නීරෝ
රෝමය නෙමෙයි මේ
ඔබ කොහෙද මේ මෙහේ?
යන යන තැන
බලන බලන තැන
නීරෝ ඔබ
මේ රටේ හැමතැනම
ඒත්
කෝ ඔබේ වීණාව?
වීණාව වයන්නත්
අලසද දැන් ඔබ..?
නීරෝ
යන්න ඔබ
රෝමය නෙමෙයි මේ
ගිණි ගත්තාට
මේ තරම් සැරට
හෙවනැල්ල
ඔබ යන්න ඉදිරියෙන් මට
නැතිනම් සමාන්තරවම
මා සමග
හරි හරියට
පසුපසින් එන කිසිවෙක්
විශ්වාස නැහැ
දැන් මට
මේ අවිශ්වාසයේ කාලයයි
ජුදාස්ගේ ද්වීපයයි
එකට එක ළගින් හිඳ
දිය යටින්
ගිණි තබන්නන්ගේ දේශයයි
හෙවනැල්ල
ඔබ යන්න හෙමිහිට
බිඳක් හෝ ඉදිරියෙන් මට
අතනොහැර
ගමන් සගයව
තනියට
fyjke,a,
Tn hkak bÈßfhka ug
ke;skï iudka;rju
ud iu`.
yß yßhg
miqmiska tk lsisfjla
úYajdi keye
±ka ug
fï wúYajdifha ld,hhs
cqodiaf.a oaùmhhs
tlg tl <`.ska ys|
Èh háka
.sKs ;nkakkaf.a foaYhhs
fyjke,a,
Tn hkak fyñysg
ì|la fyda bÈßfhka ug
w;fkdyer
.uka i.hj
;kshg
උත්තරත් ධ‍්‍රැවයේ වෙසෙන
කුරුල්ලනි
දරාගත නොහැකි සීතෙන්
බැට නොකා
එන්න හනි හනිකට
මේ රටට
විඳගන්න මේ උණුසුම
මේ සියල්ලම දැන් ඔබගේය
මේ බිම ද ගහ කොළ ද
ඇළ දොළ ද
ඔබේමය
මල් ඵල දරන තුරු ද
සුව දෙන සිහින් මදනළ ද
ඔබේමය, ඔබේමය
මේ ඉර ද
ආගන්තුකය දැන් අපට
ඉර පවා නැගෙන්නේ ඔබටය
ඔබව උණුසුම් කර
සීත කාලය ගෙවාගන්නය
සඳ තරු පවා
පෙර මෙන්ම නොව
අමුතුය
කවි සිතුවිලි පවා
නොගෙනෙන්නේය
අනේ ඉන් කම් නැත
කවි වලින්
කාගෙනම් රැකේවිද බඩ වියත
හැකිතාක් කුරුල්ලන් පිරිවරා
හනි හනික පියාඹා ඔබ එන්න
සදෙව් ලොව දෙව් සැපත් විඳගන්න
සංචරන කුරුල්ලනි
පැමිණි පසු
මා මෙසේ කී වගක්
කිසිවකුට නොකියන්න
W;a;r;a O%ejfha fjfik
l=re,a,ks
ord.; fkdyels iSf;ka
neg fkdld
tkak yks ykslg
fï rgg
ú|.kak fï WKqiqu
fï ish,a,u ±ka Tnf.ah
fï ìu o .y fld< o
we< fod< o
Tfíuh
u,a M, ork ;=re o
iqj fok isyska uok< o
Tfíuh” Tfíuh
fï br o
wd.ka;=lh ±ka wmg
br mjd kef.kafka Tngh
Tnj WKqiqï lr
iS; ld,h f.jd.kakh
i| ;re mjd
fmr fukau fkdj
wuq;=h
lú is;=ú,s mjd
fkdf.fkkafkah
wfka bka lï ke;
lú j,ska
ldf.kï /flaúo nv úh;
yels;dla msßjrd
yks yksl mshdUd Tn tkak
ifoõ f,dj foõ iem;a ú|.kak
ixprk l=re,a,ks
meñKs miq
ud fufia lS j.la
lsisjl=g fkdlshkak
සාමයේ පණිවිඩය
ගෙනගියා අපි
ඒ කොණින් මේ කොණට
මේ කොණින් ඒ කොණට
නිදහසේ බුල්ඩෝසරයේ නැගී
අභිමානයෙන්
ජවයෙන්
මේ නුහුරු බිම උඩින්
කටු ඉපල් සහ වල් මෙන්ම
පළාවන් කෙත් උඩින්
ළපටි අත් දළු සොලවන
කුඩා තල් පැල මතින්
මල් පිපෙන්නට සිටි
දහස් මල් පැල මතින්
පිපුණු මල් පෙති මතින්
දැන් මෙබිම හිස්ය
සියල්ලෙන් නිදහස්ය…
මේ පොළව හඳුනන
ඒ මත ඉපිද දැඩිඋන
තැලී පොඩිවී මියැදුන
දහස් ගස්වල මුල් මත
යළිත් වැස්සක් වැටී
ජීවිතය
හිමි හිමින් දළු දමා නැගෙනතුරු…
දැනට මේ බිම හිස්ය
සියල්ලෙන් නිදහස්ය…
උතුර
මෙතුවක් නොදුටු මිතුර
එන්න ඉක්මන්කර
කැටුව
නෑ හිත මිතුරු සනුහර
යන්තමට පණ ගසන නිල් රළ
පාගන්න ඔබෙ දෙපයින්
ඉඳගන්න සුදු වැළි මත
දෑතම බිම ඔබා
පසුපසට වාරුව
සුවබරව
ගිලෙන්න කරවටක්
ශාන්තව රැළි නගන දියෙහි
විඳගන්න ඒ අමා සුව
දකුණු මුහුදේ කිසිදිනක නොදැණුනු
සුළං පිරවූ ටියුබයක
සැතපෙන්න උඩුකුරුව
දෑත දෙපයද විසුරුවා
හතර අත
හිරු රැසින් නහමින්
සැනසෙමින්
කෝ ඔබ
දකුණෙන් ගෙනා මධුවිත..?
තෙමන්න ඔබෙ දෙතොළ ඉන්
මත්වෙන්න මේ විසල් නිදහසින්
සිනාසෙන්න
මිතුරන් සමග මහ හඩින්
නිදහසේ උද්දාමයෙන්
ඇසෙන්නට
කිසිදින සිනා නොඇසුන
මේ උතුරු වෙරළට
වැතිරෙන්න සුදු වැල්ලෙහි
විදේශිකයකු මෙන්
සිඹින්නට ඉඩ දී හිරුට
ඔබේ නිරුවත් පිට
බලන්න මදක් හිස ඔසවා
සියොළඟම වැළි ගාගෙන
දූ සිඟිත්තන් තුටින් ඉපිළෙන
එනමුදු
එපා ඉඩදෙන්න දරුවන්ට
සුදු වැළි අතුළ මේ වැල්ල
හාරන්න දණක්වත් ගැඹුරට
තාම හරි තරුණයි
සිනිඳු වැළි මත වැළලුණු
මරණ සහතික නොලැබුණු
දහස් ගණනක් මළකුණු….
කොච්චරක් කල් නිදන්නද
මෙහෙම
මළවුන් සේම
නිහඬවම
දෙපස
ඇත් දළ ද
තෙල් දමා දල්වන
මලානික කහ පහන් වැටිය ද
මලින් කළ සැරසිලි ද
හඬ හඩා වැළපෙන
නෑ මිතුරන් ද හැර
අන් කවර වෙනසක් ද
මේ නින්ද ?
මියෙන ජීවිත ගැන
බිඳක් හෝ නොසිතන
ජීවත්වන මරණ…
නොදැනේද ඔබට
මහා දුර්ගන්ධයෙ අපුල
ඔබම කුණු වී නැගෙන
අරුණ ලැබුවා පමණි තව
ජීවිතය
තවම ළදරුය
මියෙන්නට මොහොතකට පෙර
එකම දවසක් හෝ
ජීවත්වෙන්න
නිදහසේ අලූත් හුස්මක් ගන්න
මේ අලස මරණයෙන්
නැගිටින්න
දෙපස
නියෝන් එළි මඟ කියන
මං තීරු අටක් ඇති
අධිවේගි මාර්ගය
මම
වේගයෙන් යමි
හැකිවෙර ගෙන
සුපිරි වාහන පසුකර
පාගමින් ඇක්සලේටරය
අහා මේ සුරපුරකි
මඟ දෙපස
විසල් මන්දිර
අහස උසටම ඉදිවුණු
සුරගනන් බඳු අගනන්
සරයි ඔබ මොබ
අතින් ගෙන දිගු පටි
බලු සුරතලුන් කර බැඳි
ලොවේ ඇති
සියළු සැප විකුණන
සුපිරි ගණයේ සල්පිල්
එකිනෙකට බද්දව
පිරී සෙනඟින් ශබ්දව
පිනට දෙන්නට
හැමතැනම බෝසත්වරු
කෝ කොහිද මේ යදියන්
කුඩා දරුවන් ගත් අතින්
කිසිදින සුව නොවෙන
ලෙඩ සැදි දහස් සිඟනුන්
මේ සුපිරි මඟ
කොහේදෝ රුගෙන යන්නේ මම
තව්තිසාවට ඇති දුර
ගසා සලකුණු කළ
කිලෝමීටර පුවරු පසුකර
ගැසූ හෙණ හඬට
තිගැස්සී එකවර
බලමි මම දෙනෙත් හැර
හාත්පස පිරි ඇත අඳුර
දනක් තෙක් කුණු පිරුණු වතුර
අහා සුරපුරකි මේ පුරවර
පෙර මෙන්ම
යළිත්
හොරු ඇවිත් නිවසටම
රුගෙන යන්නට
මගේ නිදහස් සිහින දෙන නින්ද
නින්ද නිදි මරන රාති‍්‍රයේ
පාළුවට ගිය පශ්චිම යාමය
අඳුරටත් වඩා අඳුරුය
සීතලය
නිරතුරුම
නිදහස් සිහින දුන් කොට්ටය
නැහැ දැන් හිසට
හොරු ඉරා විසිකලා එය
යළදු කිසිදා නොඑන්නට
ඔවුන්ටම පමණක් නපුරු වූ
සිහින කැන්දන
මා නින්ද
අසරණ කොට්ට පුළුං
මගේ සිතුවිලි සේම
තැන තැන
එහෙ මෙහේ විසිරෙමින්
කටු ඉපල් ඇති ගහක
අතු අගිස්සක
කළල් දිය පිරි වලක
මඩ කඩිත්තක
අළුයමට පෙර
දවසක් තරම් දිගු හෝරාවක්
ගෙවමි තනිවම මෙතන
නිහඩවම
හ්ම් හඩක්වත් නොනගාම
හිරු සමග එක්ව අළුයම
එකින් එක
ඇහිඳ වෙලාගත යුතුමය
දසත විසිරී අතරමං වූ
මගේ කොට්ට පුළුං
භීතියෙන් මග අවුරවා
හිරු නොබැස්සත් හෙට
කෙසේ හෝ දකින්නට
මහා සිහිනයක්
ඇත මට
මේ දැනෙන
ගිණි ගහන වියළි සුළඟ
එදවස
උතුරු සුළඟම වීය..
නිවෙන්නට නොදී
වෛරයේ ගිණි අගුරු
අවුලවයි හෙමි හෙමින් කොණක සිට
රාත‍්‍රිය නිදිවරන අඳුරු මුල්ලක
දිලිසෙන රුදුරු දෙනෙතින්
අඳුන් දිවියකු සේ
ඒ සුළඟ
මහැදුරන්, කලා කරුවන් එක්ව
තහනම් කළ වචන වැඩිකර
වියරුවේ ශබ්ද කෝෂය
නව මුද්‍රණයකින්
මහා වෙළුමක්ව
පිළිගන්වයි රජුට
නිදහස්ව
රාජ්‍ය සේවය කරනු පිණිස
තම හිත සුව පිණිස
රජගෙදර පරවියන් පවා
මත් වී නොනිම් බලයෙන්
පොරි බුදිනු වෙනුවට
කුඩා විහඟුන් තුඩින් ගෙන
ඉරා සැනසෙයි වියරුව
එහෙ මෙහේ විසිරෙන
සුසිනිඳු පියාපත් මත
නමක් නැති රුධිරය
ඒ රුධිරයෙන් පෙඟුණු පියාපත්
ගිණි පිඹින උතුරු සුළඟින්ම
මහා හුස්මක් ගෙන
ලබයි ජීවය සවිමත්ව
දිනෙන් දින
fï ±fkk
.sKs .yk úh<s iq<`.
toji
W;=re iq<`.u ùh”
ksfjkakg fkd§
ffjrfha .sKs w`.=re
wjq,jhs fyñ fyñka fldKl isg
rd;%sh ksÈjrk w÷re uq,a,l
È,sfik reÿre fofk;ska
w÷ka Èúhl= fia
ta iq<`.
uyeÿrka” l,d lrejka tlaj
;ykï l< jpk jeälr
úhrefõ Yío fldaIh
kj uqøKhlska
uyd fj¿ulaj
ms<s.kajhs rcqg
ksoyiaj
rdcH fiajh lrkq msKsi
;u ys; iqj msKsi
rcf.or mrúhka mjd
u;a ù fkdksï n,fhka
fmdß nqÈkq fjkqjg
l=vd úy`.=ka ;=äka f.k
brd iekfihs úhrej
tfy fufya úisfrk
iqisks÷ mshdm;a u;
kula ke;s reêrh
ta reêrfhka fm`.=Kq mshdm;a
.sKs msôk W;=re iq<`.skau
uyd yqiaula f.k
,nhs Ôjh iúu;aj
Èfkka Èk