොන්දුවකුත් දීලාා තියනවා. ඒ හින්දා රාජපක්ෂ නමෙන් වෙළඳපලට එන සබන් කෑලී සෙට්එකම කිසිම අවුලක් නැතිව ගොඩයනවා. මර්වින් සිල්වා කියන්නේ වෙනම ජාතියක සබන් කෑල්ලක්. ඒක ඔලූවෙ ගාන එකක්ද, රෙදි හෝදන එකක්ද, විෂබීජ නසන එකක්ද, ලස්සන වෙන්න ගාන එකක්ද, කුණු මඩ යවන්න පුලූවන් එකක්ද වළං හෝදන එකක්ද, බල්ලො නාවන එකක්ද, මොකක්ද කියල කාටවත් හිතාගන්න බැරි සබන් කැටයක්. හිටපු ගමන් කියනවා ඔලූවෙ ගාන්න පුලූවන් කියලා. ආයේමත් කියනවා විෂබීජ තිබුණොත් වෙඩිතියල හරි මරනවා කියලා. වෙලාවකට කියනවා මඩ කුණු යවනවා කියලා. වෙලාවකට බල්ලො නාවන්න මරු කියනවා. ඒ හින්දා මිනිස්සු ඇත්තටම මක්‍ද්ක්‍දං වෙනවා. තේරුම්ගන්නම බැරි සබන් කෑල්ලක්. හැබැයි මිනිස්සු එක දෙයක් දන්නවා. මර්වින් සිල්වගේ ඇඞ්වලින් පොඩි ආතල් එකක් ගන්න පුලූවන් කියලා. හරියට අර කෝපි කණ්ඩෙ බණ්ඩා හරි අප්පුවා හරි  ලස්සන ගෑණු ළමයෙක්ගෙ රෙදි හෝදල දෙන්න ගිහින් ළිඳට වැටෙනවා වගේ ඇඞ් එකක්. නැත්නම් සරදියෙල් අය්යා, මං මෙහේ වගේ ඇඞ් එකක්. නැත්නම් සිල්වා මෝටර් හවුස් එකට එන්න කියල පිස්සෙක් ඩෙ`ග ඩෙ`ග පරි රඹට කැකරි කියලා සින්දුවක් කියනවා වගේ ඇඞ් එකක්. අපිට මේක දැක්කමනං නිකං ගොන්ම ගෙන් වගේ. ඒත් පංති බේදයකින් තොරව ඒවට කැමති, ඒවා රසවිඳින වෙනම මිනිස්සු කොටසක් ඉන්නවා. ඔවුන්ට මේක හොඳට වැඩකරනවා. හොඳට මතකත් තියනවා. ඒ හින්දා ඒ අදාළ ජනතාවගේ පිහිටෙන් සහ ආතල් ගන්න බලාගෙන ඉන්න ජනතාවගේ පිහිටෙන් වෙළඳපලේ රුඳී සිටීමේ වරම මර්වින් සිල්වට ලැබෙනවා. එතකොට කෙනෙකුට මෙන්න මේ වගේ ප‍්‍රශ්ණයක් හිතෙන්න පුලූවන්. වාසුදේව, දිනේෂ් ගුණවර්ධනල වගේ තවත් අපි දන්නා අපේක්ෂකයින් කිහිපදෙනෙක්ම, මේ මැතිවරණයෙදී ඇඞ් එකක් වෙලා තමන්ගේ සබන් කෑල්ල විකුණුවේ නැහැනේ ? එතකොට මේ කට්ට්ය කොහොමද මේ තරගකාරී වෙළඳපොලේ ගොඩ ආවේ වගේ කතාවක්. ඒක තේරුම්ගන්න හරිම පහසුයි. වාසුදේවල, දිනේෂ්ල වගේ අය තමන්ගේ සබන් කෑලී ඉස්සරවෙලාම එළියට දානකොට මේ වගේ සබන් මාකට් එකක් තිබුණෙ නැහැ. අනික ඒ සබන් කැට දාපු කාලේ ඇත්ත වශයෙන්ම සබන් කෑල්ලකින් විය යුතු වැඩ කොටස අඩු වැඩි වශයෙන් ඒ සබන් කෑල්ලෙන් ඉටුවුණා. එක්කෝ ඇගේ ගාන සබන් කෑල්ලක්. ඒකෙන් ඇගේ තියන මඩ කුණු යනවා. එක්කෝ රෙදි හෝදන සබන් කෑල්ලක්, ඒකෙන් හොඳට රෙදි හේදෙනවා. හරිම සරළයි. ඉතින් ඒ සබන් කැට තවමත් එහෙමම ඇති කියලා යම් අන්ධ විශ්වාසයක් තවම මිනිස්සු ළග තියනවා. අනික ඒ සබන් කැට දැක්කම තමන්ගේ පොඞ් කාලේ, ඇලේ දොළේ පැනල නාපුව, වගේ තමන්ගේ මාර ලස්සන ඉතිහාසය මතක් වෙනවා. ගම මතක්වෙනවා. ඉස්සර වෙච්ච මරු මරු වැඩ මතක්වෙනවා. හරියට අර ඔරේන්ජ් බාර්ලී ඇඞ් එක වගේ. ඔරෙජ් බාර්ලී බොන්නේ “මතකයන් හදවතේ රඳවාග
න” රසවිඳින්නනේ. අන්න ඒ වගේ තමයි වාසුලා සහ දිනේෂ්ලා කියන සබන් කැටත්. මේ සබන් කෑලිවලින් දැන් මේලෝකේ වැඩක් නැති වුනාට, අනේ ඉස්සර අපේ කාලේ තිබ්බ මරු සබන් කෑලි දෙකක් නේද කියල ඔන්න ඔහෙ තියාගෙන අතීතේ මතක් කර කර රස විඳින්න පුලූවන්. ඒ හින්දා අතීතය මරු කියල හිතං ඉන්න ජනතාවගේ පිහිටෙන් මේ සබන් කෑලිත් තවම කොහොමහරි ගොඩ යනවා. මේ වගේ ලස්සනට ඇඞ් එක හදල මිනිස්සුන්ගේ ඔලූවෙ නැති අවශ්‍යතාවයක් ඉස්මතුකරල, ඒක නඩත්තු කරන්න තරම් කපටි වෙළඳ දැණුමක් සහ මුදල් ඇති අයයි, වෙළඳපලේ ඉහළම නමක් හිමිකරගෙන පරම්පරාවෙන් පරම්පරාවට විශ්වාසය දිනපු(?) අයයි, හැරෙන්නට තවත් සබන් කැට වර්ගයක් තියනවා. ඒ තමයි සච්න් වාස් ගුණවර්ධනල වගේ ප‍්‍රමෝෂනල් කැම්පේන් කරන අය. “එකක් ගත්තොත් එකක් නිකං.” “රුපියල් පහක වාසියක්.” “සබන් කෑල්ලත් එක්ක බිත්තර රොටියක් ෆ‍්‍රී” වගේ ඒ වෙලාවට සෙට්වෙන මොකක් හරි අටමගලයක් දාලා බිස්නස් කරගන්න අය. රැස්වීම් සංවිධානය කරන අයට නොමිලේ ත‍්‍රී විල් ටයර්. කෑම පැකට්. ගල් බෝතලයයි, එක්දාස් පන්සීයයි. ඡුන්දෙ දුන්නොත් සල්ලි වගේ පොඞ් පොඞ් ප‍්‍රමෝෂනල් වැඩ කරන අය. ඒ වගේ සබන් වලටත් අපි නොහිතන වෙනමම මාකට් එකක් හැදිල තියනවා. ඉතින් ඒ වගේ ප‍්‍රමෝෂනල් කැම්පේනුත් නියමෙට වැඩ කරනවා. වැඩකරලා භාණ්ඩෙත් විකිණෙනවා. හැබැයි ඒ භාණ්ඩෙ ගන්න අය නොදන්න දේ තමයි, තමන්ට මේ නිකංම නිකං දෙන කප්පම, ආයෙම පොලියත් එක්ක අල්ලන්නෙත් තමන්ගෙන්ම තමයි කියලා. හරි මේක දැනගත්ත කියල අපට මොකද වෙන්නේ? සමහරවිට ඔබට එහෙම හිතෙයි. ඇත්තටම වෙන්නෙ වෙන මොකුත් නෙමෙයි, ඇඞ් එකක් බලල, ඒකේ තියෙන්නෙ පරම සත්‍යය කියල විශ්වාස කරල, වෙළඳපොලෙන් භාණ්ඩයක් ගත්තම අපට සිද්ධවෙන යමිකිසි දෙයක් තියනවනේ. අන්න ඒකම තමයි. රෙදි හෝදන්න ගත්ත සබන් කෑල්ල අත් වලට නම් හානියක් නෑ, සිනිඳුයි, දෙහි සුවඳකුත් යාන්තමට තියනවා, හැබැයි අපිට අවශ්‍ය වැඬේ කෙරෙන්නේ නෑ. ඒ කියන්නේ කුණු යන්නේ නෑ. ටී වී එකේ පෙන්නන ඇඞ් එකේ නම්, ඇක්ස් බොඩි ස්පේ‍්‍ර එක ගැහුවම ලස්සනම ලස්සන කෙල්ලො යන යන තැන පස්සෙන් එනවා. අනික කොච්චර ලස්සන කොල්ලෝ වටේ හිටියත් කෙල්ලෝ රංචු පිටින් එන්නෙත් එතන ඉන්න කැතම කොල්ලෙක්ගේ පස්සෙන්. ඒක දැක්කම අපිටත් හිතෙනවා ඇක්ස් එකක් අරං ගැහුවනම් මෙච්චර කල් තිබුණු අපළ දුරුවෙලා ලස්සන සෙක්සි කෙල්ලෝ ?නක්ම සෙට්වෙයි කියලා. ඇත්තටම ඇක්ස් එකක් අරං ගහල බැලූවම තමයි තේරෙන්නෙ කෝපි කඬේ එන්සිනාවත් පස්සෙන් එන්නෙ නෑ කියලා. ටී වී එකේ පෙන්නන ෆෙයානස් කී‍්‍රම් වලින් දවස් 7 න් සුදු වෙනවා. දෛවය වෙනස් වෙනවා. අපි අරං ගෑවම අවුරුද්දක් විතර ගියාම හමේ නම් පොඞ් වෙනසක් තියනවා. දෛවය නම් වෙනස් වෙන්නේ නෑ. ටී වී එකේ ඇඞ් එකේ හිතාගන්න බැරි තරමට කොණ්ඩ සිනඳු වෙනවා, ශක්තිමත් වෙනවා. ඒත් පාව්ච්ච්කරනකොට එහෙම වෙන්නෙ නෑ. ටී වී එකේ පෙන්නන කිරි හරිම උකුයි (මොකද ගොඩක් වෙලාවට පෙන්නන්නේ කිරි නෙමෙයි, බිත්තිවල ගාන්න තියන සුදු තීන්ත), ගෙදර ගෙනැල්ල හැදුවම වතුර ගොඩක් වගේ. මෙන්න මේ විදියට වෙළඳ දැන්වීමෙන් නිර්මාණය කරන සිහින ලොවෙහි අපි දකින පරම සත්‍යය, අපි භාණ්ඩ පාරිභෝජනය කරමින් ගතකරන යථා ලොවෙහි දකින්නට ලැබෙන්නෙ නැහැ. ඒක හරියට යුද්ධය දිනූ බව සහ රට එක සේසත් කළ බව ඇතුලූව තවත් ඇඞ් ගොඩක් දමා අපට අවශ්‍ය නැති මතවාදයක් ගොඩනගා බලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඞ් එක තුළ තිබුණු දේවල් වලින් දැන් ජනතාවට ලබාගත හැකි ප‍්‍රයෝජනයක් නැතිවා හා සමානයි. දෙවන වර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ එය මනා ලෙස පැහැදිලි කරා. ඔහු කරපු කිසිම දෙයක් නැති නිසා, හැම රැස්වීමේදී ම ඔහු කිව්වේ, “ජනතාව මගෙන් ඉල්ලූවේ යුද්ධෙ ඉවරකරල දෙන්න කියල විතරයි. මං යුද්ධෙ ඉවර කරා” කියලා. විමල් වීරවංශගේ සබන් කැටය මිලදී ගෙන ඇගේ ඇතිල්ලූවාට ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්නට නොහැකිසේම අධිරාජ්‍යවාදී බලවේග (සත්‍ය වශයෙන්ම විමල්ම ඇඞ් එකෙන් හැදු අධ
ිරාජ්‍යවාදී බලවේගයක් විනා පරාජය කරන්නට වෙනත් සත්‍ය අධිරාජ්‍යවාදී බලවේගයක් නැත) පරාජය කරන්නට නොහැක. ඔහුගේ වෙළඳ දැන්වීම් වලින් පැවසූ පරිදි ඔහු ජාතියේ පංචායුධය වූයේත් නැත. අනික ඔහු පංචායුධය වූවත් නැතත් එමගින් ජනතාවට අත්වෙන සෙතක් නැත. වීරවංශට යුතුකමේ මනාපය දුන් ජනතාවට දැන් කරන්නට ඉතිරිවී තිබෙන්නේ පංචායුධයේ ඇති ආයුධ පහෙන් ඇණගෙන මියයෑම පමණි◊. මර්වින් සිල්වාගේ ඇඞ් එකේ තිබෙන ආතල් එක විනා, ඔහු විසින් සොයාගත් නවතම සොයාගැනීම වන පාරට මුදල් ගෙවා වාහන එළවීම, ජනතාව ගස් බැඳීම, වැනි ජනතාවට තව තවත් කෙළවෙන දෙයක් හැරෙන්නට ඔහුගේ සබන් කැටයෙන් යහපත් කිසිවක් සිදු වන්නේ නැත. පරිසර හිතකාමී, චම්පික රණවක නැමැති සබන් කැටය මිලදීගෙන ගෙදර තබාගත්තාට පරිසරයටවත් ජනතාවටවත් සිදුවෙන අමුතු ඉටිගෙඩියක් දකින්නට නැත. මොඞ් අනාගත නායකයකු ලෙස ඩෙනිම් ටී ෂර්ට්, ෂෝට් ගසාගෙන, නව මුහුණුවරකින් පැමිණ, නව යුගයක පැතුම් එක්කරමින් ලක්ස් පොඞ්ඩා ලෙස පැමි◊ නාමල් රාජපක්ෂ, ලක්ස් පොඞ්ඩා ගැන මොඞ් සිහින මවමින් ආසියාවේ ලස්සන මිනිසුන් වෙන්නට සිතා සිටි තරුණ තරුණි◊යන්ගේ බලාපොරොත්තු සුන් කරමින්, තරුණයෙකු ලෙස සිතිය යුතු නව අදහස්වලට පයින් ගසා කුරහන් සාටකයෙන් සැරසී එළියට බසින්නේ ලක්ස් පොඞ්ඩා සිද්ධාලේප කැකුලූ සබන් කැටයක් බවට පත්වෙමිනි. ලක්ස් පොඞ්ඩා ඇතුළෙන් තමන්ට රන් පවුමක් ලැබේයැයි සිහින මවමින් ඇගේ උලාගත් කාට කාටත් දැන් තමන් බලෙන්ම ඇගේ උලාගත් සබන් ටිකවත් යන්නට හොදා ගන්නට වතුර පවා නැතිව ඇස් වල සබන් ගොස් කෑ ගසමින් හූ කියමින් දුවන්නට සිදුවී තිබේ.

වෙළඳ දැන්වීමෙන් නිර්මාණය කරන, තමන්ට නැති උවමනාවක් පස්සේ හඹා ගොස්, තම සැබෑ උවමනාව පසෙක තබා තමන්ට අනවශ්‍ය භාණ්ඩ මිලදී ගත්විට සිදුවෙන සන්තෑසියම අපේ බුද්ධිමත් ජනතාවට දැන් මුහුණදීමට සිදුවී තිබේ. කුණු පිරුණු රෙදි තිබියදී, අත් දෙක සිනිඳු කරන සබන් ගෙන සිනිඳු දෑතින් කුණු ඇඳුම් ඇගලා ඇඳන් යන්නට දැන් ඔවුන්ට සිදුවී තිබේ. මානව හිමිකම් කඩවීම, ජීවන තත්ත්වයේ පිරිහීම, මාධ්‍ය නිදහස අහිමිවීම, ප‍්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකිරක්ෂා, ගංවතුර, ජීවන වියදම, වැනි සැබෑම ප‍්‍රශ්ණ එසේම තිබියදී, ආසියාවේ ආශ්චර්යය, ලෝක බැංකුවේ ප්ලග් එක ගැලවීම හා පරිසරය රැකගැනීම වැනි දේ මුඛ්‍ය ප‍්‍රශ්ණ සේ දකිමින් තම වටිනා ඡුන්දයෙන් ලබාගත් අනවශ්‍ය භාණ්ඩ ජනතාව දැන් බුක්ති විඳිමින්, ඒවායේ සැබෑ රහ ගුණ අත්විඳිමින් සිටියි. මෙහි තිබෙන බරපතලම ප‍්‍රශ්ණය වන්නේ මෙයයි. අපි යමිකිසි භාණ්ඩයක් මිලදී ගත්විට, අපට ඒ ගැන සෑහිමකට පත්විය නොහැකිනම්, නැවත වරක් එය මිලදී නොගෙන එම භාණ්ඩය කුණු කූඩයට විසිකර දැමිය හැකිය. එක්කෝ ඉවරවෙනතුරු කා දමා හෝ නැත්නම් වෙනත් කෙනෙකුගේ ඇගේ  ගසා අලූත් වර්ගයක් ට‍්‍රයි කර බැලිය හැකිය. නමුත් දැන් අපට සිදුවී තිබෙන්නේ අප කැමතීවූවත් අකමැති වූවත්, තවත් අවුරු 6 ක් (?)  හෝ ඊට වැඩි කලක් යනතුරු, අප විසින් ලබාගත් මේ අනවශ්‍ය භාණ්ඩ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාව්ච්චි කිරීමටයි. දැන් අපිට කළ හැක්කේ භාණ්ඩයේ කල් ඉකුත්වෙන දිනය ළගදීම උදාවේවා කියා ප‍්‍රාර්ථනා කිරීම පමණකි.

එතෙක් අප, මුදල් ගෙවා ෆ‍්‍රීජ් මිලදී ගත් එස්කිමෝවරු මෙන් අයිස් කකා ජීවත්වෙමු.

 

ඉන්දික ගුණවර්ධන

ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමට ලංකාවට එනවා කියල අහපු වෙලාවේ මම මගේ යාළුවො හතර පස්දෙනෙකුට කථා කරා කොහොම හරි ලයිව් මැච් එකක් බලන්න යන්න. ඒ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි, මම ඇතුළුව අපේ යාළුවෝ හැමෝම වගේ  ඕස්ටේ‍්‍රලියන් ටීම් එකට එච්චර කැමැත්තක් නැහැ.  ඕස්ටේ‍්‍රලියන් ටීම් එක හිතාගෙන ඉන්නෙ ඒ ගොල්ලො තමයි ලෝකෙම කි‍්‍රකට් ලොක්කො කියලා. ඒ හින්දා අලි ඔලුවෙන් ඉන්නේ. අපි දුප්පත් රටක් හින්දා සහ අපේ හම කළු හින්දා උන් ලංකාවේ කී‍්‍රඩකයෝ එච්චර ගණන් ගන්නෙත් නැහැ. සුද්දෝ ඔහොම්මයි. අපි හැමෝම මේ නිසා තීරණය කරා අපේ ටීම් එකට ෆුල් සපෝට් එකක් දෙන්න  ඕන,  ඕස්ටේ‍්‍රලියන් ටීම් එකට නැතිවෙන්න ගහන්න කියලා. අපි ඒ මොහොතේ අපිටවත් හිතාගන්න බැරි තරම් ශී‍්‍ර ලාංකීක උනා. හිතාගන්න බැරි තරමට දේශහිතෛශී උනා. හිතාගන්න බැරි තරම් කි‍්‍රකට් ලෝලීන් උනා. ඉතින් අපි කථා කරගත්තා අපේ ටීම් එකට හොඳ මොරාල් සපෝට් එකක් දෙන්න ගේම් එකට බහින්න  ඕන කියලා. එදාට අඳින්න  ඕන දේවල් සහ  ඕස්ටේ‍්‍රලියන් ටීම් එක ජෝක් කරන විදියෙ බැනර් අඳින එක ගැන වගේ ගොඩාක් දේවල් ගැන අපි කථා කරගත්තා.

ඔන්න  ඕස්ටේ‍්‍රලියන් ටීම් එක ලංකාවට ආවා. පළවෙනි එක්දින තරගය පැවැත්වෙන දවසේ උදේ මම මගේ යාළුවෙක්ට කථා කළා. මචං ඔක්කොම රෙඩි නේද, මම තව පැයෙන් එනවා කියලා. හරි හරි උඹ ඉස්සෙල්ලා මෙහේට වරෙන්කෝ කියල මගෙ යාළුවා කිව්වා. මං ඔඩෙල් එකෙන් ගත්ත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ටී ෂර්ට් එකකුත් ඇඳගෙන යාළුවගෙ ගෙදරට ගියා. යද්දී මිනිහ ඉන්නව ෂෝට් එකක් ගහගෙන නින්දෙන් නැගිට්ට ගමන් වගේ. මං ඇහුවා ඔහොමද යන්නේ කියලා. පොඞ්ඩක් හිටපන්කො කියන්න, මගේ යාළුවා කිව්වා. අපි ගියා මිනිහගෙ රූම් එකට. කෝ අනිත් එවුන්, කීයටද එන්නේ මං ඇහුවා. නිහාල් ට නම් එන්න වෙන්නේ නෑ කිව්ව මචං, උගෙ ගර්ල්ගෙ සීයා නැතිවෙලා. ඉතින් නිහාල් යනව කිව්ව ගර්ල්ව ඇරලවන්න රත්නපුරේ. එතකොට සම්පත්? මං ඇහුවා. මිනිහනම් ඊයෙත් කිව්වා එනවමයි කියලා, අද හදිස්සියෙම ඔෆිස් එකේ වැඩක් සෙට්වෙලා. එතකොට අනිත් තුන්දෙනා? මං ඇහුවෙ වැඬේ අබ්ලික් වේගෙන එන බව තේරුණු නිසා. බුද්ධිකයා ට්‍රයි එකක් දෙන්නම් කිව්වා, අනිත් දෙන්න නම් දැන් මග එනව ඇති. ඒ කියනකොටම අනිත් යාළුවො දෙන්නත් ආවා. අම්මෝ ඇති යන්තං උඹල දෙන්න හරි ආවා. මං කිව්වා. ඒත් කෝ අර ඇඳං එනව කිව්ව බැනර්? අනික බලපංකො උඹල නිකං ඇඳල තියෙන්නෙත් කිසි කි‍්‍රකටින් ෆීල් එකක් නැති ෂර්ට් නේ බන්. බැනර් අඳින්න තමා හිටියේ. මේ ටිකේ ටිකක් ටයිටි මචං, මොකුත්ම කරන්න බැරිඋනා. හරි හරි අපි හතරදෙනා හරි යමුකො එහෙනම් මං කිව්වා.

ඔය අතරෙ එක යාළුවෙක් වෙනම අදහසක් දැම්මා. දැන් අපි ග්රව්න්ඞ් එකට යන්නම  ඕනෙද මේකට? ඒ කතාව අහල නම් මට අම්බානක තදඋනා. ඇයි දෙය්යනේ ග‍්‍රවුන්ඞ් එකට යන්නෙ නැතුව කොහොමද අපි සපෝට් කරන්නේ? පිස්සුනම් කෙලින්න ලෑස්තිවෙන්න එපා මම කිව්වා. ඒ එක්කම අර ගෙදර හිටපු යාළුවත් මේ වැඬේ ගැන මෙහෙම කියන්න ගත්තා. දැන් මේකනේ මචං වැඬේ, අපි හතර දෙනා ගියා කියලා ඔතන මාර සද්දයක් දාන්න බෑනේ. අනික තව සෑහෙන්න ඇවුන් එනවනේ ච්යර් කරන්න. අපි ගෙදර ඉඳන් බියර් එකක් ගහල ආතල් එකේ මැච් එක බලමු කියලා. දැන් එන්න එන්නම වැඬේ නොකෙරෙන පැත්තට සාධාරණ හේතු ගලාගෙන එනවා.
අනික අපි ගියා කියමුකෝ, ග‍්‍රවුන්ඞ් එක ළගට බස් යන්නෙ නෑනේ. අපිට වීල් එකක් අරන් තමයි යන්න වෙන්නේ. අනික ඬේ ඇන්ඞ් නයිට් එකක් නිසා මැච් එක ඉවරවෙලා එන්න ගියාම ෆුල් අනාථයි. ඒ වෙලාවට බසුත් නැහැ. හොඳ ප්ලේස් එකක් අහුවෙයිද දන්නෙත් නැහැනෙ මචං වාඩිවෙන්න. ගෙදර හිටිය නම් නිදහසේ හොඳ ආතල් එකක් අරන් රිප්ලේ ඔක්කොමත් එක්ක ලස්සනට බලන්න පුළුවන්නේ. ඒ එක්කම එක යාළුවෙක් බෑග් එකෙන් බෝතලයක් ඇදල ගත්තා එළියට. මැච් බලන්න යන ගමන එතනින්ම කෙළවර උනා.  ඕස්ටේ‍්‍රලියන් ටීම් එකට ගේමක් දෙන වැඬේට සපෝට් කරන්න යන්න ප්ලෑන් කරද්දී අපට ඇතිවෙච්ච ජාතිමාමක හැගීම්, දේශහිතෛශී හැගීම්, ශී‍්‍ර ලාංකීය හැගීම් ඔක්කොම එකපාරටම නැතිවෙලා ගියා.
ඊට පස්සේ අපි යාළුවගෙ කාමරේ තියන ලොකු ටී වී එක සද්දෙට දාගෙන පොඩි ෂොට් එකක් දාමින් මැච් එක බැලූවා.  ඕස්ටේ‍්‍රලියන් ටීම් එකේ විකට් යනකොට කෑ ගැහුවා. උඩ පැන්නා. අපේ අය හයේ හතර ගහනකොට ෆුල් සද්දෙට චියර් කරා. එකිනෙකා බදාගත්තා. ඒත් අන්තිමේ මැච් එකෙන් ලංකාව පැරදුනා. එක අතකට අපි නොගිය එකත් හොඳයි, මොකෝ අපි හතරදෙනා ගියා කියලා මැච් එක දිනන්නෙ නෑනේ. නිකං කට්ට කන්න වෙන එක විතරයි. මගේ යාළුවා කිව්වා. අපිට මාර අප්සෙට්. ඒ දුකටම අපි තව බෝතලයක් ගෙනත් බීලා එතනම වැටිල නිදාගත්තා.

මම මේ සිදුවීම ගැන කිව්වේ අද දවසේ ලාංකීකයන් බහුතරයක්  ඕනෑම වැඩක් වෙනුවෙන් පෙනී සිටින්නේ මෙන්න මේ ආකාරයෙන් බව පහදල දෙන්න. හැමෝම අයුක්තියට එරෙහියි, අසාධාරණයට එරෙහියි, අතුරුදහන්වීම් වලට එරෙහියි, ඒකාධිපති වියරුවට එරෙහියි, මානව හිමිකම් කඩවීම් වලට එරෙහියි, ලෝක බැංකුවට එරෙහියි, විදේශ රටවල අතපෙවීම් වලට එරෙහියි, බඩු මිල ඉහල යෑමට එරෙහියි, මාධ්‍ය නිදහස නැතිකිරීමට එරෙහියි, දූෂණයට වංචාවට එරෙහියි, රාජ්‍ය මර්ධනයට එරෙහියි, නමුත් ඒ එරෙහිවෙන්නේ තමන් ඉන්න තැන ඒ විදියටම ආතල් එකේ ඉන්න ගමන්. තමන්ගේ අනෙකුත් සියළුම පෞද්ගලික උවමනා එපාකම් සිදුකරගෙන අවසන් වූ ගමන්. වෙන අර්ථයකින් පවසනවා නම්, වෙන කරන්නම දෙයක් නැති නිසා ෆේස්බුක් එකට ලොග්වෙලා පිස්සු කෙලින ගමන්. එහෙම නැතුව කවුරුවත් ග‍්‍රවුන්ඞ් එකට බහින්නේ නෑ. මොකද ඒක කට්ට කන වැඩක්. තමන් ඉන්න තැනම නිදහසේ ඉඳගෙන ෆේස්බුක් දේශපාලනය කිරීම කොයිතරම් ලේසිද? කොයිතරම් ආතල්ද? මම මෙහෙම කියන්නේ ෆේස්බුක් හෝ වෙබ් අඩවි හරහා දේශපාලනය කිරීම වැඩක් නැති දෙයක් ලෙස සලකලා නෙමෙයි. ෆේස්බුක් සහ අනෙකුත් වෙබ් අඩවි මේ කාර්යයට හොඳ අවියක් ලෙස යොදාගන්න පුළුවන්. නමුත් සැබෑ ලෙසම සටන පොළවේ දියත්වෙනකොට, ෆේස්බුක් හරහා තම මතවාදය අවියක් කොටගත් තනි තනි මිනිසුන් බහුතරයක්, තමන්ගේ මතවාදය නියෝජනය කරමින් බිමට බහින්නෙ නැති එකයි ප‍්‍රශ්ණේ.
මෑත කාලයේ අපේ රටේ සිදුවූ සිදුවීම් දෙස බලනවිට අපට මෙය වඩාත් හොඳින් පෙනී යනවා. යුද්ධය අවසන් වී වසරක් ඉක්මගොස් ඇතත්, තවමත් උතුරු නැගෙනහිර ජනතාවගේ ප‍්‍රශ්ණවලට විසඳුම් ලැබී නැත. යුද්ධය අවසානයේ මහා වීරයෙක් වූ සරත් ෆොන්සේකා මහතා යුධ අධිකරණයකට පත්කොට සිරගත කොට තිබේ. මාධ්‍යවේදීන් මරා දමනු ලබන අතරම අතුරුදහන් වීම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. ප‍්‍රදීප් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදහන් කර වසරකට ආසන්න කාලයක් ගතවෙමින් තිබේ. අත්තනෝමතික ලෙස තම පාලනය කාලය දීර්ඝ කරගන්නට ජනාධිපති රාජපක්ෂ මහතා කෙසේ හෝ 18 වෙනි සංශෝධනය සම්මත කරවාගෙන ඒකාධිපති පාලනයකට රට ගෙනයෑමේ වැඩපිළිවෙල අරඹා තිබේ. විදේශ රටවල උවමනාවන් මත සිදුකරන විකාර ව්‍යාපෘති සඳහා මෙන්ම සිය ගණන් තමන්ට හිතවත් දේශපාලන මිතුරු මිතුරියන් විදේශ සංචාර රැුගෙන යන්නට මහජන මුදල් කෝට් ගණනින් වියදම් කරමින් පිස්සු කෙලිමින් සිටියි. මේ ආදී දහසකුත් එකක් කරුණුවලට එරෙහිව සැබෑ ලෙසම සංවිධානය වන්නේ කීයෙන කීදෙනාද? ඒ සඳහා දරන්නට වෙන අවදානම ගැන නොසිතා, ඒ වෙනුවෙන් ගෙවන්නට වෙන වන්දිය ගැන නොසිතා සැබෑ ලෙසම ග‍්‍රවුන්ඞ් එකට බැස වැඩකරන්නේ රටේ ජනතාවගෙනි කුමන ප‍්‍රතිශතයක්ද? නමුත් හවසට ෂොට් එකක් දාන්න සෙට්වූ විට, බස් එකේ යන එන විට, කාර්යාලයේ මිතුරන් සම`ග සිටින විට, වැස්සකට බස් නැවතුමකට වී සිටින විට, අන්තර්ජාලයේ සැරිසරන විට, පැරණි මිතුරන් මුණගැසුනු විට, මේ සියළු අසාධාරණයන්ට විරුද්ධව හ`ඩ නගන සහ ඒවාට විරුද්ධව කි‍්‍රයාකළ යුතුයැයි පවසන කොතරම් මිනිසුන් අපට මුණ ගැසී තිබේද? ප‍්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ගැන වෙබ් පිටු අස්සේ ලියමින්, අතුරුදහන් වී ගතවී ඇති දවස් ගණන ගැන ලොකුවට දමමින් ආතල් දේශපාලනයේ නිරතවන කෙතරම් පිරිසක් අපට මුණ ගැසී ඇත්ද? දහ අට වැනි සංශෝධනයට විරුද්ධව පාරට බසිමු යැයි එක්තරා පිරිසක් පෙරමුණ ගෙන කටයුතුකරද්දී, ග‍්‍රවුන්ඞ් එකට බැස ඊට සහයෝගය නොදී, ජන මතය පිළිබිඹු කළ හැකි සියළුම අවස්ථාවන් මග හරිමින් ෆේස්බුක් එකේ ස්ටේටස් හරහා පමණක් ඊට විරුද්ද වූ කෙතරම් පිරිසක් අපට මුණගැසී ඇත්ද?
රජයට එරෙහිව පෝස්ටර් ගැසීම තහනම් බව රජය පවසන විට, එය නොතකා පාරට බැස ඊට විරුද්ධ ජනමතය ගොඩනගන්නට පිරිසක් දිවි හිමියෙන් වීථි බසින විට, තවත් පිරිසක් අන්තර්ජාලය හරහා තම විරෝධය වචන වලින් සනිටුහන් කර ආතල් ගෙන තිබේද? තමන් ඉන්නා තැනම, තමන්ගේ සියළුම වැඩ ඉටුකරගනිමින්, වෙන කරන්නම දෙයක් නැති කමට ෆේස්බුක් එකට වී ජාතීමාමකයින්, දේශහිතෛශීන්, දේශපේ‍්‍රමීන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන්නන්, ඒකාධිපතිවාදයට එරෙහිවන්නන්ට අපට කියන්ට ඇත්තේ එක් දෙයක් පමණි. මේ ආතල් දේශපාලනය කිරීම හරහා අප පතනා කිසිඳු වෙනසක් සිදුකරගැනීමට අපට කිසිදා හැකිවන්නේ නැත. ඒ සඳහා අප පොළවට බැසිය යුතුමය. මෙවන් අවධානම් කාලයක සියල්ල පසෙක දමා එළියට බසින්නැයි අප ඔබට පවසන්නේද නැත.  ඕස්ටේ‍්‍රලියන් ටීම් එකට ගේම් එකක් දීමට අපේ පැත්තෙන් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තරගයට බහිනවා විනා, සමස්ථ ජනතාවම ගොස් කි‍්‍රකට් ගැසිය යුතු නැත. නමුත්, අවශ්‍ය වන්නේ සහයෝගයයි. සෘජුවම තරගයට බැස තිබෙන කිහිපදෙනා වෙනුවෙන් පෙනී සිටින්නට, ඔවුන්ට සහයෝගය දක්වන්නට, ඔවුන්ගේ කාර්ය වෙනුවෙන් චියර් කරන්නට, ඔවුන්ව දිරිමත් කරන්නට, ඔවුන්ගේ පසුපසින් මහා ජනතා බලවේගයක් නිරතුරුව ගැවසෙන බව පෙන්වා දෙන්නට, ප‍්‍රතිවාදීන් මානසිකව හෝ බිම දමන්නට, ඔවුන් තරග වදිනා ග‍්‍රවුන්ඞ් එකට බසින්නට කාලය එළඹ තිබේ. ඔබට දැක්විය හැකි අවම සහයෝගය එයයි.
ටී වී එක ඉස්සරහ ඉඳගෙන කොයිතරම් චියර් කළත්, කෙතරම් විසිල් ගැහුවත්, කොතරම් හ`ඩින් කෑ ගැසුවත්, තරගයේ නියැළෙන කණ්ඩායමට එය ඇසෙන්නේ නැත. එමගින් ඔවුන්ට ජීවයක් ලැබෙන්නේ නැත. එමගින් ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ යන්නේ නැත. ඔවුන්ට එය දිරියක් වන්නේද නැත. පරිගණක තිරයෙන්, රූපවාහීනි තිරයෙන් බලා චියර් කිරීමේ ආතල් දේශපාලනය අතහැර, බැනර් කොඩි රුගෙන පිට්ටනියට එන්න. තනි තනිව තම මතය නොපෙනනා මානයක සිට පවසනවාට වඩා, සියළු මතවාදයන් එක් තැනකට රැුස්වෙන තැනකට ඔබේ මතය රැුගෙන එන්න. මේ සටන ඉදිරියට ගෙනයන්න හවුල් වෙන්න. අඩුම තරමින් විසිල් පාරක් හරි ගහන්න. සයිබර් අවකාශයෙන් ඉඳහිට හෝ පොළවට බසින්න, එසේ නැතිනම්, ඔබේ සොහොන් කොත සයිබර් අවකාශයේම නිර්මාණය කරගන්න. මක්නිසාද යත් අප දිගින් දිගටම සිදුකරනා මේ ආතල් එකේ කරනා දේශපාලනයම,  අනාගතයේ දිනක මියගිය පසු නිදහසේ වළදමන්නට අපට නිදහස් බිමක්වත් ඉතිරිනොකරන්නට වග බලා ගන්නා නිසාවෙනි.

ඉන්දික ගුණවර්ධන –  2010-11-16