පෙර මෙන්ම
යළිත්
හොරු ඇවිත් නිවසටම
රුගෙන යන්නට
මගේ නිදහස් සිහින දෙන නින්ද
නින්ද නිදි මරන රාති‍්‍රයේ
පාළුවට ගිය පශ්චිම යාමය
අඳුරටත් වඩා අඳුරුය
සීතලය
නිරතුරුම
නිදහස් සිහින දුන් කොට්ටය
නැහැ දැන් හිසට
හොරු ඉරා විසිකලා එය
යළදු කිසිදා නොඑන්නට
ඔවුන්ටම පමණක් නපුරු වූ
සිහින කැන්දන
මා නින්ද
අසරණ කොට්ට පුළුං
මගේ සිතුවිලි සේම
තැන තැන
එහෙ මෙහේ විසිරෙමින්
කටු ඉපල් ඇති ගහක
අතු අගිස්සක
කළල් දිය පිරි වලක
මඩ කඩිත්තක
අළුයමට පෙර
දවසක් තරම් දිගු හෝරාවක්
ගෙවමි තනිවම මෙතන
නිහඩවම
හ්ම් හඩක්වත් නොනගාම
හිරු සමග එක්ව අළුයම
එකින් එක
ඇහිඳ වෙලාගත යුතුමය
දසත විසිරී අතරමං වූ
මගේ කොට්ට පුළුං
භීතියෙන් මග අවුරවා
හිරු නොබැස්සත් හෙට
කෙසේ හෝ දකින්නට
මහා සිහිනයක්
ඇත මට